පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගවර්ස් කෝපරේෂන් සහ එන්. ආර් කන්සල්ටන් සමාගම් සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 45 ක් රජයට පාඩු කළැයි සුජානි බෝගොල්ලාගම ද අද (16) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි නමුත් ඇය අසනීප වී රෝහලේ පසුවන බව ඇගේ නීතිඥවරු උසාවියට දැන්වූහ.
ඇය එම සමාගම් දෙකේම අධ්‍යක්ෂවරියයි. එම සමාගම් දෙකේ තවත් අධ්‍යක්ෂවරියක වන නිත්‍යා සේනානි සමරනායක ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
ඇබර්ඩීන් සරසවියේ අධ්‍යාපනය ලැබු බෝගොල්ලාම මහා භාණ්ඩාගාරයේ උපදේශක මට්ටමේ රැකියාවක් ලබා සිටියාය. මීට කලින් මුල්‍ය අපරාධ විමර්ශන අංශයට ඇය කියා සිටියේ හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාගේ අනුග්‍රහයෙන් රැකියාව ලබාගත් බවයි. ජානක බෝගොල්ලාගම මහතාගේ දියණිය වන සුජානි බෝගොල්ලාගම ක්‍රිෂ් සමාගමේ නීතිඥවරියක ලෙස ක්‍රියා කළාය.
ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කළ ඡායා ඇමති මණ්ඩලයේ විදේශ ඇමති ලෙස නම් කර සිටියේ නාමල් රාජපක්ෂයි.
ජායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙන්නන්න බැරි එකම දේ අපේ රටේ ධනය හොරකම් කරලා මදිවට ඔලොක්කුවට වගේ හිනාවෙලා යන එක. (නි)
මේ දරුවන් සියලුදෙනාට යහපත්, නීතිගරුක සහ ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අගය, අවශ්‍යතාව හා වැදගත්කම ඔවුන්ගේ දෙමාපියන් සහ වැඩිහිටියන් විසින් කියාදිය යුතුව තිබිණි. (නි)
කට ඇති පුතයි රුව ඇති දුවයි කිවුවේ නිකන්ද? (නි)
මේවට ගන්න ගම්වල ළමයි හිටියෙම නැද්ද? (නි)
අධ්‍යක්ෂක, උපදේශක තනතුරු ලබන්න තරම් පරිණත බුද්ධියක් ගන්න තරමට වයසින් මේරූබවක් පෙනෙන්න නැහැ. තාත්තලාගේ, බාප්පලාගේ දේශපාලන හයියෙන් මේ සේරම කරගෙන දැන් මුහුණ වහගෙන (නි)
වැරදි කරන උදවිය කූඩුවට දක්කනකොට හැමෝටම වාගේ දුකයි තමා. ඒ අයගේ මුහුණ දුටුවාම මටත් එහෙම හිතෙනවා. එ්ත් ඒගොල්ලෝ අපරාධ කළා නම් ඒවා කරනකොට අපි ගැන දුක හිතුනේ නැද්ද, මේ රටේ ජනතාවගේ දේපල නේද කියලා. (නි)
උපන්දිනයක් අපේ බදු සල්ලි වලින් ගත් ලක්ෂ ගණන් වියදම් කරලා කළ අයනේ. වේයෝ වගේ කන්නෙම රටේ ජනතාවගේ සල්ලි. හැබැයි යන්නේ නිකම් දාඩිය මහන්සියෙන් උපයපුවා වගේ. (නි)
පොල් හොරාට ගෙඩි 10ටත් විලංගු. මේ අය කෝටි ගණන් ගහලා නිදහසේ යනවා. (නි)
රජ පවුලේ ප්‍රශ්නනේ! ඒ නිසා ප්‍රශ්නයක් නැහැ (නි)
මෙයා මුහුණ වහගෙන යන්නේ මොකක්ද? (නි)
