නෝර්වේ පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම දෙනාගේ එකමුතුවෙන් සංවිධානය වූ ශ්‍රී ලාංකිකයෝ ජිනීවා නුවර  යෝජනාවට විරෝධය පෑම සඳහා ඔස්ලෝ නුවර පිහිටි එම පාර්ලිමේන්තු සංකීරණයේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. එම යෝජනාව සම්මත වීමට කලින් පැවැති මේ උද්ඝෝෂණයේ දී ඔවුහු ශ්‍රී ලංකාවේ ස්ථාවරය සඳහන් පෙත්සමක් ද නෝර්වේ මන්ත්‍රීවරුනට පිළිගැන්වූහ.