විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අද (1) lකිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් මැයි රැලිය අතරතුරදී මෙම පහරදීම සිදුව ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ මොනවද බලන්න යන්න තියෙන්නේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව. ඉල්ලන් කාලා. (නි)
මේ නොසන්ඩාල, මිලේච්ඡ ක්‍රියාව ලක්වැසියන් තරයේ හෙළාදකිමු. අද වෙනකොට අප රටේ සාමයේ අරුණලු ගම් නියම්ගම් තිසාරා පැතිරෙන මේ මොහොතේ, රටේ නීතිය සැමට සමසේ ක්‍රියාත්මක වනු ඇතයි අපි විශ්වාස කරමු. (නි)
කවුරුවත් ගහයි කියලා නම් හිතන්න අමාරුයි. (නි)
මැර කල්ලියේ නින්දිත මිලේච්ඡ ප්‍රහාරයක්. මේ අය දැන් වියරු වැටිලයි ඉන්නේ. රටේ බුද්ධිමත් ජනතාව වඩා ආරක්ෂාකාරීව සිටියයුතු සමයක්. (නි)
ඉල්ලන් කනවා කියන්නේ මේවට තමයි. ඔයින් ගියා ඇති. (නි)
මැරයෝ ඉන්න තැනකට තනිව යන්නේද? යන්නේ නම් ඔහු එතනට යන්නේ මැරයන්ට මැර ප්‍රහාරයක් දියහැකි හෝ ඔහුන්ගෙන් තමාව ගළවා ගතහැකි කණ්ඩායමක් සමඟයි. නිර්මාල් රන්ජිත් මෝඩයෙක් නොවෙයි. එසේ නම් ඔහුගේ අරමුණ කුමක්ද? මේ කාවද අන්දන්න හදන්නේ? (නි)
ඉල්ලගෙන කන දේශපාලන මාධ්‍ය ජවනිකා අපිට අවශ්‍ය නැහැ (නි)
මට නම් කිසිම දුකක් නැහැ (නි)
මහනාම කඳාන, කවුරු ගහන්නද අනේ? (නි)
අනේ මන්දා මහත්තයෝ මොනවා කරගන්නවාද කියලා (නි)
අනේ අප්පා! මේ වගේ තැනකට යන්න කලින් පොඩ්ඩක්වත් ඔලුව කල්පනා කළේ නැත්තේ මොකද මන්දා (නි)
එහෙම කරනකොට ඔහොම වෙනවා... (නි)
ජනපතිතුමනි, ඔබට තිබෙන්නා වූ බලතල මේ වැනි පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කළාට ජනතාව ඔබට විරුද්ධව වචනයක් කියන්නේ නැහැ කියා විශ්වාසයි. පසුගිය කාලයේ වුණේ අධමයන් ආරක්ෂාකළ එකයි.කරුණාකර මොවුන්ට බරපතල ලෙස නීතිය ක්‍රියාවට නංවන්න (නි)
මෙතුමාගේ ක්‍රියාකලාපයද මට කිසිසේත් අනුමත කළ නොහැකි වුණත්, නීතිය අතටගෙන පහරදීම හෙළාදකිමි. (නි)
ඕකට තමයි කියන්න්‍ෙ අනුන්ගෙ පොළොංගු කලිසම අස්සෙ දාගෙන කෑගහනවා කියලා. මීටපස්සෙවත් ආරාධනා නොමැතිව අනුන්ගෙ මනමාලියො ළගට යන්නෙ බලාගෙනයි. ඇති ඔයින් ගියා. ඔබතුමා හොඳ කෙනෙක්. මින් ඉදිරියටවත් මහජනතාවගේ සිතුම් පැතුම් තේරුම්ගන්න මෙය උගත් පාඩමක් කරගන්න. නිරෝගි සුව පතමි. (නි)
බලෙන්නේ ප්‍රශ්න දාගන්නේ (නි)
මෙයාටත් යන්න තිබිලා තියෙන්නේ ඔය රැලිය විතරමද? (නි)
තම තමන්ගේ මතය කීමට ඇති අයිතිය නැතිකරන්න කාටවත් අයිතියක් නැහැ (නි)
ඔත්තු බලන්න යනකොට පරිස්සමින් යන්න. අහුවුණොත් ගහනවානේ (නි)
ගැටුම් විකිණීමක්ද? (නි)
මොකටද එතනට ගියේ? (නි)