අපේ නාමල් මන්ත්‍රීතුමා තාරුණ්‍යයට හෙටක් වැඩසටහන යටතේ ලංකාවේ බොහෝ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීලා රටේ ශ්‍රම බලකායට නව ජවයක් ලබාදුන්නා. එහෙම තමයි මේ තරුණියටත් මෙම අධ්‍යක්ෂධූරය ලබාදෙන්න ඇත්තේ. මේකේ තියෙන වැරැද්ද මොකද්ද? ඇයි නාමල් මන්ත්‍රීතුමාට තරුණියන්ට උදව් කරන්න බැරිද? (නි)
ඔටුන්න හිමි කුමාරයා කරලා තියෙන දේවල් බැලුවාම අපිට පුදුම හිතෙනවා රටේ නීතියක් තිබුනේම නැද්ද කියලා ඒ කාලේ (නි)
අත්අඩංගුවට ගන්නවා, බන්ධනාගාරගත කරනවා, ඇප දෙනවා. මේක විහිළුවක්. නඩු කඩිනම් කරන්න. අධිකරණය මන්දගාමීයි. වැරදි නම් ඉක්මණින් දඬුවම් දෙන්න. (නි)
මෙයාද දන්නෙ නැහැ අර ලක්ෂ 25ක උපන්දින සාද පවත්වපු කෙනා? දැන්නම් ලංකවට ඇත්තෙන්ම ෂරියා නිතිය ඕනෑමයි (නි)
සමූපකාර ක්‍රමයට රට කාලා. (නි)
කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිවුවලු (නි)
රෝස මලක පෙති සියුමැලි වුවද, නටුවෙහි විසකරු කටු තිබෙන බව මෙච්චරකල් අපි දැනගෙන සිටියේ නැහැනේ. (නි)
තල වපුරා මුං නෙළිය නොහැකිය. උපයපු ක්‍රමයක් නොමැතිව කෝටිගණන් බැංකුවල තිබෙන්නේ කොහොමද? වැපිරුවේ මොනවද මෙපමණ සල්ලි අස්වැන්නක් ලැබෙන්න? (නි)
අවංකකම නැතිතැන දියුණුවක් නොමැත. සිතේ සැනසිල්ලද නැත. අන්තිමට ඉතුරුවෙන්නේ ලැජ්ජාව, දුක, කළකිරීම සහ පසුතැවිල්ල විතරයි. (නි)
අපේ රටේ බුද්ධිමත් ජනතාව තමයි මේවට වගකියන්න ඕනි. මට කවුරුහරි මඩු වලිගයක් ගෙනත් දෙනවද මටම තලාගන්න? (බ)
අපි ඉපදිලා ඉන්නේ පොඩි කාලයයි. මේ ඉන්න ටිකේ නම කැතකර ගන්නේ නැතිව පිනක් දහමක් කරගෙන හොද වැඩක් කරගෙන ඉන්න බැරි ඇයි ? (ම)
ඔය අහුවෙන්නේ හොර වැඩ (හේ)
ඇයි තනියම කවුරුත් නැතිද පස්සෙන් එන්න (හේ)
බලනකොට නාමල් සහ පිරිස හොරකල විතරනේ,රට හදමු ,තරුණයට හෙටක්, මේවා කියා කියා මේ මනුසාය මහජන සල්ලි ගිලලා වගේ ..(හේ)
දැන් ඉතින් කරපු දේවල් වලට වන්දි ගෙවන්න වෙයි.(හේ)
රෝස මලක පෙති සියුමැලි වුවද, නටුවෙහි විසකරු කටු තිබේ.(හේ)
අවසානයේ නිදහස් වේවි (නි)
මෙයා ගැන අපි හොඳින් දන්නවා (නි)
ඇමතිකම් ගන්නේ මේකටද? දුප්පත් කෙනෙකුට රස්සාවක් හොයාගන්න මොනතරම් අමාරුද? එත් මෙකල ඔවුන්ගේ දරුවන්ට රටම සූරාකන්න රැකියා හදලා දෙනවා. ස්වභාව ධර්මයෙන් මේවා පටිසන් දෙනවා (නි)
ලස්සන තරුණියක් මොනා වුනත් පව්.(හේ)
නැ මහීලාල් එහෙම කියන්න එපා මේ එහෙම නෙවේ දේශපාලන පළි ගැනීම් (හේ)
ලංකාවේ වූ ලොකුම හොරකම තමයි මහා බැංකු බැඳුම්කර වංචාව. කෝ ඉතින් මේ යහපාලන ආණ්ඩුව එ්ක වහනවනේ. වගකිවයුතු අය බෝ පැල වගේ ඉන්නවා. (නි)
