සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ නාලන්දා විද්‍යාලයේ සිසුන් පස්දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (16) නියෝග කළේය.
මෙම ගැටුම සම්බන්ධයෙන් මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු ආනන්ද විද්‍යාලයේ සිසුන් අට දෙනකු හා නාලන්ද විද්‍යාලයේ සිසුන් දෙදෙනකු ද රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය අද නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් ආනන්ද සහ නාලන්දා විදුහල් වල සිසුන් 15 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. අධිකරණය එම සිසුන්ට දැඩි ලෙස අවවාද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම සර් හෙන්රි ඕල්කොට් තුමා ,දැන් වැළපෙනවා \" මගේ දරුවෝ විනාශ වෙන හැටි කියල\"