(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 නිධානයකින් ගොඩ ගත් බව කියන් රුපියල් කෝටි 25 කට ආසන්න වටිනාකමකින් යුත් බව කියන රන් කිලෝ පහකට වැඩි ප්‍රමණයක කුට්ටිටක් සමඟ ගිරිබාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායෙ පුත්තලම කදවුරු භාර නිළධාරීන් විසින් යුද හමුදා බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව ප්‍රදේශයෙම පදිංචි සැකකරුවෙකු බව කියයි. 

 යුද හමුදා බුද්ධී ඒකකයෙ තොරතුරු මත උපාය දූතයකු  යොදවා රන් මිලදී ගන්නා මූවාවෙන් මෙම වැටලීම සිදු කර තිබේ.

නිධානයකින් ගොඩ ගත් බව කියන මෙම පාෂාණය නිවැරදි ලෙසම රත්‍රන් දැයි දැන ගැනිම සදහා මැණීක් හා ස්වර්ණාභණ  අධිකාරීයට ලබා දීමට කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.