මාස කිහිපයකට පෙර නුසුදුසු විවාහයක් කර ගත්තැයි කාර්මිකයකු පැහර ගෙන පැය හයක් පුරා කුරුණෑගල තෙලියගොන්නේ නිවසක රඳවාගෙන නියපොතු ගලවමින් දස වද දෙද්දී පොලිසිය ඔහු බේරාගෙන කුරුණෑගල රෝහලට ඇතුළුකරනු ලැබ සිටී. නිශාන්ත කපිල බණ්ඩාර (34) නම් මේ තරුණයාගේ ඇස් ගැලැවීමට පවා උත්සහා කර ඇතැයි ද යකඩයකින් හිසට ගසා ජනනේන්ද්‍රිය ඇතුළු පෙදෙස් පුළුස්සා ඇතැයි ද ඉබේ මැරෙන බවට ලිපියකට ද අත්සන් කර ගෙන ඇතැයි ද පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයයි. කුරුණෑගල පොලිසිය පැමිණිල්ල බාරගැනීමට පැය හතර ප්‍රමාද කර ඇතැයි පොලිස් අධිකාරීවරයකුට පැමිණිලි කිරිමෙන් පසුව පරීක්ෂණ ඇරැඹී ඇතැයි ද කියති. තමාට වද දුන් පිරිසේ මාමලා කණ්ඩායමක් බිරිය රැගෙන ගොස් ඇතැයි ද කියන නිශාන්ත විවාහය සම්බන්ධයෙන් පැවති ප්‍රශ්න සියල්ල විසඳාගෙන තිබියදී තමාට මෙම ප්‍රහාරය එල්ල වී යැයි ද නිශාන්ත කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභූෂණ දන්න දෙයක් තියෙනවානම් කියන්නකෝ අපිටත් දැන ගන්න (ස)
පවුල් අභ්‍යන්තරය අධිරාජ්‍යවාදීයි වගේ. (නි)
අනේ මන්දා? අහන ඒවා බැලුවම රටකට යන කල. රට පිරිහිලා නේද කියලා හිතෙනවා. නීතියක් නැද්ද රටේ? පොලිසිය පමා කළේ ඇයි? (නි)
නුසුදුසු කිව්වෙ ? පැහෙදිලිව කියන්ඩ බැරි දෙයක් ද ? (නු)
දැං ඉතිං මිනීමරුවන් දූෂකයන් සමග කල්දේරම් බත් කන්න බැරියැ...!(නු)
මාමාගේ දුව බැන්දෙ නැති නිසා මාමට කේන්ති ගිහිල්ලාද කොහොද? කොල්ලට හොද දේපලක් එහමෙ ඇති... ඔය ටිකම ඒ අයටත් කළානම් තමයි වටින්නෙ..!(නු)
ලංකාවෙ මිනිසුන්ට වෙලා තියෙන දෙයක්..!(නු)
මේවාට නිසි දඩුවම් ලබා දිය යුතුයි..!(නු)
මේ කතාවෙ අගමුල මම දන්නවා...!(නු)
මෙහෙමත් කාන්තාවන්..!(නු)
මිනිසුන් මෙතරම් තිරිසන් වන්නේ ඇයි? (නි)
ඇයි මිනිස්සු මේ වගේ තිරිසන් වැඩ කරන්නේ..!(නු)
අනේ මෙහෙමත් බිරින්දෑවරු මේ ගැන කාට කියන්නද?(නු)
මෙහෙමත් සිදුවීම් තියෙනවා නේද එහෙනම්..!(නු)
කුරුණෑගල පොලිසිය ඉන්නේ අය මාරු කරන් බැරිද (අ)
පොලීසිය පැමිණිල්ල භාරගැනීමට ප්‍රමාද වීම බරපතලයි. සාමාන්‍ය ජනයාට අගුණයි. වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි.(නු)
රටකට ගිය කලක්..!(නු)
මේවාට වගකිවයුත්තන් කවුද?(නු)
අපේ උත්තම රට අද වංචනිකයින් ඉන්නා රටක් වගෙයි. (නි)
දේශපාලන වශයෙන් අපේ රට කොච්චර පරාජිතද කියලා මේකෙන්ම පෙනෙනවා. (නි)
කොච්චර සුරංගනා කතා කිවුවත් අපේ රට දිනෙන් දිනම ප්‍රපාතයට යන බව මේකෙන් පැහැදිලියි. (නි)
මිට සම්බන්ධවූවන්ගෙන් ප්‍රශ්න කරලා නීති මාර්ගයෙන් දඩුවම් ලබාදෙන්න (නි)
මේ පුවත තේරුම් ගන්න අමාරුයි... මේක හතර බීරියිනේ (ස)
ආදරයට කොහේදෝ බාධා නැත්තේ? (නි)
අනේ විභූෂණ, මට ඒ කතාව කියන්නකෝ. (නි)
මේක සිද්ධ වුණේ අපේ ගමේ. ඔය තරුණයා විවාහක දෙදරු පියෙක්. (නි)