අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැවැත්වෙන විමර්ශනයට අදාළ නියෝග වලට සහ කැඳවීම් වලට අවනත වන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) නියෝග කළේය.
රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීම හේතුවෙන් ඊට අපහාස කරන ලදැයි සදහන් චෝදනා ඇතුළත් පෙත්සම් විභාගය අවසන් කරමින් මෙලෙස නියෝග කෙරිණ.
විත්තිකාර මන්ත‍්‍රීවරයා කොමිසමේ නියෝග අනුව කටයුතු නොකර නීතිය කඩකර ඇතත් අධිකරණයේ නියෝග අනුව කොමිසම හමුවට ඉදිරිපත් වී සාක්සී සහ දිවුරුම් ප‍්‍රකාශ ලබා දී ඇති බැවින් පෙත්සමේ විභාගය අවසන් කරන බව අධිකරණය දැනුම් දුන්නේය.
රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා කියා සිටියේ අදාළ විමර්ශනයට විත්තිකරු පූර්ණ සහයෝගය දක්වන බවයි.මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියාසාත් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd