විශ්ව විද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව වෙනුවට වඩාත් ඵලදායි වැඩසටහනක් හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රාජීව විජේසිංහ කියයි.
නායකත්ව පුහුණුවට ගොස් උඩ පැනීම ආදියෙන් දරුවන්ට වූ සෙතක් නැතැයි කීය. අමාත්‍යවරයා විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදිය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දෙය මිස රජයට අවශ්‍ය දෙය නොවන බව ද සඳහන් කළේය.
එමෙන්ම මෙම වැඩ සටහන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබීම වරදක් බව කී මහාචාර්ය විජේසිංහ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කටයුතු සඳහා වෙනත් අමාත්‍යාංශයක සහාය ලැබ ගැනීම වරදක් නොවුවත්, වෙනත් අමාත්‍යංශයකට පවරාදීම වරදක් බව කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ හිටපු ඇමති තුමාවත් ඔය වැඩසටහනකට යොදවලා හොඳ පුහුණුවක් දෙන්න. නායකයෙකු වශයෙන් කට රැක ගැනීමේ වැදගත්කම විශේෂයෙන්ම පුහුණුවට ඇතුලත් කරන්න. (දිල්)
ඔය එක්කම නායකත්ව පුහුණුවට ගොස් නොයෙකුත් කරදර වලට මුහුණ දුන්න සිසු සිසුවියන්ගේ දැන් තත්වය සොයා බැලුවොත් හොඳයි නේද ? කොන්ද ආබාධ වුන දෙතුන් දෙනෙක් සිටියා කියලා පසු ගිය කාලයේ වාර්තා වුනා නේද ? මේවා සෙල්ලම් නෙවෙයි. දුරදිග යන අසනීප තත්ත්ව බවට පත් වෙන්න පුළුවන්. (ර)
සිසුන්ට නායකත්ව පුහුණුවක් අවශ්‍යනම් එය විශ්ව විද්‍යාල තුලම ලබා දිය හැකිය. හමුදා කඳවුරු වලට යැවිය යුතු නැත. (ර)
ඇති යාන්තම්.(හේ)
සරසවි ශිෂ්‍යයන්ට ආමන්ත්‍රණය කරන්නවත් දන්නේ නැති උඩඟු මෝඩ කෙනෙකුගෙන් මේ ඇමතිකම ඉවත් වෙච්ච එක හැමෝගෙම වාසනාවක්. (නදී)
ගොන් කතා කියන්න එපා. නායකත්ව පුහුණුව නම් වැඩක් නැති ද මන්දන්නේ නැහැ. එ්ත් උඩ පනිනවා කියන්නේ උඩ පනිනවා නෙවෙයි. අපේ ආයතනයෙන් ලීඩර් සිප් වැඩ සටහන්වලට ගිහින් ගිහින් ඕන තරම් උඩ පැනල තියනවා. ලක්ෂ ගණන් කම්පැනි එකෙන් වියදම් කරන්නේ වටිනාකම නොදැන නෙවෙයි (නදී)
අපගේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන බහුතරයක් සමාජයට නිරාවරණය නොවුණු කොටසක්.පොත පතේ දැනුම පමණක් සහිත කොට තනිව ඉලක්ක හඳුනා ගැනීම. ඉලක්ක ගතව වැඩ කිරීමට ක්‍රමවේදයක් පිළියෙල කර ගැනීම. විනයක් සහිතව හඹා යෑම යන අංග ඔවුන් දියුණු කර ගත යුතුයි. (දිල්)
මෙච්චර කල් ඔය අමාත්‍යාංශය පාලනය කළ අයගේ කටවල් විතරයි තිබුනේ. එ් නිසා තමයි හැම දෙයක්ම නොපිටට පෙරලුනේ. දැන් වත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරිමග යයි කියලා අපි හිතනවා. (නදී)
මේක හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ විකාර වැඩක්. නවත්තපු එක හොඳයි (නදී)
පුහුණුවට යවන්න තිබුනේ හිටපු උසස් අධ්‍යාපන ඇමතිතුමාව. නායකයෙකු වශයෙන් සමාජය ඉදිරියේ සංවරව වචන පාවිච්චි කරමින් ශීලාචාර සිරිත් විරිත් වලින් යුතුව සභාවක් ඉදිරියේ පෙනී සිටින්නේ කොහොමද කියලා ඉගෙනගන්න. ඒක ළමයින්ට කලින් එයා තමයි දැන ගන්න ඕනා. (නදී)
මේ නායකත්ව පුහුණුවේදී ශාරීරික සවුක්‍යය , කණ්ඩායම් ක්‍රියා කාරකම් විතරක් නෙවෙයි නායකයන් හැටියට , විනීත , ශීලාචාර අයුරින් අශ්ලීල වචන සහ වාචාල වලින් තොරව සභාවක් අමතන හැටිත් කියලා දෙනවා යයි මම උපකල්පනය කරනවා. ඒ මොකද මේ ළමයින්ට අහන දකින්න ලැබුන එක්තරා නායකත්ව ශෛලියක් නම් ලෝකයේ කොහෙවත් නැති එකක්. (බ)
ඔහුට උවමනායි වෙනසක් කරන්න අනෙක් අයට වඩා. ඔහු දක්ෂ මහාචාර්යවරයෙක් (බ)
පුහුණුවට යවන්න ඕන කවුද කියල අපෙන් අහන්න අපි කියන්නම්. හැබැයි දැන් එයාට කට පරිස්ස්සම් කරගන්න හැටි එයාගේ ලොක්ක දන ගස්සවල පුහුණුවක් දීල තියනවද කොහෙද (බ)
සරසවි ළමයින්ට පුහුණුවට අනාගතයේ රැකියා සඳහා අවශ්‍ය වෙන උපදෙස් මාලාවක් ඇතුලත් පුහුණුවක් දෙනවා නම් හොඳයි. උගත්කම විතරක් තිබිලා මදි . අදාළ කුසලතා ලබා ගැනීමත් වැදගත්. සමහර උපාධිදාරීන් සේවාව ලබා ගන්න එන මහජනයාට හෝ පාරිභෝගිකයාට හරියට කතා කරන්න දන්නේ නැහැ, . පරිගණයක් ක්‍රියාත්මක කර ඉංග්‍රීසියෙන් ඊ මේල් එකක් යවා ගන්න බැරි කට්ටිය ඉන්නවා. විශේෂයෙන් පුද්ගලික අංශයේ රැකියාවලට මේ දේවල් අවශ්‍යයි. පසු කළක රජයේ රැකියා නැහැ කියමින් කාලය ගෙවනවාට වැඩිය සරසවියේදී මේ දේවල් ගැන දැනුවත් කරමින් යම් පුහුණුවක් ලැබුනොත් ළමයින්ට එය ප්‍රයෝජනයි. (හේ)
ඒක හොදයි.බොරු වියදම්.(හේ)
සරසවි සිසුවා හෝ සරසවිය යනු හමුදාව සුදානම් කරන තැනක් වත් පාලකයාට අවශ්‍ය සුවච කීකරු පීරිසක් හදන තැනක් නොවේ. එහි බිහිවිය යුත්තේ විචාරසීලී, නිර්මාණාත්මක පිරිසක්. (ර)
ඒ බොරු වැඩ නවත්තපු එක හොදයි.(හේ)
දැන් එය නැවත පටන්ගත්ත කෙනාට විශේෂ පුහුණුවක් දෙන්න(දිල්)