එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී අද (27) ආරම්භ වූ 30 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලෙට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිට (29) තරග බිමට පිවිසීමට නියමිතය.
එහිදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න හා බැඞ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණි ජයසිංහ අනිද්දා ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියට තරග වදිති.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන නිලූක කේවල පිරිමි තරගයේ මූලික වටයට සහභාගිවන්නේ ජපන් කී‍්‍රඩක කෙන්චි ටැගෝ එරෙහිවය. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ජපන් කී‍්‍රඩකයා අංක අටේ පසුවන අතර නිලූක පසුවන්නේ එම ශ්‍රේණිගත කිරීම් අනුව 48 වැනි ස්ථානයේය. ඒ අනුව ඔහුට මූලික වටය ජයගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ.
ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව 118 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණ ජයසිංහට මූලික වටයේදී කී‍්‍රඩිකාවන් දෙදෙනකු මුණ ගැසේ.
ඒ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වැනි ස්ථානයේ පසුවන තායිලන්ත කී‍්‍රඩිකා රැුමෆාක් ඉන්ටැෆෝ හා 73 වැනි ස්ථානයේ පසුවන පෘතුගාල කී‍්‍රඩිකා තෙල්මා සැන්ටෝස්ය.
ලබන ඉරිදා (29) ශ්‍රී ලංකා පිහිනුම් කී‍්‍රඩක හේෂාන් උණම්බුව මීටර් 100 පසුපස ආර පිරිමි ඉසව්වේ මූලික වටයට සහභාගි වේ.
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ හත් දෙනෙක් ඇතුළත්ව සිටිති. ලන්ඩන් නුවරදී ඔලිම්පික් උළෙල පැවැත්වෙන තෙවැනි අවස්ථාව මෙයයි. අවසන් වරට 1948 දී ලන්ඩන් නුවරදී පැවැති ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා කී‍්‍රඩක ඩන්කන් වයිට් යාර 400-කඩුලූ මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත් අතර එය ශ්‍රී ලංකාව දිනාගත් පළමු ඔලිම්පික් පදක්කමද විය.
ලන්ඩන් නුවරදී අද ආරම්භ වන 30 වැනි ඔලිම්පික් උළෙල ලබන අගෝස්තු 12 වැනිදා දක්වා පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිලූක - තිළිණි අනිද්දා තරග බිමේ
වරුණ Friday, 27 July 2012 12:23 PM
තිළිණි කෙසේවෙත්ත නිලූක කොල්ලා ගැන සැකයි. (නි)
සහන් Friday, 27 July 2012 08:40 PM
කොහොමහරි පදක්කමක් ගන්න උත්සාහ කරන්න . ජය ශ්‍රී ඔබ සැමට (නි).
අමිල කටුනායක Friday, 27 July 2012 10:33 PM
හොද මානසිකත්වයෙන් මව් බිමට ජයක් ගෙන්න ඔබලාට භාග්‍ය උදාවේවා (දී)