දැන් තේරෙනවාද අපි ඇයි තාමත් දුප්පත් රටක්ව ඉන්නේ ඇයි කියලා.නුවන ඇත්තෝ වටහා ගනිත්වා.! (හේ)
ඇයි දැන් මුහුණ වහ ගන්න හදන්නේ.(හේ)
ආයේ එළියට නම් දාන්න එපා.(හේ)
දැන්නේ තේරෙන්නේ මේ රටේ ගොඩක් මිනිස්සු දුක්විඳින්නේ ඇයි කියලා. රටේ ජාතික ආදායම සේරම කොල්ලකාලානේ. මම හිතන්නේ පසුගිය අවුරුදු දහයට විතර රටේ සල්ලි කාපු කාලයක් තවත් නැතුව ඇති. පුදුම සල්ලියක්නේ යටිමඩි ගහලා තියෙන්නේ. අපි මේවට තවමත් බදු ගෙවනවා. රටේ කීදෙනෙක් අද දුක් විඳිනවද, දුප්පත්කම නිසා. පහසුකම් නැතුව. (නි)
ඒකාබද්ධ විපක්ෂයට තව තව ජනතාව එකතුකර දෙනවාට මේ ආණ්ඩුවට අපේ ස්තුතිය. (නි)
සමන්, තීරණය ඔබේද? (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට! (නි)
පුදුම අසනීප තමයි මේවා. (නි)
නිදහස ලබා වසර 70 කට කිට්ටුයි. ඒත අපි තවම තුන්වන ලොකයේ රටක්. මේ හොර දේශපාලකයෝ ඔවුන්ගේ ගෝලයන් සහ උගත් පුද්ගලයන් යැයි සම්මත අයද එක්වී අපේ රටට කර ඇති විනාශය කොතරම්ද? සමාජය කොයිබට යනවාද සිතාගන්න බැහැ (නි)
මේ ආණ්ඩුවේ ඇමතිලා පවුල් වල අයට රස්සා දීලම නැහැ... අනේ පවු...! (නි)
මේ ඔක්කොම කම්බා හොරුනේ බලනකොට. අම්මාගේ අප්පාගේ බූදලය වගේ. ඕවා වහගන්න තමයි දැන් බලයට එන්න පොරකන්නේ (නි)
රාජ සභාවේ ටෙලි නාට්‍යයක් මතක් වුනා.(හේ)
පේනවා නේද කට්ටියගේ වැඩ? (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
කෝටි ගණනක් රජයේ මුදල් හොරකම් කළාට සති 2-3 ක් රිමාන්ඩ් එකේ ඉඳලා බේරිලා යන්න පුළුවන් බව දන්නා නිසා තවදුරටත් හොරකම් කරාවි. මම දන්න විදිහට මේ විදිහට චෝදනා කරලා නඩු දැමුවාට පසුගිය අවුරුදු 5 තුළ හිරේ ගිය එකම ප්‍රසිද්ධ දේශපාලකයා සරත් ෆොන්සේකා පමණි. අනෙක් හැමෝම හිනාවෙවී රිමාන්ඩ් එකට ගොස් හිනාවෙවී එළියටද ආහ (නි)
දැන් කොහොමද මේ වගේ අය රිමාන්ඩ් එකේ ඉන්නේ.(හේ)
දහම්, ඔයා හොඳ දැනුමක් ඇති කෙනෙක් වගේ. අපිවත් සංඛ්‍යාත්මකව විස්තර ඇතුව දැනුවත් කරන්නකෝ (නි)
ඇයි මොකද මේ මුණ වහගෙන යන්නේ, හිනාවෙලා යන්නකෝ හොරකන් කරලා නැත්තන්. (හේ)
අපිට නම් හිතට එන්නේ අධ්‍යක්ෂක කෙනෙක් කිව්වහම වයසින් වැඩි අත්දැකීම් බහුල කෙනෙක්. (නි)
වපුරපු දේ අස්වැන්න නෙලන කාලේ ඇවිත් වගේ ... තල වපුරා...මුං නෙලිය නොහැක ....(බ)
මුහුණ හංගගෙන ගියාට වැඩක් නැහැ නගෝ. බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා අහලා නැද්ද. ඔයගොල්ලෝ පරම්පරාගත සල්ලිකාරයෝ නේද. ඇයි මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ සල්ලි ගිලින්න උදවු කරන්නේ? (නි)
