අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ එම කොමිසමට අපහාසයක් සිදු කර ඇති බවට පැමිණිලි කරමින් ගොනු කර ඇති පෙත්සම නීතියට පටහැනි බවට නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් අගෝස්තු 29 වැනිදා හෝ ඊට පෙර ලිඛිත දේශන ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එහි පාර්ශවකරුවන්ට නියෝග කළේය.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මෙම මූලික විරෝධතාවය ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා විසිනි.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , ප‍්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.
COMMENTS
බලාගෙන මිනිහ පොඩි ළමයෙක් වගේ. තවම. උසාවිය. ඇතුලේ. නටන්න ගනියි (බ)
මේ ජේවීපී එකට තියෙන අමාරුව මොකක්ද? අල්ලස් කොමිසමට රටේ නායකයන් ගැන පැමිණිලි කරන්න? රටේ ජනතාව මේ අයගේ වේදවලට කැමති නිසය් ඡන්දෙ දෙන්නේ. හොරකන් කළත් ඒ අපේ සල්ලිනෙ. අපිට කමක් නැතිනම් මේ අයට තියෙන රුදාව මොකක්ද? (බ)
තවම හිතාගෙන ඉන්නවා ඇත්තේ තාත්තා මහාරජ, මම යුවරජ කියලා වෙන්න ඇති. එ්කයි කොමිසම දෙන නියෝග පිළිපදින්නේ නැත්තේ. ආයෙත් සැරයක් ජම්පරයක් ගස්සවලා වැලිකඩ පැත්තේ යැව්වා නම් ඕක හරියයි. (නි)
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව ආණ්ඩුවේ ඇමති කෙනෙක් 10 පාරක් විතර නියෝග කරලත් ආවේ නැති එක වැරදි නැද්ද? එකපාරක් නොපැමිණි විපක්ෂ මන්ත්‍රී පමණද වැරදි? (නි)