ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහභාගිවන පෙර අර්ධ අවසන් පුර්ව තරගයට (ක‍්‍රීඩකයන් 16 දෙනාගේ වටය) අනිද්දා (01) වෙම්බ්ලි ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මුලික වටයේ ‘සී’ කාණ්ඩයේ තරගයේදී ජපානයේ කිනිචි ටගෝ පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ පෙර අර්ධ අවසන් පුර්ව වටයට අද (30) සුදුසුකම් ලැබීය.
බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ අට වැනි ස්ථානයේ සිටි ජපානයේ ක‍්‍රීඩක ටගෝ පරදවා නිලූක ලබාගත් මෙම ජයග‍්‍රහණය මෙරට බැඞ්මින්ටන් ක‍්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ජයග‍්‍රහණය ලෙසද වාර්තාගත වෙයි.
‘‘ඔලිම්පික් ක්රීඩා උළෙල ආරම්භවීමට දින කිහිපයකට පෙර විවේකයක් ලබා ශාරීරිකව හා මානසිකව හොඳ ශරීර සුවතාවයකින් මම පසු වුණා. ඒ වගේම ජපන් ක‍්‍රීඩකයා පිළිබඳව හොඳ අධ්‍යයනයක් කළා. මම තරගයේ ආරම්භයේ සිට ඔහු සමග කරට කර ක‍්‍රීඩා කර තරගයේ වාසිය ලබා ගන්න මට හැකි වුණා යැයි’’ තරගය අවසානයේ නිලූක පැවසීය.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී කොයිතරම් දක්‍ෂයන් තරග කළත්, තරගය පැවැත්වෙන දිනයේ වාසනාව, දක්‍ෂතාව තිබෙන ක‍්‍රීඩකයාට ජය හිමිවන බව නිලූක වැඩි දුරටත් පැවසීය.
ඉන්දියාවේ කාශ්‍යප පරුපල්ලි සහ වියට්නාමයේ ටින් මින්හ් නගුයෙන් අතර හෙට (31) පැවැත්වෙන ‘ඞී’ කොටසේ තරගයෙන් ජය ගන්නා ක‍්‍රීඩකයා සමග නිලූක තරග කිරීමට නියමිතව ඇතැයි ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා පැවසීය.
නිලූක මෙම ඉන්දීය සහ වියට්නාමයේ ක‍්‍රීඩකයන් දෙදෙනා සමග වසර කිහිපයකට ඉහතදී තරග කර ඇතැයි බස්නායක මහතා පැවසීය.
එහිදී නිලූක, ඉන්දිය ක‍්‍රීඩකයා සමග තරග වට තුනක තියුණු තරගයකින් පසුව පරාජය ලබා ඇති අතර වියට්නාමයේ ක‍්‍රීඩකයාව පරාජය කිරීමට නිලූක සමත්ව තිබේ. ලෝකයේ ඉදිරියෙන් සිටි ජපන් ක‍්‍රීඩකයාව පරාජය කිරීමත් සමග නිලූක ජයග‍්‍රාහී මානසික මට්ටමක පසුවන බව ද බස්නායක මහතා පවසයි.
ඉන්දිය ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 21 වැනි ස්ථානයේද, වියට්නාම ක‍්‍රීඩකයා ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයේද පසුවෙයි.
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක 30 වැනි ස්ථානය ලබා ගත්තේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකාවේ පළමු ක‍්‍රීඩකයා වෙමිනි.
පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගි වු නිලූක එරට සිට ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ලන්ඩන් නුවර පැමිණියේය. ඔහු ඔලිම්පික් උළෙලට සහභාගි වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වේ.
