
දුන්නකින් සහ ඊතලවලින් සන්නද්ධ වූ පුද්ගලයකු කළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ කොංග්ස්බර්ග් නුවර පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් දෙදෙනක් තුවාල ලැබූහ.
ප්‍රහාරකයා කඩිනමින් අත්අඩංගුවට ගත් බවත්, ඔහු එසේ ප්‍රහාරයක් එල්ල කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසා ඇත. පොලිස් විමර්ශන දිගටම සිදුවෙමින් පවතී.
'මේක ත්‍රස්ත ප්‍රහාරයක් යැයි අප සැක කරනවා. තවමත් ඒ බව නිල වශයෙන් පවසන්න විදියක් නැහැ. ප්‍රහාරය කළ තැනැත්තා නගරයෙව් ඇවිදිමින් දකින දකින පුද්ගලයන්ට ඊතල විදින්න පටන්ගෙන තිබෙනවා' යැයි පොලිස්පති ඔවන්ද් අස් පවසා තිබේ.
නෝර්වේ අග්‍රාමාත්‍යවරිය එර්නා සොල්බර්ග් ඔස්ලෝ අගනුවර සිට කියා සිටියේ එම ප්‍රහාරය සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණු බවය. 'මා දන්නවා මේ වෙලාවේ ජනතාව බොහෙම බයෙන් ඉන්නේ. ඒත් බය වෙන්න දෙයක් නැහැ. පොලිසිය තත්ත්වය සමථයකට පත් කළා. ඔවුන් අවශ්‍ය සියලු කටයුතු කරාවි' යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.
ප්‍රහාරය එල්ල වූ කොංග්ස්බර්ග් නගරය ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට 28,000 කට වැඩි පිරිසකගෙන් පිරී තිබුණු බව පොලිසිය කියයි. ප්‍රහාරය එල්ල වෙද්දී මහත් සේ බියට පත්වුණු පිරිස් හිස් ලූලූ අත දිවයන්න වූහ. ප්‍රහාරය එල්ල වූයේ නොර්වේ වේලාවෙන් සවස 6.30 ට පමණි. පොලිසිය ප්‍රහාරකයා අල්ලා ගත්තේ ඔහු ප්‍රහාරය ආරම්භ කළ මිනිත්තු 20 ක් ගතවෙද්දීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයා ලංකාවට එවන්න බැරිද ?
රොබින්හුඩ් වෙන්න බැරිද.?
මොහුගේ මනස පිස්සු චට්ටපු මතවාදය කුමක්ද යන්න සොයා ගැනීම ඉතාම වැදගත්. කෙටි මාර්ගයකින් දෙවියන් ලගට යන්න කරපු උත්සාහයක්ද මේ?
මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා.
ත්රස්තවාදීන්ට දේශපාලන රැකවරණ දෙන රටවල් වලට මේක හොඳ පාඩමක්
අප කිසිවෙකු කරදරයේ වැටුණු විට හෝ කෙනෙකු අපහසුතාවයට පත්වූ විට සතුටු නොවන්නෝය.ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදින්ගේ බෙදුම්වාදයට දිය යටින් ගින්දර ගෙනියමින් හීන් නුලෙන් අප රට විනාශ කිරීමට නොර්වෙජියානුවන් නොකළ දෙයක් නොමැති තරම්ය. අද ඔවුන්ටද මේ දැනෙන්නේ ත්රස්තවාදයේ සුවඳද ? එය එසේ නම් දෛවයේ සරදමට නොවෙජියානුවන්ද හසුවී තිබෙනවා නොවේද ?