නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කැරුණු වාස් ගුණවර්ධන මහතා බ්‍රහස්පතින්දා (14) උදෑසන 9.30ට ගම්පහ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.
1981 පෙබරවාරි මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ ඒ මහතා 1989 වසරේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1990 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2005 වසරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ද, 2007 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස ද උසස්වීම් ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් කටයුතු කළ ගුණවර්ධන මහතා ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගාල්ල සහ රත්නපුර කොට්ඨාස භාරව සේවය කර ඇත.
රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පත්වීමෙන් පසු කොටකෙතනේ අභිරහස් ඝාතනවල සුල මුල හෙළි කර ගැනීමත් සමග ඒ මහතා ගැන විශේෂ කතාබහත් ඇති විය.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් පෙබරවාරි පළමුවැනිදා ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිදුවෙන අපරාධ නැවැත්වීමට ඔබතුමාට ශක්තිය ලැබේවා! (නි)
මැතිඳුනි , ඔබට ජයෙන් ජයම වේවා (ස)
මෙතුමා නම් හොද කෙනෙක් වගෙයි. (නි)
මැතිදුනි, ඔබට සුභ පැතුම්! (නි)
නොවිසඳුන අපරාධ සියල්ල විසදන්න බලන්න. (නි)
ගම්පහ දිස්ත්‍රික්කයේ මහ ජනතාවට බුදු සරණයි..!(නු)
ගම්පහ කියන්නේ ලංකාවේ දූෂිතම පැති වලින් එකක්. නීතිය තදින් ක්‍රියාත්මක කරන්න (නි)
ඔබ වගේ දක්ෂ නිලධාරීයෙන් ගම්පහට පැමිණීම අගයකරනවා (ස)
ඔබතුමියගේ ජීවිතය ආරක්ෂා කරගෙන රටට සේවයක් කිරීමට ශක්තිය ලැබේවා.අපි ඔබව සැමදා අගයමි (ස)
මෙම පුවත ඇසීමෙන් සතුටට පත්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අතරට මීගමුවේ ජනතාවද එකතු වන බව ඉමහත් සතුටින් ප්‍රකාශ කරමි (ස)
වගේ නෙවෙයි මිගාර ඇත්තටම හොදයි . කුරුණෑගලින් නැත්නම් රත්නපුරෙන් අහල බලන්නකෝ . (ස)
පෙන්නමු දස්කම් පෙන්නමු විස්කම් වාස් මහතාණෙනි. (නි)
ඔබ වගේ දක්ෂ නිලධාරීයෙන් ගම්පහට පැමිණීම අගයකරනවා (අ)
සන්තෝසයි (දී)
ගම්පහට හොදයි (දී)
ඒක නම් සිතන්න අමාරුයි අජිත්!(ස)
සන්තෝසයි. නීතියට වැඩ අවශයි (දී)
ජයවේවා! (නි)
මෙතුමා හොද දක්ෂ නිළධාරියෙක්. (නි)
ගම්පහ අපි, ඔබතුමා සාදරයෙන් පිළිගන්නවා! (නි)
ඔබතුමා අප රටට වලා තියෙන දේ තේරුම් නෙ රටට යමක් කරන්න ඕන... හැමදාම මෙහෙම වෙන්න දෙන්න පුළුවංද? (නු)
මෙවන් වැඩදායී පුද්ගලයින් අපි සැමදා අගයමු. (නි)
කවදාහරි පොලිස්පති වෙන්න පුළුවං.. ඒ වගේම දේශපාලනය කරන්න එන්න.. ඔබ වගේ අය තමයි රටට අවශ්‍ය..!(නු)
ගාල්ලට මහත් පාඩුවක් (ස)
ජනතා සේවයට කැප වූණු ඔබට සුභ පැතුම් (දී)
ඉතාම බුද්ධිමත් නිලධාරියෙක් ,දේශපාලකින්ගේ වචනයට නොනැමී රාජකාරී කිරීමට ශක්තිය ලැබේවා (ස)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ගම්පහට සාධරයෙන් පිළිගන්නවා ඔබතුමාව (ස)