කොළඹ කොල්ලූපිටියේ ක්ලියෝ පැට්රා රාත‍්‍රී සමාජ ශාලාවේ නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) රුපියල් පනස්දාහක ශරීර ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත‍්‍රා කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. ඇය නයකු ළඟ තබාගෙන සිටි බව කියමින් පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් කළේය. වනසත්ව හා තුරුලතා ආඥා පනත අනුව නයකු ළඟ තබා ගැනීම වරදක් නොවන බවත් එය වරදක් නම් සියලූ අහිකුණ්ඨිකයන් අත්අඩංගුවට ගත යුතු බවත් ඇගේ නීතිඥවරු කීහ. මේ ගැන සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් පොලිසියට නියෝග කෙළේය. මේ පැමිණිල්ල දිගටම පවත්වාගෙන ගියහොත් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් නඩුවක් ගොනුකරන බවද නීතිඥවරු කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නයි කයිද රෝස්පාන් කිවුවලු. (නි)
ක්ලබ් එකක් නයින් නැටවීමේ වරදක් නැහැ. වරදක් වෙන්නේ නයින් සුරතලයට ළග ඇති දැඩි කිරීමයි. අනේ මෙහෙමත් රටක්? (නි)
නයෙක් වුණා නම් හොදයි කියලා සමහරුන්ට හිතිලා වගෙයි. (නි)
අහක ඉන්න නයි ඇගේ දාගෙන කනවෝ කියන්නෙ මේකට තමයි නංගි...!!(නු)
අනේ මන්දා නයෙක්වත් නටවන්න බැරිද? යකඩෝ, මාර වැඩක්නෙ මේක? (නි)
ඇයි මේ නයා තියාගෙන හිටියෙ කියලා දන්නේ නැහැනේ..!(නු)
අනේ නයි නංගියේ, මොනවද මේ දා ගන්න ලෙඩ? (නි)
නිරෝෂා අහිකුණ්ටික පවුලකින් එන එකනෙක් වෙන්න ඇති.. ඒකනේ නයින්ට ආසා..!!(නු)
ගිය ආත්මේ නයෙක්ද දන්නේ නැහැ. (නි)
පොලිසියත් මෙයාලටම තමයි එයාලගේ නීතියත්.. (නු)
ලාංකික නළගනකට රුපියල් 50,000ක්. චීනෙන් ආපු වීදි සරපු ළදකට රුපියල් 10යි. (නි)
පොලිසියට වැරදුණාද? නැත්නම් නිරෝෂා පොලිසියට වරද්දයිද? (නි)
පවු, නයෙක් ඉල්ලුවානම් දෙනවනේ. (නි)
සජී තමයි නියම කතාව කියලා තියෙන්නෙ..!(නු)
වනසත්ව හා තුරුලතා ආඥා පනත අනුව නයකු ළඟ තබා ගැනීම වරදක් නොවේ. එය වරදක් නම් සියලූ අහිකුණ්ඨිකයන් අත්අඩංගුවට ගත යුතුය. පොලිසියටත් පිස්සුද මන්දා? (නි)
මේ අක්කා මොකටද ඌව තියාගෙන හිටියේ? (නි)
පොලිසියත් නයෙක් නටවන්න වගෙයි හදන්නේ. (නි)
නයි හොදයි කියලා හිතන්න ඇති මිනිසුන්ට වඩා....!!
නිරෝෂා නංගි, ඔයා හරියට නීතිය ඉදිරියට ගියොත් පොලිසිය අසරණ වෙනවා. (නි)
නාග චම්පා කොල්ලුපිටියේනේ ඉදල තියන්නේ. (නු)
ඔය නයා ඒ වෙලාවේ එතන හිටපු අයට දෂ්ඨ කළා නම් කවුද වගකියන්න ඕනෑ? (නි)
ඔයාලා දන්නවද නයා කොච්චර ආසාවෙන්ද 'ඩාන්ස්' එක දැම්මේ කියලා? පවු. හරිම පවු. (නි)
එහෙනම් නයාටත් නඩු දාන්න ඕනෑ. අද හෙටම නයාව එල්ලුම් ගස් යවයිද දන්නේ නැහැ. (නි)
අහිංසක කෙල්ලන්ව නම් ඉතිං අල්ලයි. (නි)