ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එතෙර ලොතරැුයි දිනා ඇතැයි කියමින් ඔවුන්ගේ රුපියල් 7,20,400 වංචා කලැයි කියන ක්ලින්ච් ක‍්‍රිස්ටියන් නම් නයිජීරියා ජාතිකයාට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා සිර දඬුවම පස් වසරකට අත් හිටවීය. ඔහුට රුපියල් 15000ක දඩයක්ද නියමවීය. ඊ.එස්.පී.එන් මෙගා ක‍්‍රිකට් ලොතරැයියෙන් පවුම් හත්ලක්ෂ පනස්දාහක් දිනා ඇතැයි කියමින් හෝමාගම ව්‍යාපාරිකයකුට හා තරුණයකුට එස්.එම්.එස් කෙටි පණිවිඩ යවා පවුම් 1000 බැගින් වංචා කළැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. තවත් නඩුවකට ඔහු වරද පිළිගන්නා බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාෂ් නූර්දීන් මහතා අධිකරණයට කරුණු දැක්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි දුකයි
දඩය නම් මදි. (නි)
අයියෝ සල්ලි
පුළුවන්නම් ලොව පුරාම මේ සිද්ධිය ප්‍රසිද්ධ කරන්න ඕන. හැමදා මේක වෙනවා.පලමු වතාවට කෙනෙක් වරදකරු කරලා නඩුවක් තීන්දු වුනේ.අපි දැන හිටියට. (ස)
මේ වගේ හොරු ලෝකයේ හැමතැනම ඉන්නවා. (නි)
නයිජීරියන් කාරයන්ට අහුවෙන්න නම් එපා. දවසකට ඊමේල් අඩු ගණනේ දෙකක්වත් එනවා, එක එක රෝල් දාලා. (නි)
දඩුවම නම් මදි. එය වැඩිකළ යුතුයි. (නි)
හිර දඬුවම අත් හිටවලා....? (නි)
ඇත්තටම මේ මිනිස්සුන්ගේ මොළය කොහේද තියෙන්නේ? කීයක් හරි හම්බ කරගන්න පුලුවන් නම් අපේ කට්ටියත් ඕනෑම කුණු ගොඩක් බාර ගන්නවනේ. (නි)