නැගෙනහිර පළාත් සභාවට තේරී පත්වූ මන්ත‍්‍රීන්ගේ නම් මැතිවරණ කොමසාරිස් විසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරනතුරු පළාත් සභා පාලනය වෙනුවෙන් පක්‍ෂ ලේකම්වරුන් විසින් කැරෙන ඉල්ලීම් සලකා නොබලන බව නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම කියයි. පළාත් සභා නිති රීති අනුව තමා කටයුතු කරන බව ද ඔහු පවසයි.