ස්විඩනයේදී දැන් පැවැත්වෙන ‘ස්විඩන්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයේදී ඉන්දීය ක‍්‍රීඩක පරුපල්ලි කොස්යප් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න වට තුනක තියුණු තරගයකින් පසුව අද (20) පරාජයට පත්විය. කෙසේ වෙතත් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 78 වැනි ස්ථානයේ සිටි නිලූක මේ වන විට 72 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.
ලෝක බැඞ්මින්ටන් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 29 වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන පරුපල්ලි පළමු වටයේදී 21/12 කින් පරාජය කිරීමට නිලූක සමත්විය. දෙවැනි හා තෙවැනි වට 21/19, 21/12 ක් ලෙස ඉන්දිය ක‍්‍රීඩකයා ජය ගත්තේය. පරුපල්ලි තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටි ක‍්‍රීඩකයා ද වේ.
නිලූක පළමු වටයේදී ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 74 වැනි ස්ථානයේ සිටින චෙක් ජනපදයේ පීටර් කොවුකල් (21/12, 21/16) පහසුවෙන් පරදවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. නිලූක මෙම වසරේදී ලන්ඩන්’හි පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසන්නතම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා බවට ද මේවන විට පත්ව සිටියි.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිලූක ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට