ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී නිලූක කරුණාරත්නගේ ඉල්ලීමට අනුව පෝලන්තයේ ජාතික බැඞ්මින්ටන් පුහුණුකරුගේ සේවය ලබා දුන් බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසීය. පෝලන්තයේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කොරියානු ජාතික කිම් යන්ග් මැන් මහතාය. මාධ්‍ය මෙන්ම ක‍්‍රීඩා ලෝලීන් ද නිලූකගේ පුහුණුකරුධුරය පිළිබඳව විවිධ මත පල කර ඇති බවත්, නිලූක සහභාගිවු තරග දෙකේදීම පෝලන්ත පුහුණුකරු නිලූකට උපදෙස් ලබාදුන් බවත් බස්නායක මහතා පවසයි. කිම් යන්ග් මහතා පෝලන්ත බැඞ්මින්ටන් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීම නිසා නිලූක සහභාගි වු තරගවලදී පුහුණුකරු ලෙස ළඟ සිට උපදෙස් ලබාදීමේ හැකියාවක් ඔහුට නොමැති වු බවද බස්නායක මහතා කීය. ලූවී කරුණාරත්න මහතා නිලූකගේ පෞද්ගලික පුහුණුකරු ලෙස පත් කරන ලෙස ඔහු කළ ඉල්ලීම ජාතික ඔලිම්පික් කමිටුවට බැඞ්මින්ටන් සංගමය ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වු කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ජාතික ඔලිම්පික් කමිටුව අනුගමනය කළ ප‍්‍රතිපත්ති අනුව එය ක‍්‍රියාත්මක නොවු බවද ඔහු පැවසීය. මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වු ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දෙනා සඳහා කළමනාකරුවන් පත්කර තිබුණ ද ඔවුන් සඳහා පුහුණුකරුවන් පත්කර නොතිබුණි. කිම් යන්ග් මහතාගේ සේවය ඉදිරියේදී යළිත් නිලූකට ලබාදීම පිළිබඳව සාකච්ඡා පැවැත් වු බවද බස්නායක මහතා පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු පවු පිටිපස්සෙන් එනවා මහත්තයෝ. මිනිස්සු ගොනාට අන්දන්න හදන්න එපා. පුහුණුකරු පුහුණුවන්නා ළඟ සිටිය යුතු නිත්‍ය කෙනෙක්. වෙන කොහේ හරි කලින් පුහුණු කරපු කෙනෙක් මුණ ගැහිලා පුද්ගලිකව උපදෙස් ගත්ත එක මේකට ගාව ගන්නේ ඇයි? රට වෙනුවෙන් නිලුකට තව ඉස්සරහට යන්න, සමහර විට පදක්කමක් දක්වා වුණත් යන්න තිබුණු අවස්ථාව නැති වුනේ, පුහුණුකරුවන්ට යාමට අවස්ථාවක් ලබා නොදීම නිසයි. කියමු බලන්න, පුහුණුකරු නොයවා ඔබතුමා එතනට ගියා කියලා නිලුක වෙනුවෙන් හරි රටේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් හරි මොනවාද වුණේ කියන එක ? (නි)
මේවා කොහොම කියනවද දන්නේ නැහැ. (නි)
අවශ්‍ය අවස්ථාවේදී නැත්නම් දැන් ඒ ගැන කතා කරලා ඇති වැඩේ මොකක්ද? (නි)
කියන්න බලන්න ක්‍රීඩකයන්ට අමතරව ගිය අනෙක් කට්ටිය කවුද කියලා. (නි)
අනවශ්‍ය අයනෙ ගිහිං තියෙන්නෙ..!!(නු)
දැන් බොරුවට බයිලා කිවුවට වැඩක් නැහැ. රටම ඇත්ත දැනගෙන ඉවරයි. (නි)
ලංකාවේ ක්‍රිඩාව සදහා චින සහය ලබාගත නොහෑකිද? (අ)
නිලූකට පෝලන්තයත් එක්ක තරගයක් තිබුණා නම් අපිට හොද තරගයක් බලා ගන්න තිබුණා. (නි)
පුදුම කතාවකේ නේ මේක. ක්‍රීඩකයට වඩාත් අවශ්‍යවන්නේ පුහුණුකරු. සභාපතිලා හෝ කළමනාකරුවා නොවේ. ඔය ගේන තර්කය අනුව පෝලන්ත බැඩ්මින්ටන් සංගමයේ සභාපතිට හෝ පෝලන්ත කණ්ඩායමේ වෙන නිලධරියෙකුට ලංකාව ගැන හොයල බලන්න කිව්වනම් ඉවරෙනේ...(නු)
ලංකාවේ ක්‍රීඩකයන් එක්ක කළමනාකරුවන් විතරක් ගියාට ලෝකයේ අනෙක් රටවල ක්‍රීඩකයන් එක්ක පුහුණුකරුවන් ඉන්නවා. මේ හැම ක්‍රීඩකයකුම සෙල්ලම් කරද්දී ඒ අයට තමන්ගේ පුහුණු කරුවන් උපදෙස් දෙන විදිය අපිට පේනවනේ. ලංකාවට කොහොමද මේ විදියට පදක්කමක්වත් ගන්න අවස්ථාව ලැබෙන්නේ? සුසන්තිකා,සුගත්,දමයන්ති,ශ්‍රියානිලාගෙන් පස්සේ අපේ මළල ක්‍රීඩාව නැත්තටම නැතිවෙලා. මේ හැම දේටම වග කියන්න ඕනෑ විපක්ෂය. රටට මේ තරම් විනාශයක් වෙලා තියෙන්නේ හරියට කොන්ද පණ තියෙන හරි විපක්ෂයක් නැති එක නිසයි. (නි)
මේකත් අර බාල තෙල් කතාව වගෙයි නේද? (නි)
රුක්ෂාන්, වැරදි වැඩ නොකරන්න විපක්ෂයක් ඕනෙම ද? එහෙම බැලුවොත් ගෙයක් බිඳපු හොරෙකුට වුණත් පුළුවන් හොරකම සාධාරණීකරණය කරන්න, ගෙදර දොර ජනෙල් ශක්තිමත්ව හදල තිබුණේ නැහැ කියලා. යම් තනතුරක් දරන අය දැනගන්න ඕනේ වගකීමෙන් වැඩ කරන්න. (නි)