IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නිලූක පිරිමි කේවල ශූරතාව දිනාගනී

ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ‘ඉරාන් ෆාජ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ (2012) පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සමත්විය. නිලූක, ඊයේ (19 වැනිදා) පැවැති අවසන් තරගයේදී ඉන්දීය ක‍්‍රීඩක සෝරබ් වර්මා පරාජය කරමින් ශූරතාව දිනාගත්තේය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 21/15 සහ 21/18 ක් විය. වර්මා ලෝක ශ්‍රේණිගත කිරීමේ 48 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා වන අතර මෙම ජයග‍්‍රහණයත් සමගම නිලූකට ලෝක ශ්‍රේණිගතකිරීම් අතරේ 50 වැනි ස්ථානයට ආසන්න වීමට අවස්ථාව තිබේ. බැඞ්මින්ටන් ලෝක සම්මේලන නවතම ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමට අනුව 63 වැනි ස්ථානයේ පසුවන නිලූක මෙම වසරේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටම ඉක්මවීමට සමත්ව සිටින ක‍්‍රීඩකයාය. තරගාවලියේ අවසන් පුර්ව වටයේදී ඉන්දුනීසියානු ක‍්‍රීඩකයකු පරදවා නිලූක අවසන් තරගයට සුදුසුකම් ලැබීය. මෙවර ‘ඉරාන් ෆාජ්’ තරගාවලියට බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටවල් වන ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල්වල ක‍්‍රීඩකයෝ අවසන් මොහොතේදී තරගාවලියට ඉදිරිපත්ව සිටිති. ඉන්දුනීසියාවෙන් ක‍්‍රීඩකයෝ සිවු දෙනෙක්, ඉන්දියාවෙන් ක‍්‍රීඩකයෝ පස් දෙනෙක්ද තරගාවලියට සහභාගිවී සිටිති. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල මෙම වසරේදී පැවැත්වෙන නිසා කී‍්‍රඩකයන් අතර තරගකාරීත්වයක් පැවතීම ඊට හේතුවයි. ඉරාන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වු එකම ක‍්‍රීඩකයා නිලූක වේ.



අදහස් (0)

නිලූක පිරිමි කේවල ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site