රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාල සේවකයින්ගේ වැටුප් දිනය අද උවද බදාදා (11) වුවත් සේවකයින්ගේ වෑටුප් නොලෑබුණ බව තානාපති කර්යාල අරංචි මාර්ග කියයි.
අවුරුදු ළඟ එන බෑවින් තමන්ට නියමිත දින වෑටුප් නොලෑබිමේන් ලංකාවේ සිටින තම දෙමාපියන්ට් හා අඹුදරුවන්ට මුදල් යවා ගෑනිමට නොහෑකි විමේන් සේවකයෝ කලකිරී සිටිති. තානාපති වැටුප් ලේඛන වලට තානාපති අත්සන් නොකිරිම නිසා නිළධාරින් ඈතුලු පහළ සේවකයිට මේම තත්වයට මුහුණ දීමට සිදුව ඈත. තානාපති අසිත පෙරේරා මහතා ශ්‍රී ලංකාවට නැවත කෑදවීමේ ලිපිය ලෑබීමත් සමග ඔහු දිනපතා තානාපති කාර්යාලයට නොපෑමිණෙන බවද වර්තා වේ. මේ පිලිබද අප විදේශ ලේඛම් කරුණාරත්න අමුණුගම මහතාගෙන් විමසු විට ඔහු කියා සිටියේ සිදුව ඇති දේ සත්‍ය නම් ඒපිලිබදව කනගාටු වන බවයි. බ්‍රහස්පතින්දා (11) මේ ගැන සොයා බලන බවත් ඔහු කීවේය. රෝම තානාපති කර්යාලයේ තානාපති ඇතුළු නිළධාරීන් පස් දෙනෙකුගේ අඩුවක් පවතින අතර ලක්ෂයකට අධික ශ්‍රි ලාංකිකයින් පිරිසකට සේවය කිරිමට සිටිනුයේ ප්‍රධාන නිළධාරිනියන් දෙදෙනෙකු සමග ලිපිකරු ශ්‍රෙණියේ නිළධාරින් හත් දෙනකුත් රියදුරන් දෙදෙනෙක් හා සුළු සේවකයන් තිදෙනෙකුත් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අසාමාන්‍යයිනේ, රට ගැන, ජනතාව ගැන, සේවකයින් ගැන කැක්කුමක් හැගීමක් තියන අය හරිම අඩුයි. රට පෙරට ගැන හිතනවාට වඩා මම පෙරට තමා මේ සමහර අයගේ චින්තනය. මේ අයව රැකගන්නත් අය ඉන්නවානේ. ජනාධිපතිතුමනි ඔබතුමාම මේ අයව අධීක්‍ෂණය කරන්න. ඔබතුමාගෙන් ලකුණු දාගන්න බොරු වාර්තා පෙන්වන අයගැනත් හොයන්න. (ස)
රෝමයේ 'කාසල් පලොක්කෝ' ප්‍රදේශයේ සිදුවෙන සිදුවීම් ගැන අපි දන්නවා (නි)
පඩි නියමිත දිනට නොලැබුණත් දිනපතා අතට මුදල් ලැබෙන මාර්ග සාදා දී ඇත්නම්, කිසිවෙක් කලබල නොවන්න (නි)
වෙලාවට පඩි විතරයි ඕනෑ . (නි)
තවම මේ අය හැදිලා නැහැ වාගේ. (නි)
දිනපතා කාර්යාලයට නොඑන නිසා ඒ මහතා පඩි නොගන්න තීරණය කරලා ඇති. සේවකයෝ එන්න ඇති නේද? (නි)
පඩියක් නැතුවත් කොච්චර අය ඉන්නවද? පඩිය පරක්කු වුණාට කවදාහරි ලැබෙනවනේ. තරහ වෙන්න එපා. (නි)
පඩිය පරක්කු වුණාට ඔයාලා කලබල වෙන්න ඕනෑ නැහැනෙ. ඔයාලා ඉතාලියෙ ඉන්න අපේ සේවාවන් කොච්චර පරක්කු කරනවද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය කියන ලක්ෂයක ජනතාව එක පාරටම තානාපති කාර්යාලයට එනවාද? (නි)
මේක මොකද්ද සෞදිඅරබියේ තානාපති කාර්යාලයේ අලුත් වැඩියා කරපු වාහන 2 එලියටගන්න තවම කොළඹින් සල්ලි පාස්වෙලා නැතිලු (අ)
අපේ විදේශ සේවය හැමදාම දේශපාලන ගැත්තන්ගෙන් පිරිලා. වෘත්තීය තානාපතිවරුන් වෙනුවට පැරදිච්ච අපේක්ෂකයෝ නැත්නම් හෙන්චයියෝ දමලා තානාපති සේවය කනවා. ඒ මිනිස්සු ගිය දා ඉඳන් පුද්ගලික සුර සැප ගැන මිසක් රට ගැනවත් සේවය කරන රටේ ඉන්න ලාංකිකයන් ගැනවත් තැකීමක් නැහැ. ඉතාලියේ මොකද මේ තරම් ප්‍රශ්න? (නි)
කණගාටු වෙලා හරියනවද? මිනිස්සුන්ට පඩි ගෙවන්න විධිහක් යොදවන්න.. (ස)
විගසින් බොදු බල සේනාවට කියමු. (නි)
හැම මාසෙම එහම උනානම් වැඩේ වැරදි .එක මාසයක් නම් ප්‍රස්නයක් නෑ (ස)
පඩි වෙලාවට ගෙවීම ගැන කතා කරනවා. නමුත් මහා ජතාවගේ වැඩ වෙලාවට කරන්න ඕන කියල හිතන්නේ නැහැ.(ස)