ස්විඩනයේදී දැන් පැවැත්වෙන ‘ස්විඩන්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයේදී ඉන්දීය ක‍්‍රීඩක පරුපල්ලි කොස්යප් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න වට තුනක තියුණු තරගයකින් පසුව අද (20) පරාජයට පත්විය. කෙසේ වෙතත් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 78 වැනි ස්ථානයේ සිටි නිලූක මේ වන විට 72 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි.
ලෝක බැඞ්මින්ටන් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 29 වැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයකු වන පරුපල්ලි පළමු වටයේදී 21/12 කින් පරාජය කිරීමට නිලූක සමත්විය. දෙවැනි හා තෙවැනි වට 21/19, 21/12 ක් ලෙස ඉන්දිය ක‍්‍රීඩකයා ජය ගත්තේය. පරුපල්ලි තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටි ක‍්‍රීඩකයා ද වේ.
නිලූක පළමු වටයේදී ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ 74 වැනි ස්ථානයේ සිටින චෙක් ජනපදයේ පීටර් කොවුකල් (21/12, 21/16) පහසුවෙන් පරදවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. නිලූක මෙම වසරේදී ලන්ඩන්’හි පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ ආසන්නතම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා බවට ද මේවන විට පත්ව සිටියි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd