(සුජිත් හේවාජුලිගේ )
රටපුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 6 වැනිදා සදුදායින් පසු තවදුරටත් දීර්ඝ කෙරෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් හෙට (3) පැවැත්වීමට නියමිතය.
රටපුරා කොරෝනා ව්‍යාප්තියේ තත්වය සමාලෝචනය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් හෙට ස්ථිර තීරණයක් ගැනෙනු ඇත.
රට පුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක් දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර ඇත .
නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද ඊයේ පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැප්තැම්බර් පළමුවන දින රත්නපුරේ නගරසීමාවෙ විශ්ව විද්‍යායාල සිසුන්ට දෙවන එන්නත් දෙන්න කැදවා තිබුනා නමුත් බොහෝ ප්‍රදේශවල එම සිසුන්ට පළමු එන්නත වත් නැහැ අඩුම තරමින් වයස 18 ත් 30 ත් අතර අයටවත් එන්නත් දෙන්න
කොයි රටේ තිබ්බ නිරෝධායන ඇදිරි නීතිය ගැනද කියන්නේ. ලංකාවේ නම් පාරවල් වල නැව් බෝට්ටු විතරයි ගියේ නැත්තේ. අහිංසක මිනිසුන් ගෙවල් වල. කන්න බොන්නවත් නැතිව.
අංක විජ්ජා, අනවශ්‍ය පම්පෝරි වැඩක් නෑ. ඇඳිරි නීතිය කියලා විහිලු නීතී දාගෙන කරන වැඩ පේනවා. වහනවා නම් පළමු අවස්ථාවේ වගේ වහන්න. නැත්නම් මේ විදියට නැතුව රට අරින්න. කොහොමත් එකයි.
හැමතැනම මිනිස්සු පෝලිමේ ඉඳලා බඩුගන්නේ... මොන විකාරයක්ද මන්දා..?
මේ ඇඳිරි නීතිය ඒ විදිහට දීර්ඝ කිරීමෙන් පලක් වෙන්නේ නැත.
කොරෝනාද? රටද? තීරණය හෙට... අපේ රටට ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.