(අංජුල මහික වීරරත්න)
චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදා හැරීම මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.
අදාල ඩීසල් තොගය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා බවුසර් මගින් බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 122ක් රජය මගින් වැය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වී වගාවේ නිරත සෑම ගොවියකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන ප්‍රමාණයක් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටෙයාර් 01ක් වගා කරන ගොවියෙකුට හිමි වන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15කි.
මීට අවශ්‍ය මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම වසරට ලැබීමට නියමිත මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් අදාල මුදල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
774
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නොමිලේ දෙන ඉන්ධන බෙදන්න මිලියන 122ක් වැය වෙයි
ලුම්බිණි Monday, 23 January 2023 11:08 AM
ඩීසල් තොගය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට දීලා රුපියල් මිලියන 122ක් ගොවීන්ට දෙන්න...
රන්ජන් Monday, 23 January 2023 11:34 AM
දැන් ඔය ඩීසල් ලීටරයක් බෙදලා දෙන්න රුපියල් 20ක් විතර වියදම් වෙනවද ?