විෂය නිර්දේශ පොත් පත් නැතිව ඇගැයීම් පරික්ෂණවලට පෙනී සිටිමට සිදු වී ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ මහනුවර ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ සිසුහු කියති.
සෙනසුරාදා (17) සිට ඉංජිනේරු විද්‍යා පිඨයේ හා ස්වාභාවික විද්‍යා පීඨයේ ඇගයීම් ඇරැඹිණි. ලබන ඉරිදා (25) දක්වා ඇගයීම් කිරීමට නියමිතය.
මෙම ඇගයීම් පරීක්ෂණ අවසාන පරීක්ෂණයට බලපාන හෙයින් පොත්පත් නැති වීම බරපතල ප්‍රශ්නයක් බව සිසුහු පවසති.
බෝග නිෂ්පාදනය,පැල හා පාංශූ විද්‍යාව , කෘෂි කාර්මික රසායනය ,ජල විද්‍යාව ,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ආදී විද්‍යා පොත් රැසක්ම නැතැයි සිසුහු කියති.
උපකුලපති විජිත නානයක්කාර පැවසුයේ එවැනි ගැටළුවක් ඇත්නම් එය පරිපාලනයේ ගැටළුවක් බවයි.අවශ්‍ය පොත් මුද්‍රණය කැර බෙදා හැරීමේ යම් මඟහැරීමක් වී ඇත්නම් ඒ ගැන සොයා බලන බවත් යම් අඩු පාඩුවක් වී ඇත්නම් එය ද බාර ගන්නා බවත් සිසුනට අසාධාරණයක් වේ නම් එය බාර ගන්නා බවත් උපකුලපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන වගකිව යුත්තන් සොයා බලන්න ඕන නේද ? මේ ළමයින් රැකියාවන් කරන ගමන් තමන්ගේ මුදලින් රටට බරක් නොවී ඉගෙන ගන්න වැයම් කරන්නේ. ඊට අනුග්‍රහය දක්වන එක ඉතාම වටිනවා. (නදී)
මේ ළමයින්ට තිබෙන පොත්පත් ප්‍රශ්න වලට පිළියම් යොදන්න ඇයි මෙතරම් අමාරු? මේක මේ නේවාසිකාගාර ඉල්ලා කළ උද්ඝෝෂණයක් නෙමෙයිනේ. නියමිත කලට මේ සේවා සපයන්න බැරි උදවිය ඉවත්කරලා වෙනත් කාර්යක්ෂම පුද්ගලයන් පත්කරන්න පුළුවන්. සමහරවිට මේකත් අධ්‍යාපනය දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. (නි)
මේ ඉන්න උපකුලපතිගේ පෞද්ගලික වත්කම් සහ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන්න. සුදුසුකම් නැති මේ වගේ මිනිස්සු නිසා අපේ රටේ අධ්‍යාපනය බල්ලට ගිහින් තියෙන්නේ.දේශපාලනයට කඩේ ගිය මේ වගේ මිනිස්සු තවත් මොකටද ? (නදී)
මමත් විවෘත විශ්ව විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ. අපේ ගාස්තු නම් 150% ක් වැඩි කරා. ඒත් අපිට පහසුකම් නම් පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ. තව අඩුවෙලා තමයි තියෙන්නේ (නදී)