රජයේ දින සියයේ හොඳ වැඩවලට විපක්ෂය සහය දෙන නමුත් එහි තේරුම එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් වීමක් නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ බාර ගනිමින් කීවේය.
‘දැන් ජනපතිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. විපක්ෂ නායකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එහෙයින් මේ වැඩේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. දින සියයේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ රජයට සහාය දෙන්නේ රට දෙකඩ නොකරන ඊළමක් නොදෙන කොන්දේසි තිබේනම් පමණයි.‘
බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය , අභ්‍යන්තර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරුද මෙම අවස්ථාවට පැමිණ සිටියහ..





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ.(හේ)
දෙගොල්ලොම වැඩේ හරියට කෙරුවේ නැත්නම් ඊලග සැරේ ජේ වී පි එකට ආසන 30ක් වත් ගන්න පුළුවන් විදියට ජනතාව පෙළ ගැසෙයි. (අ)
වැරදි නේද ආණ්ඩුවේ ප්‍රදාන සංවිදායක ගයන්ත කරුණාතිලක මහතා. ජෝන් නෙවෙයි. (අ)
මෙතුමා ඒ වැඩේට කොහොමත් දක්ෂයි. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ යන විදියට දන්නෙම නැතිව විපක්ෂ නායකතුමාටත් අමාත්‍යාංශයක් භාර දෙන්නත් පුළුවන් වේවි (නදී)
දන්නේ නැති නිසයි අහන්නේ ? දැන් තියෙන ආණ්ඩුව මොකක්ද ? මට නම් නොතේරේ (නදී)
ඔබ තුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කරාවි යන විශ්වාසය ජනතාව තුල අැතත් සමහර මන්ත්‍රීවරු තමන්ගේ හොරකම වසාගෙන බල තණ්හාවට පක්ෂයේ ජනමතයට පිටුපා කටයුතු කරමින් බඩ වියත රැක ගන්නා හැටි පෙනී යනවා. තවදුරටත් පාක්ෂිකයා අසරණ කරන්නට ක්‍රියා කළහොත් සියලුම සාමාජිකයන් පක්ෂයෙන් හා තනතුරු වලින් ඉවත්ව ඉදිරි ඡන්ද ව්‍යාපාරය වර්ජනය කරන්න පෙළ ගස්සන බව කළුතර පාක්ෂික අපි තීරණය කරනවා . ජනතාව කිසිවෙක් පක්ෂය මෙතෙක් පාවා නුදුන් අතර මන්ත්‍රීවරුනට ඡන්දයදී තෝරා ගත්තේ එ් අයගේ පුද්ගලික න්‍යාය පත්‍ර වලට පමණක් කටයුතු කරන්නට නොවන බව සිහිතබා ගැනීම වටි (නදී)
මහත්තයෝ, පහුගිය දේවල් හරි ඉක්මනට අමතක වුණා වගෙයි නේද? (නි)