( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රජය විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන ඇති මෙම පෙත්සමේහි වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කර ඇත.
සිය පෙත්සම මගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම තුළින් සිංගප්පූරු ජාතික වෘත්තීයවේදීන්ට නිදහසේ ශ්‍රී ලංකාව තුළට පැමිණ වෘත්තීය කටයුතු වල නිරත වීමට අවශ්‍ය අවකාශ සැලසෙන බවයි.
මෙම ගිවිසුමෙන් ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන්ට ලැබෙන වාසි ඉතාම අල්ප බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි.
මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන වෘතීයවේදීන්ගෙන් ලංකාවට මේ වෙනතෙක් වෙලා තියෙන සෙතක් නෑ. හැමදාම වුනේ ජනතාවට බරක්. ඒ ඒවට ඕනේතරම් කරුණු පෙන්නන්න පුලුවන්. ඒ නිසා ඔය එනවා කියන අය ආවත් වෙන්නේ හොඳක් මිස නරකක් නෙමෙයි. අනික දැන් නීති සංගමේ එකඑකාට එළිපිට කඩේ යන්න පටන් ඇරගෙන. ලැජ්ජයි...
නීතීඥ සංගමයේ ඇති බහුතරයක් පොදු මහජනතාවගේ යහපත කෙසේ වෙතත් දේශ ද්‍රෝහී හොර දෙටුවන්ගේ යහපත උදෙසා නොපැකිල ක්‍රියාත්මක වීමට සෑදී පැහැදී සිටින ප්රවතාවක් ඇති බව නම් විද්‍යමාන වේ.