සතියක් පමණ ඇද හැලුණු වැස්සෙන් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල බලපා ඇති නියං තත්ත්වය නිසා පවුල් 129699ක පුද්ගලයෝ ලක්ෂ 5කට ආසන්න පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.
වැඩිම පිරිසක් අසරණව ඇත්තේ උතුරු පළාතේය. එම ගණන 177847කි. යාපනය දිස්ත්‍රික්කයේ 52829ක් ද, මුලතිව්හි 43739ක් ද, කිලිනොච්චියේ 46401ක් ද, වව්නියාවේ 34878ක් ද එම පිරිස අතර වෙති.
නියං තත්ත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපහසුදාවට ලක්වූ ගණන 94033කි. ගම්පහ දිස්ත්‍රික්කයේ 53038ක් ද බලපෑමට ලක්ව සිටිති.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් ඇති වුවත් නියං තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි.
කාලයක් තිස්සේ පැවැති නියඟය නිමා කරමින් ජනවාරි මස තුන් වැනි සතියේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණු අතර ඇතැම් ප්‍රදේශවල ජල ගැලිම්ද ඇති විය. පෙබරවාරි මස මුල් සතියේ සිට වැසි පහව ගොස් යළි පායන්නට පටන් ගත්තේය.
අද දිනයේ දිවයිනට ඉහළ අහසේ තත්ත්වය. ඡායාරූපය නාසා අනුග්රහයෙනි.
ජනාවාරි මස 09, 11, 19, 21,23 දිනයන්හි දිවයිනට ඉහළ අහසේ තත්ත්වය. ඡායාරූප නාසා ඇසුරෙනි.
ජනවාරි මස 12 වැනි දා සිට අද වන තුරු දිවයිනට ඉහළ අහසේ තත්ත්වය. වීඩියෝ නාසා අනුග්රහයෙනි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ප්‍රශ්නයක් කරගන්න එපා. අහවලාට කියලා කියවාගන්න ඉදිරියට නියඟයක් එනවා සුදානම්වන්න කියලා. ඊළඟ සතියේ ගංවතුර ගලන්න වහිවී (නි)
මේ යන විදිහට පිලිපීනයේ ජනාධිපති වගේ කැලෑ කපන අය දඬුවම් දුන්නේ නැත්නම් ලංකාවත් කාන්තාරයක් වෙනවා. එකෙක් දෙන්නෙක් එලෙස මියගියත් රටත්, අනාගත පරපුරත්,රටේ ජීවත්වෙන ලක්ෂ සංඛ්‍යාත මිනිසුනුත් සුරක්ෂිත වෙනවා. (නි)
ඉදිරියේ එන නියඟය ගැන පෙර තබා සුදානම් වන චීනය මීළඟ වැසි සමයේ උපරිම වර්ෂාපතනයක් කඳුකර ප්‍රදේශ වලට ලබාගැනීමට ඩොලර් මිලියන තිහක් මේ වසරේ වෙන්කොට තිබෙන බව බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පතේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා. වලාකුළු අවශ්‍ය ප්‍රදේශ වලට යොමුකිරීමට අවශ්‍ය මිසයිල පද්ධති මිලදී ගැනීමට මෙන්ම වලාකුලු මතට රසායනික ද්‍රව්‍ය ඉසීමට පෙර තබා සුදානම්වීමත් සඳහායි මේ සුදානම් වන්නේ. මෙවැනි නියඟයක් ලංකාවේ ඇතිවුණු අවදියක සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේ වලාකුළු මතට ගුවන් යානා මගින් යුරියා ඉසිනු ලැබුවා මට මතකයි. අපට වලාකුළු කඳුකරයට යොමු කිරීමට මිසයිල් පද්ධති මිලදී ගැනීමට හැකියාවක් නොමැති වුණත්, මේ වලාකුළු තිබෙන අවස්ථාවේ ඒ මතට රසායනික ඉසීමෙන් වර්ෂාව වැඩිකරගත හැකි වන්නේ නම් එමගින් ඉදිරියේ එන නියඟයට පෙර තරමක් හෝ වැව්අමුණු පුරවා ගැනීමට පුළුවන් වෙනවා. රටේ කාලගුණ විද්‍යා විශාරදයිනුත්, ජල සම්පාදන සහ වාරිමාර්ග විශාරදයිනුත් මේ පිළිබඳව රජයට උපදෙස් නොදී නියඟය පැමිණෙනතුරු මුනිවත රැකිම කණගාටුවට කරුණක්. අන්තිමට නියඟයෙන් පීඩිතවූ ගම්මුන්ට වෙන්නේ නියඟය පැමිණි පසු අඥාන ඇමතිවරු මිට කලින් කළාමෙන් වැවු බැමි මතට නැඟී වැස්ස වලාහක දෙයියන් බයකිරීමට අහසට වෙඩිතබන අයුරුත්, ගිනි අවුවේ ටයි පොලු දමාගත් සමහර නිලධාරීන් ඒ වටා අත්පුඩි තලමින් ආවඩනු බලා සිටීමටත්ය. (නි)
නියඟය අමනුෂ්‍ය බිය රෝග පීඩා.. රනිල් චන්ද්‍රිකා මෛත්‍රී ආවෙ 2015 ජනවාරි 8 ඉදලා. රටම ගිනිගන්නවා ආයුධ ගබඩා ඉබේ ගිනිගන්නවා. ඇල දොල හිදෙනවා. වහිනකොට වහිනවා රටම හේදිලා පස් කදු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙන තරමට. වැඩිය ඕනෙ නැහැ බලන්න ක්‍රිකට් දිහා කවද ඉදන්ද පරාජය කියලා රටම පරාදයි මෙයාල දිනුම්... හිත සතුටු වෙන්න මැච් එකක්වත් දිනන්නෑ මෙයාලගේ කරුමේ රටට ගහලා...(අ)