මැතිවරණ කොමසාරිස් විසින් මන්ත‍්‍රීධූරය තහනම් කැරුණු මාතර හිටපු නගරාධිපති හා වත්මන් විපක්ෂ නායක උපුල් නිශාන්ත (එජාප) මාතර මහ නගර සභාවේ රැස්වීමට සභාගිවීම නිසා කලබලයක් ඇති විය. ඔහු මන්ත‍්‍රීවරයකු නොවන නිසා ඉවත් වන්නැයි නගරාධිපති සොසින්ද්‍ර හඳුන්ගේ කළ දැන්වීම නොපිළිගත් ඔහු කියා සිටියේ තමා මන්ත‍්‍රීවරයකු නොවන බවට ගැසට් නිවේදනයක් ඇත්නම් එය පිළිගන්නා බවයි. දෙපාර්ශවය අතර දිගින් දිගටම තර්ක විතර්ක පැවැතියේය. නගරාධිපති ඉන්පසු රැස්වීම මිනිත්තු 30කට කල් දැමීය. විරෝධය පළකරමින් රැස්වීම වර්ජනය කරන බව කියමින් උපුල් නිශාන්ත මහතාද සෙසු එජාප මන්ත‍්‍රීවරුද පිටවී ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ මාරු කරන සියලුම දෙනාටම වෙන්නෙ ඔය ටික