(රේඛා තරංගනී ෆොන්සේකා)
දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය නාඳුනන මළ සිරුරු 13 ක් ශිතාගාරවල තිබීම හේතුවෙන් අධික දුඟඳක්ද හමා යන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මෙම හඳුනා නොගත් මළ සිරුරු විශාල ගැටලුවක් වී ඇති බවයි.
විවිධ අනතුරු වලට ලක්ව ප්‍රදේශයේ පොලිස් ස්ථානයන්ගේ මැදිහත් වීමෙන් රෝහල් මෘත ශරීරාගාරයට ගෙන එන බව කියන මෙම සිරුරු රෝහලට ගෙන ඒමට කටයුතු කළ ද නැවත රැගෙන යාමට කිසිදු උනන්දුවක් නොදක්වන බව වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.
දෙහිවල,මොරටුව,වැල්ලවත්ත,පිළියන්දල,ගල්කිස්ස පොලිස් ස්ථානයන්ගෙන් මෙම මෘත ශරීර ගෙනැවිත් දමා ඇති බවත් මේවා හඳුනා ගැනීමේ දී සහ අවසන් කටයුතු සිදු කිරීමේදී නීතිමය ක්‍රියාවලියක් සිදු කළ යුතු නමුත් හැකි ඉක්මනින් මෙම සිරුරු ඉවත් කිරිමට කටයුතු කිරීම අදාල නිලධාරින්ගේ යුතුකමක් බවත් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳුනන, නාඳුනන දුප්පත් පොහොසත් සියලුදෙනාම මළාම එන්නේ දුගඳක් මිසක් සුවඳක් නොවේ. මල සිරුරක් කල් තබා ගත හැකි ශීතලක් සහිතව ෆ්‍රීසර් එක දුවවනවා නම් ඔය නාඳුනන මෘත ශරීර වලින් පමණක් එනවා කියන ගඳ නැති වේවි...
සෑම්, මළහම විතරක් නෙවෙයි. ජීවත් වෙලා ඉන්දැද්දිත් එන්නෙත් ගඳම තමා. බලන්නකෝ දවසක් දෙකක් නාන්නේ නැතුව ඉඳලා. ඕව වහගන්න තමයි සුවඳ විලවුන් තියෙන්නේ...
පොත්ත රතුවට තියාගෙන ඉන්න සමහර කාන්තාවෝ කට ඇරියම පළාතේ ඉන්න බැහැ.
අනන්‍යතාවය සොයා ගැනීම අපහසු නම් මුහුණ ටීවි එකෙන් රටට පෙන්නා ඥාතින් සොයා ගත හැකිය. තමන්ගේ ජීවිතය ගැන සිතා, මනුස්සකම ගැනත් හිතන්න.
අන්න පොළොන්නරුවේ මිනි 35 ක් දමන්න පුළුවන් මෘත ශරීරාගාරයක් හදලා. එ්ක හිස් කියලා ජනාධිපතිතුමා කිව්වා.. ඔය මිනී 13 එහෙට යැව්වා නම් දෙපැත්තේම ප්‍රශ්නේ විසඳෙනවා නේද?