ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න සොහොයුරෝ බ‍්‍රසීලයේදී පැවැත්වෙන බ‍්‍රසීල අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය සහභාගිවී සිටිති. තරගාවලිය ඊයේ (27) ආරම්භ වු අතර තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේදී නිලූක පළමු ස්ථානයේ සිටියි.
නිලූක, ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනාට පැමිණෙමින් දස්කම් දැක්වීය. ඔහු මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 37 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිිටියි.
නිලූකගේ සොහොයුරු දිනුක වසරක කාලයක් එංගලන්තයේ සිටියේය. මේ මස 30 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී නිලූක සහ දිනුක සොහොයුරෝ පිරිමි යුගළ ඉසව්වට ද සහභාගි වෙති. මෙම තරගාවලියෙන් පසුව ඔවුන් බල්ගේරියාවේ පැවැත්වෙන තරගාවලියකට සහභාගිවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේකට තමන් තමන්වම ජ්‍යෙෂ්ඨයැයි කියාගන්නා ක්‍රීඩකයෙක්ම නොයවන්නේ? (නි)
නියමයි සහෝදර වරුනේ..(ස)
සහෝදර බැම්ම ගොඩක් ශක්කිමත්. (ස)