IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නිලූක හෙට යළිත් තරග බිමේ

ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පිරිමි කේවළ ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයේ තරගය (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) හෙට (1 වැනිදා) වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. නිලූක, පෙර අර්ධ අවසන් පුර්ව වටයේදී ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි සමඟ තරග වදියි. කාශ්‍යප පරුපල්ලි සහ වියට්නාමයේ ටින් මින්ග් නගුයෙන් අතර අද (31) පැවැති ‘ඞී’ කොටසේ තරගයෙන් ඉන්දිය ක‍්‍රීඩකයා 21/9, 21/14 ක් ලෙස ජය ලබා ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියේය. මුලික වටයේ තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 8 වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටගෝ පරාජය කරමින් නිලූක, පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියේය. මෙම විශිෂ්ට ජයත් සමගින් නිලූකට හෙට හමුවන 26 හැවිරිදි ඉන්දියාවේ කාශ්‍යප, ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 21 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය. කාශ්‍යප හමුවේ ඊයේ පරාජය වු වියට්නාම් ක‍්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේ සිටියි. ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප සමග නිලූක තරගවදින පළමු අවස්ථාව මෙය නොවේ. මෙම වසරේ ජනවාරී මස ස්විඩනයේ පැවැති ‘ස්විඩන්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක සහ කාශ්‍යප තරගයකට සහභාගිවී ඇති අතර එහිදී 21/12, 19/21, 21/12 ක තියුණු තරගයකින්  පසුව කාශ්‍යප ජය ලබා තිබේ. එසේ වුවත් 27 හැවිරිදි නිලූක, මේ වන විට ලෝකයේ අට වැනියා පරදවා වත්මන් ලෝක බැඞ්මින්ටන් පිටියේ පෙරළියක් ඇති කළ ක‍්‍රීඩකයා බවට පත්ව සිටියි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කොතරම් දක්‍ෂයන් තරග කළත්, තරගය පැවැත්වෙන දිනයේ වාසනාව, දක්‍ෂතාව හිමි ක‍්‍රීඩකයාට ජය හිමිවන බව නිලූක, පළමු වටය ජය ගැනීමෙන් පසුව මාධ්‍යයට පැවසීය.නිලූක කරුණාරත්න



අදහස් (0)

නිලූක හෙට යළිත් තරග බිමේ

අනුර Tuesday, 31 July 2012 11:06 PM

ඔයා හෙටත් දිනනවා නිලුක.. ඔබට දෙවි පිහිට ලැබේවා..!!(නු)

:       0       0

ගයාන් චින්තක Wednesday, 01 August 2012 03:22 AM

අපේ නිලුක අද තරගය දිනලා සුපිරි අට දෙනාට තේරෙනවා.. ලංකා මාතාව නැවත ඔලිම්පික් පදක්කමින් බබලවන්නට ඔයාට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා.. නිලුක..!!(නු)

:       0       0

සනත් ඉන්දික Wednesday, 01 August 2012 03:47 AM

නිලුක ඔබට සැමගේ ශක්තියෙන් හෙට දිනන්න ලැබෙන්න ඕනේ අපේ 11 දෙනෙකුට තමා ගහගන්න බැහැ ඉන්දියාවට ඔයා එක හෙට තනියම කරලා පෙන්වන්න කොහොමත් ඉන්දියාවට අපිට රිදවන්න පුළුවන් ඔකොම තමයි (නු)

:       0       0

ප්‍රියන්ත Wednesday, 01 August 2012 04:18 AM

සුභ පැතුම්...!(නු)

:       0       0

සම්පත් Wednesday, 01 August 2012 06:17 AM

ජය ජය ජය ජය වේවා...! සියළු දෙවියන් රැක දේවා....!!(නු)

:       0       0

අශාන් Wednesday, 01 August 2012 07:00 AM

ගහපන් කොල්ලෝ ගහපන්. දිනන එක ෂුවර්. (නි)

:       0       0

අමිල Wednesday, 01 August 2012 07:09 AM

ජය වේවා! (නි)

:       0       0

නාවලගේ Wednesday, 01 August 2012 08:15 AM

නිලූක, අපිට අවශ්‍ය පදක්කමක්...... (නි)

:       0       0

ඉසුරු Wednesday, 01 August 2012 09:52 AM

ලක් පුතණුවනි, ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

අසින්ත Wednesday, 01 August 2012 09:59 AM

නිලූකට කතරගම දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 August 2012 10:02 AM

නිලූක, ඔබට අපගේ ජනතා විමුක්ති පෙරමුණේ ආචාරය! ජය ගැනීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

චානක Wednesday, 01 August 2012 10:24 AM

ජය වේවා සහෝදරයා! (නි)

:       0       0

බුද්ධික Wednesday, 01 August 2012 10:25 AM

ඔයා හෙටත් දිනනවා නිලුක.. ඔබට දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

චමිල Wednesday, 01 August 2012 10:33 AM

නිලූක, ලංකාවේ එකම බලාපොරොත්තුව ඔබයි. (නි)

:       0       0

ජනක Wednesday, 01 August 2012 10:53 AM

හොද තරගයක් දෙන්න මල්ලී. සියළු දෙවි පිහිටයි! (නි)

:       0       0

චමින්ද Wednesday, 01 August 2012 02:27 PM

තියුණු තරගයක් යනවා....... අපේ කොල්ලට දිනන්න ශක්තිය ලැබේවා....... (නි)

:       0       0

අමිල Tuesday, 31 July 2012 10:34 PM

නිලූක, ලක බැබළවීඹට ධෛර්යයෙන් අධිෂ්ඨානයෙන් ජය ටැඹ කරා පිය නැගීමට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site