එළාර කියන ද්‍රවිඩ රජතුමා තමන්ගේ පුතා විසින් ඔහුගේ රථයට එළදෙනක් යටකළාම, තම පුතාට මරණ දඬුවම දුන්නා කියලයි කියන්නේ. එ්ත දැන් ඉන්න රජවරුන්ගේ පුතාලාගේ හොර වැඩ, චණ්ඩි පාර්ට් කෙළවරක් නැහැ. තාත්තලා පුතාල හරි හරියට මහජනතාව පීඩාවට පත්කරනවා. මේවා කවදා කෙළවර වෙයිද? (නි)
රන්ජිත් දොස්තර කෙනෙකුට කියල ඇස් දෙක බලව ගන්න ඉක්මනටම, කාලයක් මෙයාගේ උපන්දින සාදයට තාත්ත රජයේ ලක්ෂ 25ක් වියදම් කරලා පාටියක් දාල තිබ්බ,චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ ලන්ඩන් වල (බ)
මෙහෙම කරනකොට රටක් ඉතුරුවේ යයි. (බ)
මාර අසනීප කාරයෝ ටිකක්නේ ඕවා කරනකොට ඔය අසනීප නෑ (බ)
දුක තමයි දැන්. කරන්න දෙයක් නැහැ.(හේ)
මේවා හොද පාඩම්.(හේ)
සමහර පවුල් ඉන්නවා හතර වරිගයම යැපෙන්නේ මහජන මුදලින්. (ර)
මේ නෝනාව දැක්කම දුකත් හිතෙනවා.(හේ)
මේකේ අදහස් දාපුවා කියවන විට රට ගැන දුක හිතනවා මේවගේ අයනේ ඉස්සරහට ඡන්දය දෙන්නේනත් ඉන්නේ කියල. ආණ්ඩුව මේවගේ විවිද දේවල් ඉස්සරහට තියල අපේ අවදානය වෙන අතකට දල රට කැලි කැලි වලට දෙන්න පිඹුරු පත් හදල සම්මත කර ගන්නවා අපේ අය උසාවියෙන් දෙන්න තියන තීන්දු දිදී මඩ ගස ගස සතුටු සාගරේ කිමිදෙනවා. ඕව නෙවි රට ගැන හිතල දෙශාක් දොහින්ව අදුරගන්න බලන්න. (අ)
මේ මහජන මුදල් මංකොල්ල කෑම නිසා තමයි රටේ සාමාන්‍ය ජනතාව මත බදු බර පැටවෙන්නේ. අපේ රටේ මේ දේවල් කවදා නවතිවිද? (හේ)
මේ දේවල් වලට රටේ ජනතාවත් වගකිව යුතුයි (හේ)
උපාලි ඔබ හරි.(හේ)
හොරකම් කළේ නැත්නම් මුහුණ පෙන්නන්න පුලුවන් නේද ? (ම)
තවම වරදකාරියක වී නොමැත.(හේ)
රටේ ඉහළ අධ්‍යාපනය ලබපු දරුවන්ට රැකියා නැතුව දිනපතා පාරවල්වල රස්තියාදු වෙද්දී, දේශපාලකයන් පිනවන අය ලොකු පුටුවල (නි)
නාමල්ව බලන්න එ්කාබද්ධයෙන් එනවා. මෙයාලව බලන්න එන්න කවුරුත් නැහැ (නි)
අහිංසක මිනිස්සු කොච්චර දුක් විඳිනවද උදේට හවසට කෝච්චි වල බස්වල? ගමේ ළමයින්ට උගන්නන්න ගුරුවරු නැහැ. මහජන දේපල කොල්ලකෑම කවුරු කළත් අපරාධයක්. (නි)
එක එක්කෙනාගේ දේශපාලන අතකොලු නොවුණා නම් මේවා වෙන්නේ නැහැ නේද? (නි)
බලන් කඩතුරා හැර දෑසේ... (නි)
ලස්සනයි නම් තමයි. ඒත් වැරදි කළා නම් දැන් මොනවා කරන්නද? (නි)
ඔය අහුවෙන්නේ ටික ටික (නි)
දුක තමයි නෝනා! (නි)
මෙහි අදහස් පළකරන සමහර පාඨකයන් මහත් වූ ක්‍රෝධයකින් කතා කරන්නේ (නි)
අනේ එහෙම කියන්න එපා, නාමල් පවු. (නි)
මිනිසුන්ගෙන් හිර ගෙවල් පිරෙව්වා කියලා ජනතාවගේ හිතේ ආණ්ඩුවට ඇති අපුල නැතිවෙන්නේ නැත (නි)
මේ වගේ අයට අනුකම්පා කරන අය තවම ඉන්නවා. (නි)
මට මේක විශ්වාස කරන්නත් අමාරුයි (නි)