(විනීතා එම් ගමගේ)
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත් අඩංගුවට ගැනීමට තබා වැඩ තහනම් කිරීමට හෝ ආණ්ඩුව පියවර නොගන්නේ පසුගිය මාර්තු මාසයේ දිගන සිදුවූ ජාතිවාදි කෝලහලය පිටුපස ආණ්ඩුව සිටි බව නාලක සිල්වා හෙළි කරනු ඇතැයි බිය නිසා යැයි පිවිතුරු හෙළ අරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු මේ වනවිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු මිස ඇප දීමට පවා නොහැකි වරදක් වන රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් සිදු කර ඇතැයි හෙළි වී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
ඔහු නිදැල්ලේ සිටීම මඟින් සාක්ෂි කරුවන්ට බලපෑම් කිරීම හා සාක්ෂි විනාශ කිරීමට ඉඩ ඇත්නම් හෝ මහජන කැළඹීමකට තුඩු දෙත් නම් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බව ඇප පනතේ දැක්වෙන්නේ යැයි ද ගම්මන්පිල මහතා කීය.
රාජ්‍ය නායකයා මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම හුදු මිනීමැරීමකට තැත් කිරීමක් නොවන බවත් එය රාජ්‍ය විරෝධි කුමන්ත‍්‍රණයක් සිදු කිරීමක් බවත් පැවසූ මන්ත‍්‍රීවරයා මේ වන තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට වත් ගෙන නැතැයි පැවසීය.
මේ ආණ්ඩුව නාලක ද සිල්වාට බයයි. පසුගිය මාර්තු මාසයේ දී දිගන සිදුවුණු ජාතිවාදි කෝලහාලය පිටුපස හිටියේ ආණ්ඩුවයි. එය ජාතිවාදි කෝලහාලයක් නොව ආණ්ඩුව විසින් මුස්ලිම් ජනතාව මත රාජ්‍ය ත‍්‍රස්ථවාදය මුදා හැරීමක්. රාජන් හූල් පෙන්වා දුන් ආකාරයට 1983 ජූලි කලබල ඇති කලේ එක්සත් ජාතික පක්ෂය වගේම 2018 මුස්ලිම් විරෝධී කලබල ඇති කලේත් එක්සත් ජාතික පක්ෂයයි.
දැවැන්ත මැතිවරණ පරාජයකින් පසු ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්න කියලා සමාජයෙන් මතු වුණු ප‍්‍රබල මතය වෙන අතකට යොමු කරන්නයි ආණ්ඩුවට වුවමනා වුණේ. ඒ නිසා තමයි තෙල්දෙණියේ සිට දිගන දක්වා වූ කිලෝ මීටර හයක් කෝලහාලකරුවන් දේපල හානි කරමින් ඉදිරියට ඇදෙද්දී පොලිසිය කිසිම පියවරක් නොගත්තේ. මේ සියල්ල ලස්සනට වහලා වෙනත් පිරිසක් මත වරද පටවන්න කටයුතු කලේ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා. මේ හේතුව නිසා තමයි ඔහු වැඩ තහනමට ලක් කරන්න ඔහුට විරුද්ධව කටයුතු කිරීමට ආණ්ඩුව බියක් දක්වන්නේ.’’ යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක් ගැනම කල්පිත නිර්මාණය කරන්න විතරක් නෙවේ. ඒවා යථාර්ථ ලෙස සමාජ ගත කරන්නත් මේ මහත්තයට පුදුමාකාර හැකියාවක්නේ තියෙන්නේ. හැබැයි ඉතින් අර අන්දරය වගේ කියපු කිසිදෙයක් තවම ඇත්ත වෙලානම් නැහැ.
මේවා මේ ගමේ කඩ පිල් ගානේ යන අය ගහන කයිවාරු කතානේ..
ඔන්න ජාතිවාදය අදිනවා අායෙමත්. මේ අයට ඕනේ ජාතිවාදයෙන් ජනතාව රවට්ටලා ඡන්දෙ ගන්නයි. අර අනිත් බොරු දේවලට උසාවි යනවා වගේ ඉතින් ගිහින් මේ කියන නියෝජ්‍ය පොලිස්පතිට නඩුවක් දාන්නකෝ වහාම අත්අඩංගුවට ගන්න කියලා. මෙතුමාත් බයයි මම හිතන්නේ...