සරසවි පිවිසුම් සඳහා දෙවැනි වරට නිකුත් කළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ප්‍රතිඵලවලින් අඩු ආදාම් ලාභි ගමේ සිසුනට වූ අසාධාරණයෙන් ඔවුන් අසහනයට පත් වී සිටින නිසා සාධාරණය ඉටු කරන්නැයි ජනපතිගෙන් හා අධ්‍යාපන ඇමැතිගෙන් ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා තංගල්ලේ දී පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අහල අපේ බලලත් හිනා වෙනවා (දී)
වෙන රටකනම් අදාල ඇමති තුමා ඉල්ලා අස්වෙලා ...(නු)
ගමේ අයට විතරද ? කොලඹ අපිට... අඩු ලකුණු අරන් ගම්වල අය විශ්වවිද්‍යාලෙ සී තුනටත්... කොලඹ ඒ 3 ගත්ත අයත් ගෙදර...ඇයි අනේ මේක මාර දෙයක්නෙ.. මෙයාල මෙහෙ ඡන්දෙට ලකුණු දාගන්නවා..(නු)
ඡනදෙ ළග නිසාද මෙහෙම කරන්නෙ..?(නු)
අනේ නාමල් ඇමතිතුමනි, රටේ තිබෙන අනෙක් ප්‍රශ්නත් මෙලෙස කියා බලන්න. (නි)
නාමල් ඇමතිතුමෝ රටේ තව ගොඩක් ප්‍රශ්න තියෙනවා ..තාත්තටයි , බාප්පටයි කියල බලන්න (දී)
නාමල් මහත්තයෝ... ඕක හැමතැනම කිය කියා යන්නෙ නැතුව ඔයාගෙ තාත්තට කියන්නකෝ(නු)
නාමල් මහත්තයෝ අපි ගැන හිත උණු උන එකට පිං...!!(නු)
හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා.. සත් භාවයෙන් කරන්න යන වැඩවලට ඇගිලි ගහලා ඒවා අවුල් කරන්න හදන්න එපා..(නු)
අධ්‍යාපනය විනාශ වෙලා අවසානයි. (නි)
තාත්තට කියලා දරුවන් වෙනුවෙන් මේ දේ කරන්න ඔබට පුළුවන්. (නි)
ඉටසඩ් ස්කෝර් ක්‍රමය නැතුව වෙන සාමාන්‍ය ක්‍රමයක් යොදා ගත්තොත් හොද නැද්ද? (නි)
මේ විකාර ඉසෙඩ් ස්කෝර් නැතුව සිසුන්ගේ මූලික සුදුසුකම් වලින් ඔවුන් විශ්ව විද්‍යාලයට තෝරා ගැනීමට ක්‍රමයක් සකස් කරන්න. (නි)
ඔරවා කතාකරන්න තිබුනේ කලින් (දී)
හැමෝම මේ විදියට සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්ක කියලා ඇයි තේරුම් ගන්නේ නැත්තේ? (නි)
අනේ හොදයි. අහන්නත් සතුටුයි ....(දී)
ස්තුතියි.......(දී)
අහන්නත් සතුටුයි (දී)
කලු ගල් යට ගිහින් තිරිවානා ගල් මතුවෙන කාලයක අපි ඉන්නේ. (නි)
ඕක නිකම්ම නිකන් වචනෙකට සීමා කරන්න එපා.....සැබෑ දෙයක් වෙනවනම් ඒ ඇති.... (ස)
ජාතික ප්‍රශ්න මේවා (දී)
මම දන්න විදියට නම් ඉසෙඩ් ස්කෝර් එක ගණනය කරන්න මිනිස්සුන්ගේ ආදායම් වාර්තා බලපාන්නේ නැහැ. එයෙනම් ඇයි මේ කට්ටිය කියන්නේ මේකෙන් ගමේ ළමයින්ට අසාධාරණයක් වුණා කියලා? (නි)
පොහොසත් අයට නම් කමක් නැහැ.මොකද එයාලගේ ළමයි පිටරට වල විශ්ව විද්‍යාල වලනේ. ඒත් අපේ දුප්පත් ළමයි පිස්සන් වුණොත් අපි මොකද කරන්නේ? (නි)
මම කියන්නේ ළමයින්ට අසාධාරණයක් නොවෙන විදියට මුලින් තිබුණු ඉසෙඩ් ස්කෝර් එක අනුව ළමයින් මුලින් තෝරාගෙන තිබුණු විශ්ව විද්‍යාල වලට යන්න අවස්ථාව දෙන්න කියලයි. (නි)
ඉල්ලන්න ඕනේ නැහැ අනේ.ඕක තාත්තට කෙලින්ම කිවුවා නම් ඉවරනේ. (නි)
එහෙම යෝජනාවක්වත් කරලා මොකක් හරි විසදුමක් ලබාදෙන්න පුළුවං නම් ලොකු දෙයක්..(නු)
ඔබ තවම පුංචි වැඩියි මේ දේවල්වලට..!!(නු)
මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගත්තු අසරණ ළමයි පවු නේද? (නි)
ඔව් මොකක් හො විසඳුමක් දෙන්න....ළමයි අසරණයි.... (ස)
ඇමතිතුමාට නිවාඩු දීලාවද්ද? (නි)
එතකොට මේ ඉසඩ් ස්කෝර් ක්‍රමයේ අඩු ආදායම් ලාභීන් කියලා තව කොටසක් තියෙනවාද? මම හිතුවෙ පරණ විෂය නිර්දේශය සහ අලුත් විෂය නිර්දේශය කියලා විතරයි.. (නු)
'අපි ගහ හොද හැටි අදුරනවා' හොදේ. (නි)
වැරදි යැයි නිගමනය කළ ක්‍රමයකට ලැබූ ප්‍රතිපල සමග සසදා අලුත් ප්‍රතිපල අසාධාරණ යැයි කීමත් අසාධාරනයක් නේද? ඔහොම ගියොත් 2011 සිසුන් ගෙදරම තමයි. (නි)
බොහොම හොද අදහසක්..!!(නු)
ඕක ඔබතුමාට තමයි පහසුවෙන්ම කරන්න පුළුවන් වෙන්නේ..(නි)
මේවත් ඡන්ද ගුන්ඩුද මන්දා..(නු)
කොහොම හරී කමක් නැහැ ළමයින්ට සාධාරණයක් කරලා දෙන්න (දී)