“නායකයන් වැඩි වුණාම ප්‍රශ්න වැඩියි” යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ ඌව පළාත් සංඝනායක මහනුවර කාශ්‍යපලංකාර හිමියන්ට උත්තර මණ්ඩල සංඝනායක පදවි පිරිනැමීමේ උත්සවයේ දි පැවසීය.
නායකයන් ඉහළින් පත් කළ පමණින් හරියන් නැති බවත්, ඒ නායකයන් ජනතාව විසින් පිළිගත යුතු බවත් ඔහු කීවේය.
(වීඩියෝ ආර් තෝගුලන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් පිවිතුරු යහපලට මොලේ පෑදිල. මහින්ද මහත්තයාගේ බෝධි පුජාවෙන් පස්සෙද කොහෙද. (ම)
පිවිතුරු යහපාල නමින් තවත් කෙනෙක් ලියූ දෙයක් මේක. නැත්නම් කවදාවත් ඒවගේ මිනිස්සු යතාර්ථය දකින්නේ නැහැ.(අ)
නායකයෝ රටකට වාසනාවක් , ඇත්ත එක නෙවෙයි . බලයට කෑදර බල පෙරේතයෝ වැඩියි , හැමෝටම ඕන අගමැති වෙන්න එහෙම නැතුව ප්‍රතිපතිගරුක දේශපාලකයෙක් වෙන්න එකෙකුටවත් ඕන කමක් නැහැ , (ම)
පිවිතුරු යහපාලගේ ප්‍රකාශය හිතාගන්නත් අපහසුය.එය ඔහුගේ විය නොහැකිය. කිසිවෙක් එවැනි පහත් ක්‍රියාවක යෙදී ඇත්නම් ඒ ගැන කණගාටු වෙමි. (නි)
පිවිතුරු යහපාල, මගේ සතුට. ඔබට ජය ! (ර)
පිවිතුරු යහපාලගේ නමින් දාලා තියන ප්‍රතිචාරය බැලුවාම මට අදහාගන්න බැරිව ගියා. මේක එයා නොවේ නම් ලියලා තියන්නේ එය හෙලා දැක යුතු වෙනවා. අපි අතර වෙනස් අදහස් තිබෙන්නට පුලිවන්, මේ ගැන හිතන්න වෙනවා. (ර)
යහාපාලගේ හිත වෙනස්වෙලා! සුබ පැතුම් ඔබට!! (නි)
අපි මොනවා හිතන්නද අනේ! (නි)
ජනතාව පිළිගත් නායකයා කියන්නේ හිටපු කෙනාටද.? (ර)
හරියට හරි. සියලු නායකයන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. කුමන්ත්‍රණ ඔස්සේ පස්ස දොරෙන් ඒම නතර කල යුතුය. (නදී)
ඔය පස්ස දොර කියන්නේ ලිස්ට් එකට නේද? එහෙනම් ඉතින් ඔයා ඌව පළාත් සභා මැතිවරණයෙන් පරාදයි නේද ? දැන් ඉතින් 20 ට විරුද්ද වුන සෑම දේශපාලකයෙක්ම ගෙදර යවමු. පක්ෂ පාට භේදයෙන් තොරව.(නදී)
ආසනය පැරදුන හින්දා අගමැති කම එපා කියනවා වගෙයි මටනම් හිතෙන්නේ මෙහෙම කියනකොට (නදී)
සියළුම නායකයන් බොරු කාරයන් බව මට තේරුම් ගියා දින සීයේ බොරු පොරොන්දුවෙන් සහ තවත් දේවල් නිසා. මෙතුවක් කල් දුර දිග නොබලා මා විසින් ලියන ලද දේවල් කිසිම හරයක් නැති අනුවන තර්ක බව මට පසක් වුනා. (ම)
මේ කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ නායකයෝ වැඩි එක තමා.ඉන්න ඔක්කොම අනුශාසකයෝ. එහෙමනම් ඒ ය නම්බු පිට ඉදගෙන ගෞරවනීය සේවයක් කරන්න ඕනේ කියන හැගීමයි මටනම් තියෙන්නේ. නැවත ජනතාව අතරයි , පක්ෂ ඇතුලෙයි නැති ප්‍රශ්න ඇති නොකර. (ම)
බටන්ගල මාටින්, මනාපය අනුව දින්නත් ආසනයෙන් පරාද වෙච්ච කෙනෙකුත් අගමැති වෙලා තියෙනවා (නදී)
දැන්ද එක තේරුනේ? හැමතැනම නායක කමට පොරකන අයම තමා දැන් මේ වැදි බණ කියවන්නේ.(ම)
එක තමා.. ජනතාවගේ නායකයා "මහින්ද" මිස ඔබතුමාවත් ,මෛත්‍රී වත් නෙවේ ඔබතුමාගේ අනාගත දේශපාලනය යහපත් වෙන්න නම් , ජනතා ආශිර්වාදය ලබෙන්නා නම් මෙවෙලාවේ මහින්දට උදව් කළ යුතුමය එසේ නොකළහොත් ලැබෙන කැත නම මකන්න අමරුයි (අ)