සෝල්හිදීය (රොයිටර්)
කොරියානු අර්ධද්වීපයට සාමය ගෙන ඒමටත් ආර්ථික වර්ධනය කෙරෙහි යොමු කිරීම සඳහාත් උතුරු කොරියාව කඩිනමින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් තාවකාලිකව නවතා දමන බවත් න්‍යෂ්ටික පරීක්ෂණ සිදු කරන වැඩබිමක් වසා දමන බවත් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය අද, සෙනසුරාදා (21) වාර්තා කළේය.
උතුරු කොරියානු රාජ්‍ය මේ බව වාර්තා කළේ එරට නායක කිම් ජොන් උන් ලබන සතියේදී දකුණු කොරියානු නායක මූන් ජායි ඉන් සහ ලබන මාසයේදී ඇමෙරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට සූදානම් වන මොහොතකය.
න්‍යෂ්ටික අවි නිපදවීමේ ඉලක්කය සපුරා ගෙන ඇති බැවින් රටට තවදුරටත් න්‍යෂ්ටික හෝ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පවසා ඇතැයි කොරියාවේ මධ්‍යම පුවත් ආයතනය වාර්තා කළේය.
තමන්ගේ ආර්ථිකය වෙනුවෙන් ‘ජාත්‍යන්තරයට හිතකර පරිසරයක්’ නිර්මාණය කරන බවත් ඒ වෙනුවෙන් ‘අසල්වැසි රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප, ක්‍රියාශීලි සහ මිත්‍රශීලි සංවාදයක් ඇති කරගන්නා බවත්’ උතුරු කොරියානු නායකයා තවදුරටත් පවසා ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන් සම්බන්ධයෙන් සෘජුව අදහස් දැක්වූ පළමු අවස්ථාව ද මෙය විය.


- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ගේ දැඩි පිළිවෙත නිසා මේවගේ ඔලුව නරක් වෙච්ච අය හරි මගට ගෙන ඒමට පුළුවන් වුණා..
බොහොම හොඳ තීරණයක් !!!
එ්කත් නරකම නෑ අත්හදා බැලීම් නතර කළත්.. බලාගාරේ වැහුවත් අත්පත් කරගත් දැනුම හා තාක්ෂණය... අාපහු අදින්න සක්කරයා අාවත් බෑනේ. දැනුම තියේනම් වුවමනා වෙද්දි එකලස් කරන එක විතරනේ තියෙන්නේ. ජලකරබෝම්බය තැනුවා කියන්නේ තව මොනවද? ලෝකෙටම රටවල් පහකට විතරයි තියෙන්නේ...
බටහිර රටවල් උතුරු කොරියාව සමච්චලයට ලක් කළා න්‍යෂ්ටික අවි හදන්න තියා පතොරමක්වත් හදා ගන්න උතුරු කොරියාවට බෑ කියලා. පුළුවන් බව ඔප්පු කරලා පෙන්නුවා. සාකච්චාවට එකඟ වීම උතුරු කොරියාවේ ජයග්‍රහණයක් සහ ඇමෙරිකාවේ පරාජයක්. ඇමෙරිකාව දැන් පිලිගන්නවා උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය පුළුවන් කියලා. උතුරු කොරියාව මිලිටරි මනෝ විද්‍යාව හොඳට පාවිච්චි කළා.
ධම්මික හරි. උතුරු කොරියා නායකයා ලිබියාව ඉරාකය වගේ වෙන්න නොදී රට බේර ගත්තා. ඔය ටික හැදුවෙ නැත්තන් මෙලහට උතුරු කොරියාවක් නෑ
උතුරු කොරියාව මීට පෙර දෙතුන් වරක්ම මෙවැනි එකඟතා ඒක පාර්ශ්විකව බිඳ දමා ප්‍රසිද්ධියක් ලබා ඇති රටකි. මෙවරත් එම දෙයම වේ යැයි අනුමාන කිරීමට තරම් සර්ව අසුබවාදී නොවිය යුතු වුවත් කියන සියලු දේ විශ්වාස නොකිරීමට ප්‍රවේසම් විය යුතුය.
ඇත්ත වශයෙන්ම උතුරු කොරියාව ඔලුවෙන් වැඩ කරමින් කඳෙන් වැඩ කල ට්‍රුම්ප් ගෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා කිව්වොත් නිවැරදියි. ඒ වගේම කිම් ජෝන් උන් විසින් ස්ථාවර සහ අභියෝග නොමැති පාලනයක් පවතින බව ඔප්පු කිරීම නිසා සහ දකුණු කොරියාවේ සහයෝගය මත විශාල ආර්ථික පිම්මක් පැනගන්න බවද නිසැකවම කිව හැකියි. එහෙත් අපේ රටේ එකිනෙකා විසින් කකුලෙන් ඇදීමේ න්‍යාය හේතුවෙන් අපිට නම් දියුණුවක් කවදාවත් ලබන්න බැරිවේවි.
කුමාර්ට ෂුවර් ද මේ මහත්තයාගේ ඔලුව නරක් වෙලා තියන බව? ඒ වුණාට.. ඔලුවේ හැඩේ නම් හරිම ආශික්! ආසාවේ බැහැ!