‘පොලිසිය ඇරෙන්න ආරක්ෂක අංශයේ අවශ්‍යතාවයක් නැතිව කිසිම සිවිල් පුරවැසියකුට නිල්, රතු හදිසි අවශ්‍යතා පෙන්වන බල්බ සවිකරගෙන මේ අධිකරණ බල ප්‍රදේශයේ ධාවනය කරන්න අවසර නෑ. එසේ ගමන් කළ විට සිවිල් වැසියන් රැවටී ඔවුන්ට ඉඩ ලබාදෙනවා‘ යැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අධිකරණ භාෂා පරිවර්තක සුනිල් ගුණවර්ධන මහතා මගින් එසේ කීවේ බාලවයස්කරුවකු නිල් රතු එළි දල්වා රියදුරු බලපත් නොමැතිව ගමන් කිරීමේ නඩුවක් විමසමිනි.
වරදකරුවූ කුලියාපිටියේ, ගලහිටියාව පදිංචි 17 හැවිරිදි තරුණයාට රුපියල් 7000 ක දඩයක් නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගනා තීන්දුවක්. මුළු රටටම මෙය ක්‍රියාත්මක කළ යුතුයි (බ)
ඒක හොදයි.(හේ)
මේක මුළු ලංකාවේම තහනම් කරන්න ඕනෙ.දැන් මේ ත්‍රිවීල් වලත් දාගෙන යනවා. (ම)
කොහොමද වහනය අයිතිකරු නඩු නැතිව බේරුනේ? (ම)
හොද තීරණයක්.. (ම)
පසු ගිය රජය කාලයේ බොහෝ ප්‍රභූ වරුන්ගේ පුතුන් දුවරුන් මෙහෙම වාහන පැදෙව්වා . එම පුරුද්ද වන්නට ඕනේ .(හේ)
ඉතා හොඳ තීරණයක්, මෙය එම අධිකරණ බල ප්‍රදේශයට පමණක් නෙමෙයි මුළු ලංකාවටම දෙන්න ඕනේ. (ර)
කොල්ලට දැන් පාට පාට එළි පේන්න ඇති. (ර)
ප්‍රභූවරුන් වැඩි හරියක් යන්නේ ඕක ගෙන නෙමෙයි. අනික් අයනම් යනවා, මොකද බෙන්ස් බී එම ඩබ්ලිව් අවුඩි ඒවා වලට ඕව හයි කරන්නේ නැහැනේ. (ර)
නිල්,රතු පාට පත්තුවුණත් දැන් පාට කොළනේ! (නි)
මේක මුළු ලංකාවේම තහනම් කරන්න ඕනෑ.දැන් මේ ත්‍රිරෝද වලත් දාගෙන යනවා. (නි)
එන්නකො පාරේ පාට පාට පත්තු කරගෙන. දෙන්නම්කෝ ඉඩ. (නි)