IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නියපොතු ගලවා ඇසුත් ගලවන්න හදයි

මාස කිහිපයකට පෙර නුසුදුසු විවාහයක් කර ගත්තැයි කාර්මිකයකු පැහර ගෙන පැය හයක් පුරා කුරුණෑගල තෙලියගොන්නේ නිවසක රඳවාගෙන නියපොතු ගලවමින් දස වද දෙද්දී පොලිසිය ඔහු බේරාගෙන කුරුණෑගල රෝහලට ඇතුළුකරනු ලැබ සිටී. නිශාන්ත කපිල බණ්ඩාර (34) නම් මේ තරුණයාගේ ඇස් ගැලැවීමට පවා උත්සහා කර ඇතැයි ද යකඩයකින් හිසට ගසා ජනනේන්ද්‍රිය ඇතුළු පෙදෙස් පුළුස්සා ඇතැයි ද ඉබේ මැරෙන බවට ලිපියකට ද අත්සන් කර ගෙන ඇතැයි ද පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයයි. කුරුණෑගල  පොලිසිය පැමිණිල්ල බාරගැනීමට පැය හතර ප්‍රමාද කර ඇතැයි පොලිස් අධිකාරීවරයකුට පැමිණිලි කිරිමෙන් පසුව පරීක්ෂණ ඇරැඹී ඇතැයි ද කියති.  තමාට වද දුන් පිරිසේ මාමලා කණ්ඩායමක් බිරිය රැගෙන ගොස් ඇතැයි ද කියන නිශාන්ත විවාහය සම්බන්ධයෙන්  පැවති ප්‍රශ්න සියල්ල විසඳාගෙන තිබියදී තමාට මෙම ප්‍රහාරය එල්ල වී යැයි ද නිශාන්ත කියයි.



අදහස් (0)

නියපොතු ගලවා ඇසුත් ගලවන්න හදයි

හේරත් Saturday, 16 March 2013 12:23 PM

විභූෂණ දන්න දෙයක් තියෙනවානම් කියන්න‍කෝ අපිටත් දැන ගන්න (ස)

:       0       0

නිසාර් Saturday, 16 March 2013 02:58 AM

පවුල් අභ්‍යන්තරය අධිරාජ්‍යවාදීයි වගේ. (නි)

:       0       0

ඇතීනා Saturday, 16 March 2013 03:26 AM

අනේ මන්දා? අහන ඒවා බැලුවම රටකට යන කල. රට පිරිහිලා නේද කියලා හිතෙනවා. නීතියක් නැද්ද රටේ? පොලිසිය පමා කළේ ඇයි? (නි)

:       0       0

හර්ශ Friday, 15 March 2013 06:25 PM

නුසුදුසු කිව්වෙ ? පැහෙදිලිව කියන්ඩ බැරි දෙයක් ද ? (නු)

:       0       0

පිටිගල Friday, 15 March 2013 06:26 PM

දැං ඉතිං මිනීමරුවන් දූෂකයන් සමග කල්දේරම් බත් කන්න බැරියැ...!(නු)

:       0       0

නන්දලාල් Friday, 15 March 2013 06:41 PM

මාමාගේ දුව බැන්දෙ නැති නිසා මාමට කේන්ති ගිහිල්ලාද කොහොද? කොල්ලට හොද දේපලක් එහමෙ ඇති... ඔය ටිකම ඒ අයටත් කළානම් තමයි වටින්නෙ..!(නු)

:       0       0

අසංක Friday, 15 March 2013 06:50 PM

ලංකාවෙ මිනිසුන්ට වෙලා තියෙන දෙයක්..!(නු)

:       0       0

කසුන් Friday, 15 March 2013 06:54 PM

මේවාට නිසි දඩුවම් ලබා දිය යුතුයි..!(නු)

:       0       0

විභූෂණ Friday, 15 March 2013 07:32 PM

මේ කතාවෙ අගමුල මම දන්නවා...!(නු)

:       0       0

වසන්ත Friday, 15 March 2013 07:27 PM

මෙහෙමත් කාන්තාවන්..!(නු)

:       0       0

සුධර්ම Saturday, 16 March 2013 09:13 AM

මිනිසුන් මෙතරම් තිරිසන් වන්නේ ඇයි? (නි)

:       0       0

නාලක Friday, 15 March 2013 09:01 PM

ඇයි මිනිස්සු මේ වගේ තිරිසන් වැඩ කරන්නේ..!(නු)

:       0       0

නතුමි Friday, 15 March 2013 09:02 PM

අනේ මෙහෙමත් බිරින්දෑවරු මේ ගැන කාට කියන්නද?(නු)

:       0       0

ඩයස් Friday, 15 March 2013 09:17 PM

මෙහෙමත් සිදුවීම් තියෙනවා නේද එහෙනම්..!(නු)

:       0       0

දිසානායක Saturday, 16 March 2013 03:38 PM

කුරුණෑගල පොලිසිය ඉන්නේ අය මාරු කරන් බැරිද (අ)

:       0       0

කමල් Friday, 15 March 2013 09:29 PM

පොලීසිය පැමිණිල්ල භාරගැනීමට ප්‍රමාද වීම බරපතලයි. සාමාන්‍ය ජනයාට අගුණයි. වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි.(නු)

:       0       0

නවීන් Friday, 15 March 2013 09:43 PM

රටකට ගිය කලක්..!(නු)

:       0       0

නසාර් Friday, 15 March 2013 09:48 PM

මේවාට වගකිවයුත්තන් කවුද?(නු)

:       0       0

රිෂාන් Saturday, 16 March 2013 10:20 AM

අපේ උත්තම රට අද වංචනිකයින් ඉන්නා රටක් වගෙයි. (නි)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 10:36 AM

දේශපාලන වශයෙන් අපේ රට කොච්චර පරාජිතද කියලා මේකෙන්ම පෙනෙනවා. (නි)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 10:30 AM

කොච්චර සුරංගනා කතා කිවුවත් අපේ රට දිනෙන් දිනම ප්‍රපාතයට යන බව මේකෙන් පැහැදිලියි. (නි)

:       0       0

ජයම් Saturday, 16 March 2013 11:10 AM

මිට සම්බන්ධවූවන්ගෙන් ප්‍රශ්න කරලා නීති මාර්ගයෙන් දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

කළුගේ Friday, 15 March 2013 11:33 PM

මේ පුවත තේරුම් ගන්න අමාරුයි... මේක හතර බීරියිනේ (ස)

:       0       0

ඩෑම් Saturday, 16 March 2013 12:08 AM

ආදරයට කොහේදෝ බාධා නැත්තේ? (නි)

:       0       0

සුරංග Saturday, 16 March 2013 12:58 AM

අනේ විභූෂණ, මට ඒ කතාව කියන්නකෝ. (නි)

:       0       0

රන්ගී Monday, 18 March 2013 07:56 AM

මේක සිද්ධ වුණේ අපේ ගමේ. ඔය තරුණයා විවාහක දෙදරු පියෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site