2010 වසරේදී තරග තහනමකට ලක්වීම නිසා පිට පිට 10 වැනි වරටත් පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ නිලූක, 2011 වසරේ යළිත් වරක් ජාතික ශූරතාව දිනා ගත්තේ වත්මන් බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ තමාට තර්ජනයක් නැති බව තවදුරටත් පසක් කරමිනි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේක කියන්න වචන නැහැ.. සුභ පැතුම් නිලුක ඉදිරි තරගවලට.. (නු)
එල....එල..(ස)
අපි ගොඩක් සන්තෝසයි ඔබලාගේ දක්ෂතා ගැන (දී)
සුභ පැතුම් නිකුක. ඔබට ජය (දී)
අපේ සුබ පැතුම් නිලුක (දී)
සුභ පැතුම්...ජය වේවා .!!!(ස)
ඔබගේ සහජ හැකියාවට අපේ සුබපෙතුම් නිලුක (දී)
සතුටුයි නිලුක.. ඔහොම යං.. මුළු ලංකාව ඔබට ධෛර්යය පතනවා..!!(නු)
නිලුක ඔබ ඉතා දක්ෂයි.. ඔහොම ඉදිරියටම යන්න...(නු)
සුභ පැතුම් නිලුක ජයෙන් ජය...!!
ලංකාවේ කොල්ලන්ට ජයවේවා (දී)
සුභ පැතුම්..........! (ස)
සුභ පැතුම්..!!(නු)
ක්රීඩා නිලධාරීන් 30-40 දෙනෙක් රට සවාරි වලට වියදම් කරන සල්ලිවලින් ක්‍රීඩාවේ යටිතල පහසුකම්වලට යෙදෙව්වනම් ලංකාවෙ ඉන්න මෙවැනි දක්ෂ ක්‍රීඩකයන්ට පදක්කම් ගැනීම පහසු වෙනවා..!! (නු)
නිලුක ඔබට ලැබෙන සුභ පැතුම් සහ ජනප්‍රසාද ඔබ බලහත්කාරටෙයන් ලබා ගත්දේවල් නොවෙයි.. ඔබේ දක්ෂකම සහ ක්‍රීඩාශ්‍රීලී කම සහ නිහතමානීකම නිසා මේ සෑම දෙයක්ම ඔබ පසුපස හඹා ආවා..ඔබට ජයෙන් ජය ලැබේවා..!!(නු)
නිලුක ඔබට දළදා සමිදු පිහිටයි..!! (නු)
සැමදා ඔබට ජය !!!(නු)
පදක්කම් නැතිවුණත් ඔබේ දක්ෂතාවය අපිට ගොඩක් වටිනවා.. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!!(නු)
අපේ රටට හා බලපිටියට ඔබ සම්පතක්.. ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.. ජය වේවා..!!(නු)
සුභ පැතුම් සහෝදරයා.. ඉදිරියටම යං...!!(නු)
නිලුක ඔබ රටටත් , ගමටත් සැබෑ ආඩම්බරයක්.ඉතා දුෂ්කර කටුක මාර්ගයක පැමිණි ඔබ අද ඔලිම්පික් ක්රීඩා උළෙල රන් පදක්කමින් බැබළුවා. .... සුභ පැතුම්! (නි)
මට විශ්වාශයි ඔබ ඔලිම්පික් පදක්කමක් දිනා ගන්නා බව. සුභ පැතුම්! (නි)
ඔබ ශ්‍රේෂ්ඨයි. අපිට ආඩම්බරයි. (නි)
නියමයි නිලූක. ඔයාට හදවතින්ම ජය පතනවා. (ත)
ඔබට ජයෙන් ජය (දී)
තව ඉදිරියට යන්න සුබ පැතුම් (දී)
ලංකාවේ අපේ කොල්ලන්ට බැරි දෙයක් නැහැ (දී)
ලංකාව බබළවන්න නිලූකට හැකි වේවා! (නි)
නිලූක අපේ රටට පදක්කමක් ගෙන එන්න..(ස)
නියමයි නිලුක සුභපැතුම් ඔබට (දී)
විශිෂ්ඨයි..සුභ පැතුම්...(ස)
මේකත් ලොකු ජයක්.සුබ පැතුම්!(ස)
ඔබට ජය !(ස)
නියමයි නිලූක. අපේ රටට පදක්කමක් ගෙන එන්න.ඔබට ජයෙන් ජය..(වි)
ඔබට ජයම වේවා (දී)
ඔබට ජය .ලක් වැසියන් ඔබ සමඟයි .ජය පරාජයට වඩා සහභාගීවීමයි වැදගත්...(ස)
නිලූක ඔයාට මේ තරම් දුරක් යන්න ලැබීමම වාසනාවක්,කොහොම හරි පදක්කමක් ලබා ගන්න උත්සාහ කරන්න..(ස)