විෂය නිර්දේශ පොත් පත් නැතිව ඇගැයීම් පරික්ෂණවලට පෙනී සිටිමට සිදු වී ඇතැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ මහනුවර ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ සිසුහු කියති.
සෙනසුරාදා (17) සිට ඉංජිනේරු විද්‍යා පිඨයේ හා ස්වාභාවික විද්‍යා පීඨයේ ඇගයීම් ඇරැඹිණි. ලබන ඉරිදා (25) දක්වා ඇගයීම් කිරීමට නියමිතය.
මෙම ඇගයීම් පරීක්ෂණ අවසාන පරීක්ෂණයට බලපාන හෙයින් පොත්පත් නැති වීම බරපතල ප්‍රශ්නයක් බව සිසුහු පවසති.
බෝග නිෂ්පාදනය,පැල හා පාංශූ විද්‍යාව , කෘෂි කාර්මික රසායනය ,ජල විද්‍යාව ,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ආදී විද්‍යා පොත් රැසක්ම නැතැයි සිසුහු කියති.
උපකුලපති විජිත නානයක්කාර පැවසුයේ එවැනි ගැටළුවක් ඇත්නම් එය පරිපාලනයේ ගැටළුවක් බවයි.අවශ්‍ය පොත් මුද්‍රණය කැර බෙදා හැරීමේ යම් මඟහැරීමක් වී ඇත්නම් ඒ ගැන සොයා බලන බවත් යම් අඩු පාඩුවක් වී ඇත්නම් එය ද බාර ගන්නා බවත් සිසුනට අසාධාරණයක් වේ නම් එය බාර ගන්නා බවත් උපකුලපති කියයි.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියමිත පොත් නෑ : ඒත් ඇගැයීම් පටන් ගනී
ලසිත් Monday, 19 January 2015 01:29 AM
මේ ගැන වගකිව යුත්තන් සොයා බලන්න ඕන නේද ? මේ ළමයින් රැකියාවන් කරන ගමන් තමන්ගේ මුදලින් රටට බරක් නොවී ඉගෙන ගන්න වැයම් කරන්නේ. ඊට අනුග්‍රහය දක්වන එක ඉතාම වටිනවා. (නදී)
භානු Monday, 19 January 2015 02:38 AM
මේ ළමයින්ට තිබෙන පොත්පත් ප්‍රශ්න වලට පිළියම් යොදන්න ඇයි මෙතරම් අමාරු? මේක මේ නේවාසිකාගාර ඉල්ලා කළ උද්ඝෝෂණයක් නෙමෙයිනේ. නියමිත කලට මේ සේවා සපයන්න බැරි උදවිය ඉවත්කරලා වෙනත් කාර්යක්ෂම පුද්ගලයන් පත්කරන්න පුළුවන්. සමහරවිට මේකත් අධ්‍යාපනය දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. (නි)
රසිකා Sunday, 18 January 2015 02:06 PM
මේ ඉන්න උපකුලපතිගේ පෞද්ගලික වත්කම් සහ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරන්න. සුදුසුකම් නැති මේ වගේ මිනිස්සු නිසා අපේ රටේ අධ්‍යාපනය බල්ලට ගිහින් තියෙන්නේ.දේශපාලනයට කඩේ ගිය මේ වගේ මිනිස්සු තවත් මොකටද ? (නදී)
සචිත් Sunday, 18 January 2015 04:16 PM
මමත් විවෘත විශ්ව විද්‍යාලයේ තමයි ඉගෙන ගන්නේ. අපේ ගාස්තු නම් 150% ක් වැඩි කරා. ඒත් අපිට පහසුකම් නම් පොඩ්ඩක්වත් වැඩි වෙලා නැහැ. තව අඩුවෙලා තමයි තියෙන්නේ (නදී)