(කාංචන කුමාර ආරියදාස)
විදේශ රටකින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින ලොකු ලුනු කන්ටේනර්යක් ගලේවෙල බුලනවැව දී තවත් ලොරියකට පටවමින් සිටියදී කන්ටේනරය සහ එම ලොරි රථය පොලිස් බාරයට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.
ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් සහිතව කන්ටේනර් රථයකින් ලොකු ලූනු තොගයක් තවත් ලොරියකට මාරු කරමින් සිටින බවට පොලීසියට ලැබුණූ තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.
පරික්ෂා කිරිමේ දී ලොකු ලූනු තොගය කන්ටේනර්ය තුළ ම පැල වී කුණු වී විනාශ වී තිබෙනු දක්නට ලැබිණි.
කොළඹ වරායේ සිට බුලනවැව ව්‍යාපාරිකයකු විසින් මෙම ලුනු තොගය ගෙන්වා ඇත. නරක්වී ඇති ලොකු ලුනු ඉවත් කර ඉතිරිය ආහාරයට ගැනීමට සුදුසු ඒවා පමණක් අලෙවි කිරීම සිදු කරන බව ඔහු පැවසීය.
භාවිතයෙන් ඉවත් කරන ලොකු ලූනූ තොග වරාය මගින් වෙන්දේසි කළ බවත් එම වෙන්දේසිය කිලෝවක් රුපියල් 31 බැගින් ලුනු තොග මිලදී ගත් බවත් ව්‍යාපාරිකයා පොලිසියට කීවේය.
මෙම ලොකු ලූනු ගෙන්වූ බව කියන ව්‍යාපාරිකයා මෙය නීත්‍යානුකූල ගනුදෙනුවක් බවත් මෙහි කිසිදු අක්‍රමිකතාවයක් සිදුවී නොමැති බවත් පවසමින් ලියකියවිලි කිහිපයක් ලබාදී තිබේ.
කෙසේ වෙතත් ගලේවෙල පොලිස් ස්ථානාධිපති විතානච්චි මහතා පැවසුවේ තමන් වෙත ලබාදුන් ලිපි ලේඛන සත්‍ය ඒවාද යන්න සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟන දේශපාලකයෙක් මෙම නිවට වෙළඳාම පිටුපස ස්ථිර වශයෙන්ම සම්බන්ධ වී ඇත.
කන්ටේනරය තුළ ම පැල වී තිබුණු මේ ළූණු අරන්ගියේ පැල කර ලොකු අස්වැන්නක් ලබාගන්න වෙන්න බැරිද ? කන්ටේනරයෙන් බාපු ගමන් හිටෙව්වාම ඉක්මනට පලදාව ලැබෙන නිසා මේ ගොයියාට විශාල අදායමකුත් එකෙන් ලැබෙනවා නේ! භාවිතයෙන් ඉවත් කරන ලොකු ලූනූ (හෝ වෙනත් ආහාර තොග) වරාය මගින් වෙන්දේසි කරන ලෝකයේ එකම රට අපේ ..."සකල සිරින් පිරි සිරි ලංකාව" වෙන්න පුළුවන්. කුණු වෙච්ච එළවලු හෝ පලතුරු සමග මිශ්‍රවී තිබෙන නිරෝගී එළවලු, පලතුරු වුණත් ආහාරයට නුසුදුසු ඒවා බව මෙයා නොදන්නවා ඇති එහෙනම්!! ලොරි රාජසන්තක කර සතොසට බාරදී ගොයියාට විශාල දඬුවමක් ලැබේවිද?
මම අහන්නේ ඕක නෙමේ. ඔය ළුෑණු ගෙන්නුවේ වරාය හරහානේ... එතකොට ඔය අවංක, නිහතමානි රේගුවේ මහත්වරු ඕක දැක්කේ නැද්ද? නොදැකද අවසරය දුන්නේ නිදහස් කලේ? ඉතිරිය ලියන්න ඕනේ නෑනේ... ඉතින් රේගුවේ මහත්වරු ගැන...