(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොවිඩ්-19 වයිරසය ආසාදිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාමට අද (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.
තවද බමුණුමුල්ල සහ එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම් වලින් රෝගීන් වාර්තාවීම අවම වීම නිසා හෙට 20 දින සිට සංචරණ සීමාවන් ඉවත් කිරීමටත් තීරණය කළ බව ඇය කීවාය.
අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පනවා තිබෙන සංචර සීමාවන් ඉවත් කිරීම සඳහා බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බණ්ඩාරගම පොලීසිය සහ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණ ගත් බව වෛද්‍යවරිය පැවසුවාය.
කොවිඩ්-19 වයිරසය ආසාදිත රෝගීන් 17 දෙනෙකු එකවර හමුවීමත් සමගම ඉකුත් නොවැම්බර් 21 වෙනිදා අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් 7 ක් හුදකලා තත්ත්වයට පත් කර මේ වන විට මාස දෙකක් ගතවී ඇත.
එලෙස අවශ්‍යතා මත බැහැරව යන පුද්ගලයන්ගේ අනන්‍යතාවයන් සහතික කර ගල්තුඩේ සහ දොළපාර පොලිස් මුරපොල හරහා පිට වීමට අවස්ථාව සැලසීමට කටයුතු කරනු ලැබ තිබේ.
හෙට දින සිට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදුකරන බවත් එහි ලැබෙන ප්‍රතිඵල අනුව සති අන්තය වන විට අටුලුගම ඇතුළු අනෙකුත් ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පිළිබඳ තීරණය කරන බවත් වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිරෝධායනය වූ අයට අටුළුගමින් බැහැර යන්න අවසර
Raveendra Tuesday, 19 January 2021 02:08 PM
තනි සිංහල ආණ්ඩුව... නිකන් එහෙම කිව්වා වගේ මතකයි ඡන්දෙන් පස්සේ..
ස' ෆේල්Wednesday, 20 January 2021 01:28 AM
ඇයි සිංහල ආණ්ඩුව කියලා හොඳ වෙච්ච මිනිස්සු හැමදාම හිර කරගෙන ඉන්නද? ඔවුන්ට හොඳ වෙලා නම්, ඔවුන්ගෙන් තවත් කෙනෙක්ට ආසාදනය වෙන්නේ නැත්තන් යන්න දෙන්න ඕනේ. මෝඩ වුණාට ඒ අයත් මිනිස්සුනේ තමුන්නැහැ වගේම...
Prabha Tuesday, 19 January 2021 02:44 PM
කටට ඉබ්බෙක් දාලා යවන්න. නැතිනම් වටේටම කෙළ ගහයි.
Nihal Wednesday, 20 January 2021 07:12 AM
මගේ ගෙදර මුස්ලිම් මිනිහෙකුට ඉන්න දුන්නා. අපිට දැනුයි තේරෙන්නේ.. අපේ ආහාර වලට මිනිහා කොච්චර කෙළ ගහනවා ඇතිද කියලා..?