විපක්ෂයේ ඇතැම් අය කකුලෙන් අදිද්දී දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීම සුළුතර ආණ්ඩුව ලැබු අති දැවැන්ත ජයග්‍රහණයක් යැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (30) පැවසීය.
කියන දේ කරන, කරන දේ කියන වත්මන් ජනාධිපතිවරයා බලතල කප්පාදු කරන සංශෝධනය සම්මත කිරීමට කළ කැප කිරීම සුළුපටු නොවන බවද කරුණාතිලක මහතා කියා සිටියේය.
යටි උගුල් ඇදි විවිධ බාධක මැඩ විපක්ෂයේ බහුතරය දිනා ගැනීමට සුළුතර ආණ්ඩුවට හැකිවුයේ පොදු ජනතාව, මාධ්‍යවේදීන් ප්‍රමුඛ මාධ්‍ය ආයතන ලබාදුන් සහායෙන් බවත්, එම සංශෝධනයට එරෙහිව පෙනය පිප්පු නයින් සම්මත වු පහු ගැරඬියන් බවට පත් වු බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඡායාරූප - තිළිණි ද සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කබරයන් තලගොයන් වුනේ නැද්ද කටුස්සන් පාට මාරු කළා නේද (බ)
විමල් වීරවංශව තමයි මතක් වෙන්නේ (බ)
විපක්ෂය කකුලෙන් අදිනකොට සුළුතර ආණ්ඩුව පනත සම්මත කළාලු.මේක වෙන්න පුළුවන් දෙයක්ද? (නි)
අපේ ඡන්දෙන් පත්වෙලා ,අපේ සල්ලි වලින් පඩි අරගෙන, අපි නොකියපු ජරාව කාලා අපිට විරුද්ධව වැඩ කළොත් අපි මොකක්ද කරන්න ඕනෑ? (නි)
කොහොමත් දැන් ආණ්ඩුව පික්පොකට් ගහල (බ)
කට්ටිය නයා ගෙනාව..නමුත් අන්තිමේදී 19 උනේ ගැරඬියෙක්..දුකට කවි කියන්න මහත්තයෝ..දෙන්නට දෙන්න ගැට ඇබරුවට අන්තිමේදී මෛත්‍රී මහත්තය දිනුව..ඔයාලගේ අගමැති පරාදයි.ඔය සම්මත වුනේ රනිල් මහත්තයට ඕන 19 නෙමෙයි..මුල් පිටපතයි සංශෝධනයි අතර වෙනස පත්තරවල වැටුනානම් බඩ කපා ගන්නවා මිසක් මෙයාල මාධ්‍ය සංදර්ශන දාන්නේ නැහැ..(බ)
ඉත්තෑවගේ ගෙට රිංග ගත්තු කැබැල්ලාවෝ කට්ටියනේ (බ)
මූහුණ දැක්කහම දුක හිතෙනවා (නි)
පිවිතුරු යහපාල නමැති ඔයා ඇයි බය ඔයාගේ ඇත්ත නමින් ඕවා ලියන්න? (නි)
සමහරු නම් නයි අරින බව අපි දන්නවා (නි)
වචන හසුරුවාගත්තොත් හොඳයි. (නි)
නියම කතාව! (නි)
පිවිතුරු යහපාලයෙනි, 27 සහ 28 දින දෙකෙහි රඟ දැක්වුණු නාට්‍යය එහි පිටපත 2015 ජනවාරි 08 වෙනිදට මාස හයකට පෙර ලියා තිබු පරිදිම රඟ දැක්වුණු බවයි මගේ හැගීම. පක්ෂ නායක සහ පක්ෂවල මධ්‍යම කාරක සහ විධායක සභා රැස්වීම්වල ඒ සඳහා හොඳ පුහුණුවක් ලබාදුන් නිසයි නළුවෝ සහ නිලියෝ හොඳට රඟ පෑවේ. දේශපාලන රඟ මඬලේ රඟපෑම පිලිබඳ අවබෝධයක් නැති දෙන්නෙක් පමණක් විරුද්ධ වීමෙන් සහ වැළකී සිටීමෙන් ස්වකීය සත්‍ය ස්වරූපය රටටම පෙන්වා සිටිය. දැන් ඉතින් යහපාලන නාට්‍යය පෙන්වන්න ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න ඔබ තුමාට පුළුවන්.(බ)