වී අලෙවි මණ්ඩලයේ සිටින නිලධාරීන් වී අලෙවි මණ්ඩල පනත ගැන කිසිවක් නොදන්නා බව සමස්තා ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා අද (10) කීවේය.
වී අලෙවි මණ්ඩල පනත නොදන්නා නිලධාරීන් පිරිසක් සමඟ මෙරට ගොවි ජනතාවට කටයුතු කිරීමට සිදු ව ඇති බව කී කරුණාරත්න මහතා ගොවිජනතාව හා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට පිහිටවූ වී අලෙවි මණ්ඩලය එම දෙපාර්ශවයම සූරා කන බව ද පැවසීය.
ගොවි ජනතාව මුහුණ දී සිටින වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පිළිතුරු නොදෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කිරීමට මරදාන යුනියන් පෙදෙසේ පිහිටි වී අලෙවි මණ්ඩලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු එලෙස සඳහන් කළේය.
මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පිරිසක් වී අලෙවි මණ්ඩලයට ද ගියහ.
(වීඩියෝව ශාන්ත රත්නායක)



COMMENTS
රජ්‍ය නිළධාරින් හැමදේම දන්නවා. හැබැයි තමන් කරන්නේ මොකක්ද, තමන්ගෙන් වෙන්න ඕනෑ මොකක්ද කියලා දන්නේ නැහැ. (නි)
ඕක මොකක්ද, සමහර පනත් ඒවා හදපු අයවත් දන්නේ නැතිකොට....! (නි)
පත්තරේ බැලුවේ නැද්ද? සමහරු සමහර කරුණු දැනගන්නේ පත්තරය කියවලානේ (නි)
මෙයාලා වී අලෙවි මණ්ඩලය සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ පනත ගැන දන්නේ නැත්නම් ඔය පුටුවේ ඉන්නේ මොකටද? ඔය මණ්ඩලයට මහලොකු රාජකාරියක් තියෙනවද? වී ටික ගොවියාගෙන් අරගෙන ගබඩා කරන එක විතරනේ තියෙන්නේ. (නි)
ආණ්ඩුවේ ක්‍රියාශීලිත්වය මනාව පිළිඹිබුවෙන අවස්ථාවක්. (නි)
සාමාන්‍යධිකාරීතුමා (රජය) පව්! (රේ)
එහෙම කියන අය නම් වී මණ්ඩලය ගැන හොඳට දන්නවා ඇති නේද? (නි)
සියළු නිලධාරීන් එතකොට මොකුත් නොදන්නා බබාලද? අනේ මන්දා මේවා? (නි)