ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පිරිමි කේවළ ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයේ තරගය (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) හෙට (1 වැනිදා) වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. නිලූක, පෙර අර්ධ අවසන් පුර්ව වටයේදී ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි සමඟ තරග වදියි.
කාශ්‍යප පරුපල්ලි සහ වියට්නාමයේ ටින් මින්ග් නගුයෙන් අතර අද (31) පැවැති ‘ඞී’ කොටසේ තරගයෙන් ඉන්දිය ක‍්‍රීඩකයා 21/9, 21/14 ක් ලෙස ජය ලබා ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියේය.
මුලික වටයේ තරගයේදී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 8 වැනි ස්ථානයේ සිටි ජපානයේ කිනිචි ටගෝ පරාජය කරමින් නිලූක, පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණියේය.
මෙම විශිෂ්ට ජයත් සමගින් නිලූකට හෙට හමුවන 26 හැවිරිදි ඉන්දියාවේ කාශ්‍යප, ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 21 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය. කාශ්‍යප හමුවේ ඊයේ පරාජය වු වියට්නාම් ක‍්‍රීඩකයා ලෝක ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේ සිටියි.
ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප සමග නිලූක තරගවදින පළමු අවස්ථාව මෙය නොවේ. මෙම වසරේ ජනවාරී මස ස්විඩනයේ පැවැති ‘ස්විඩන්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක සහ කාශ්‍යප තරගයකට සහභාගිවී ඇති අතර එහිදී 21/12, 19/21, 21/12 ක තියුණු තරගයකින් පසුව කාශ්‍යප ජය ලබා තිබේ.
එසේ වුවත් 27 හැවිරිදි නිලූක, මේ වන විට ලෝකයේ අට වැනියා පරදවා වත්මන් ලෝක බැඞ්මින්ටන් පිටියේ පෙරළියක් ඇති කළ ක‍්‍රීඩකයා බවට පත්ව සිටියි.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කොතරම් දක්‍ෂයන් තරග කළත්, තරගය පැවැත්වෙන දිනයේ වාසනාව, දක්‍ෂතාව හිමි ක‍්‍රීඩකයාට ජය හිමිවන බව නිලූක, පළමු වටය ජය ගැනීමෙන් පසුව මාධ්‍යයට පැවසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලූක, අපිට අවශ්‍ය පදක්කමක්...... (නි)
තියුණු තරගයක් යනවා....... අපේ කොල්ලට දිනන්න ශක්තිය ලැබේවා....... (නි)
හොද තරගයක් දෙන්න මල්ලී. සියළු දෙවි පිහිටයි! (නි)
නිලූක, ලංකාවේ එකම බලාපොරොත්තුව ඔබයි. (නි)
ඔයා හෙටත් දිනනවා නිලුක.. ඔබට දෙවි පිහිට ලැබේවා! (නි)
ජය වේවා සහෝදරයා! (නි)
නිලූක, ඔබට අපගේ ජනතා විමුක්ති පෙරමුණේ ආචාරය! ජය ගැනීමට ශක්තිය ලැබේවා! (නි)
නිලූකට කතරගම දෙවියන්ගේ පිහිටයි! (නි)
ලක් පුතණුවනි, ඔබට ජයෙන් ජය! (නි)
නිලූක, ලක බැබළවීඹට ධෛර්යයෙන් අධිෂ්ඨානයෙන් ජය ටැඹ කරා පිය නැගීමට අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය ලැබේවා! (නි)
ජය වේවා! (නි)
ගහපන් කොල්ලෝ ගහපන්. දිනන එක ෂුවර්. (නි)
ජය ජය ජය ජය වේවා...! සියළු දෙවියන් රැක දේවා....!!(නු)
සුභ පැතුම්...!(නු)
නිලුක ඔබට සැමගේ ශක්තියෙන් හෙට දිනන්න ලැබෙන්න ඕනේ අපේ 11 දෙනෙකුට තමා ගහගන්න බැහැ ඉන්දියාවට ඔයා එක හෙට තනියම කරලා පෙන්වන්න කොහොමත් ඉන්දියාවට අපිට රිදවන්න පුළුවන් ඔකොම තමයි (නු)
අපේ නිලුක අද තරගය දිනලා සුපිරි අට දෙනාට තේරෙනවා.. ලංකා මාතාව නැවත ඔලිම්පික් පදක්කමින් බබලවන්නට ඔයාට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා.. නිලුක..!!(නු)
ඔයා හෙටත් දිනනවා නිලුක.. ඔබට දෙවි පිහිට ලැබේවා..!!(නු)