පේරාදෙණිය, කිරිබත්කුඹුර, නානුඔය ප්‍රදේශයේ නවාතැන් පලක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක ගණිකා සේවයේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවක් (27) හා එහි හිමිකරුද ඔහු සතුව තිබූ ගංජා මිලිග්‍රෑම් 2000 ක් සමග සමග තවත් සැකකරුවකුද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසියට ලැබුන තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ වැටලීමේදී එහි පැමිණෙන පුද්ගලයන්ට ගංජා අලෙවි කළැයි සැකකරන බවත් මාලඹේ ප්‍රදේශයෙන් මෙහි ගණිකා සේවය සඳහා තවන් කාන්තාවන් පැමිණ ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.
මෙහි හිමිකරු ගම්පොළ ප්‍රදේශයේ අයකු බවත් එම ස්ථානය කුලියට ගෙන මෙම ලැගුම්හළ පවත්වාගෙන ගොස් ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලි ග්‍රෑම් 2000 යි කියන්නේ ග්‍රෑම් දෙකයි. අයියෝ සල්ලි හොයන්න මදි (බ)
පොලිසියට කාන්තාවක් ගණිකාවක් වෙන්නේ ඇය මුදලක් අයකර සේවය ලබා දුන්නොත්. දුෂිත දේශපාලකයින්ට හා රජයේ උසස් තනතුරු දරන අය සේවා වේලාවන්හිදී කාන්තාවන්ගෙන් ලබාගන්න ලිංගික අල්ලස ඔය කියන නීති වලට අදාළ නොවෙන තාක් නම්බුකාර ගණිකා සේවය හා සේවනය නීතිවිරෝධී වෙන්නෙත් නැහැ, සදාචාරවිරෝධී වෙන්නෙත් නැහැ. (නි)
ලැගුම් හලක කාමරයකට ගණිකාවක් සමග ඇතුල් උනා කියල අත්අඩංගුවට ගන්නේ මොන නිතිය යටතේද ? (කේ)
කින් බෙනට්, බොහෝවිට පොලිසිය වැරදියි. නමුත් අහුවුණ අය නඩුව දුරදිග අරගෙන යන්නේ නැහැ. හේතුව විවාහ නොවී කාන්තාවක් සමඟ කාමරයක සිටීම සදාචාරවිරෝධී කියලා සමාජය සළකන නිසා. (නි)