ඉතාලියේ බ්‍රේසීයා නුවර සුපිරි වෙළෙඳ හලකින් කැප්කින් ඇසුරුම් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු මාස හතරක පරිවාස කාලයකට යටත් කරන ලෙස එරට අධිකරණයක් නියෝග කෙළේය. ඔහු සොරකම් කළ බඩු මල්ලේ වටිනාකම යුරෝ පනහකි. (රුපියල් අටදහසකි) මෙම නැප්කින් සොරාගත්තේ මුදල් අහේනිය නිසා බවත් ගෙවල් කුලිය ගෙවා ගැනීමට පවා මුදල් නැති බවත් මේ සොරාගෙන ඇත්තේ අලුත උපන් දරුවකු වෙනුවෙන් බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දැන්වීය.ඉතාලියේ කරිටාස් වැනි සමාජ සේවා ආයතන මගින් මේ වැනි දේ නොමිලේ ලබා ගත හැකියාව තිබිය දී එසේ සොරකම් කිරීමෙන් ශ්‍රි ලංකාවට අපකීර්තියක් අත්වන බව එහි ශ්‍රී ලාංකිකයෝ කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු තැන ඉදලා පෙඩි තැන වෙනකම්ම හොරු.. ලංකාව හොරුන්ට හරි ප්‍රසිද්ධයි.. (නු)
මුදල් නැතිකම තමයි මේවට මුල.. මිනිස්සු මොනවා කරන්නද....? (නු)
ජීවිතේට හොරකමක් නොකරපු කෙනෙක් ඉන්නවාද? අනුන්ගේ දේවල් හොයන්න නැතිව ඉන්න..!!(නු)
ඉතාලි සුපිරි වෙළද සැල් වල කැමරා නැද්ද? පුදුමයිනේ. (නි)
මොනම දෙයක්වත් හොරකම් කිරීම නරක දෙයකි. හොරකම් කිරීම පුද්ගල පරිහානියට හේතුවේ. මරණයේදීවත් සැනසිල්ලක් හිමි නොවේ . (නි)
ලංකාවේ ආශ්චර්ය කරා යන ගමනේ මේකත් එක අංගයක්ද? (නි)
මීට වඩා හොදයි ලංකාවට ඇවිත් හිගාකෑවනම්..!(නු)
සේරමට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඔන්න ඕකට.. පොඩි ළමයාව පාවාදීලා තමන් බේරෙන්න හදනවා.. ඕක තමයි ඇත්ත..!!(නු)
මුදල් යහමින් ඇතත් සොරකම් කරන තවත් බොහෝ පිරිස් මෙහි වෙති. (නි)
මේකට අදහස් දක්වන්න පෙර ඇත්ත සොයාබලන්න...(නු)
ගිය තැන ලංකාවෙ නමත් කනවා..!(නු)
බැංකු වලට වංචා කරලා රට ගිය කට්ටිය තමයි ලංකාවේ නම කැත කරලා තියෙන්නේ. (නි)
ඔය අසුවුණේ එකයි. නමුත් ඔය වගේ අය ගොඩක් ඉන්නවා.පස්සේ බොරු කියනවා. හොරකම හොරකමමයි.මෙහෙ ඉන්න අය බලන්නේ උපයන හැම සතයක්ම (එවුරෝ)ලංකාවට යවන්න. ජිවත් වෙන්න හොරකම් කරලා හරි බලනවා. උසාවිය ගත් තීරණය නිවැරදියි. ලංකාවට ඉතින් අපකීර්තිය තමයි. මේ රට තුළ ලංකාවට යම් කිසි පිළිගැනීමක් ඇත. (නි)
චී චී.... හරි ලෑජ්ජාවක් මුලු ලංකාවටම. (නි)
ලාල් ගලබඩ හරියට හරි. ඉතාලි ඉන්න අපි දන්නව අපෙ අය සුපර් මාකට් වලින් බඩු උස්සන හැටි. සල්ලි තියන අයත් පුරුදුවෙලා තියනව ඔය වැඩේට. අවශ්‍ය නම් නම ගම සහිතව කියන්නමි.
මෙහෙමත් මිනිස්සු (දී)
පිය සෙනෙහස දොරෙ ගලාගෙන ගියාදෝ ? (දී)
මිනිස්සු අසරණ වුණහම නොකරන දෙයක් නැත. (නි)
පව් අසරණ කමට තමයි එහෙම කරන්න ඇත්තෙ. හොරෙක් නම් ඔය වගේ පොඩි හොරකමක් කරන්නේ නැහැ... පව්..!(නු)
සමහරු දැන දැන වැරදි කරනවා..!(නු)
පහසුවටත් ලාභයටත් දැන දැන වැරදි කරනවා.. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා.. නැතිනම් හදලා කියනවා..!!(නු)
මීට වඩා හොද නැද්ද හිගා කෑවනම්..ලංකාවට ඇවිල්ලා.. ලංකාවෙ නමත් කැත කරනවා.. (නු)
මේ වෙන්නප්පුව පැත්තෙ කෙනෙක් වෙන්න ඇති..!(නු)
වෙන්නප්පුවේ කට්ටිය හොරකම් වලට නම් දරාපු අය. (නි)
හොරකම උනත් මට මෙයා ගැන දුකයි..!! ඇත්ත වෙන්න පුළුවං..!!(නු)
යන යන තැන අනාගන්නවානේ අපේ අය..!!(නු)