නේපාලයේ ඇති වු භූකම්පනය නිසා එරට කොටු වී සිටින ශ්‍රී ලාංකිකයෝ 35 දෙනෙක් රැගෙන ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන්යානය ඊයේ නොපැමිණි අතර එය අද සවස් වන විට යළි මෙරටට ලඟා වීමට සැලසුම් කර ඇති බව වාර්ථා වෙයි.
අදාල ගුවන් යානය විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනෙක් ඇතුළු 48 දෙනෙකුගෙක් යුත් කන්ඩායමක් සහ සහනාධාරද රැගෙන ඊයේ අළුයම පහට නේපාලය බලා කටුනායකින් පිටත්ව ගියේය.
නේපාලයේ සිර වී සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෝ පිරිසක් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 35 දෙනෙක් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් එහි සිටිති.
අදාල ගුවන් යානය එම ශ්‍රී ලාංකික පිරිසද රැගෙන ඊයේ සවස 6 ට පමණ නේපාලයෙන් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබු මුත් යානයේ ඇති වු තාක්ෂණික දෝෂයක් මත යානය ගුවන් ගත නොකිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසූවේ අදාල තාක්ෂණික දෝෂය නිවරැදි කරගෙන අද යළි මෙරටට පැමිණීමට බලාපොරොත්තුවන වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහෙන් වැටිලා බේරුන මිනිහට ගොනා අනිනවද තව ටිකෙන්? (නදී)