ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව 11 වැනි වරටත් දිනා ගැනීමට ජාතික ශූර නිලූක කරුණාරත්න අද (21) සමත්විය. නිලූක, පිට පිට දෙවැනි වරටත් ත‍්‍රිත්ව ශූරතා දිනාගනිමින් මෙරට දැනට සිටින දක්‍ෂතම බැඞ්මින්ටන් ක‍්‍රීඩකයා බවට තවදුරටත් සනාථ කළේය.
ඔහු පැවැති 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණෙමින් දැක් වු දස්කම් ජාත්‍යන්තරවද කතාබහට ලක් විය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී සිය සොහොයුරු දිනුක කරුණාරත්න පරදවා නිලූක වට 2/0 (21/15, 22/20) ක ජයක් ලැබීය.
දිනුක සමග එක්ව පිරිමි යුගල ඉසව්ව ජයගත් නිලූක මිශ‍්‍ර යුගල ඉසව්ව ද තිළිණි ප‍්‍රමෝදිකා සමග එක්ව ජයගත් බැවින් මෙවර ශූරතා ත‍්‍රිත්වයකට ද හිමිකම් කීවේය.
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී අද නිමා වු මෙම තරගාවලියේදී තිළිණි ප‍්‍රමෝදිකා කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. ඇය අවසන් මහා තරගයේදී ලේඛා ෂෙහානි තරග වට 2/0 කින් පරාජය කළාය. 16 හැවිරිදි ප‍්‍රමෝදිකා ජාතික බැඞ්මින්ටන් ශූරිය වු පළමු අවස්ථාව මෙය වන අතර එහිදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට ද ඇය සමත්වීම කැපී පෙනේ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිලූක ත‍්‍රිත්ව ශූරතා දිනද්දී ප‍්‍රමෝදිකා ද්විත්ව ශූරතා දිනයි
ධනුක Tuesday, 23 October 2012 01:56 PM
නිලූක හා දිලුකට හඳවතින්ම සුභ පතනවා!! (ස)
තත්තසරණි Sunday, 21 October 2012 08:59 PM
නියමයි නිලූක. දිලූක (අ)
වරුණ Tuesday, 23 October 2012 10:04 AM
කෝ අර කෑ ගහපු කෙනා (ස)
කපිල Monday, 22 October 2012 07:40 PM
නියමයි. අපේ සුභ පැතුම්! (නි)
චන්ද්‍රසිරි Monday, 22 October 2012 01:17 AM
සුභ පැතුම්! (නි)
බිමල් ජයසේකර Monday, 22 October 2012 09:07 AM
නිලුක සහ දිනුක, ඔබට උණුසුම් සුභ පැතුම්! (ස)