IMG-LOGO

‘නන්දිට රට යන්න තවමත් බෑ‘

රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා තහවුරු කර ගැනීම සඳහා පින්නවල අලි අනාථාගාරයෙහි සිටි පස් හැවිරිදි ‘‘ නන්දි ’’ නමැති අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීම හෝ ඒ සම්බන්ධ කිසිදු පියවරක්  නොගන්නා බවට නීතිපතිවරයා අධිකරණය හමුවේ පළකළ  එකඟතාවය ලබන සැප්තැම්බර් 27 වැනිදා තෙක් ක‍්‍රියාත්මක වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (2) තීන්දු කළේය.

රතු දත්ත පොතටද ඇතුළත් දුර්ලභ ආසියානු අලි පරපුරකට අයත් පස් හැවිරිදි ‘‘ නන්දි ’’ අලි පැටවා නවසීලන්තයේ  ඕක්ලන්ඩ් සත්ත්ව උද්‍යානයට තෑගි කිරීම තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අනුව දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන විනිසුරුවෝ මෙම නියෝගය නිකුත් කළහ.

ධර්ම විජය පදනම , එහි සභාපතිවරයා , බෝධිරාජ පදනම , ඕමල්පේ සෝභිත හිමි , බෝවත්තේ ඉන්දරත්න හිමි ඇතුළු 18 ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

පොලිස්පති ,පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ අධ්‍යක්ෂ , වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 41 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

‘නන්දිට රට යන්න තවමත් බෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 284 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site