
(යොහාන් භාසුර)
පරීක්‍ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 නිදහස් කිරීමට පෙර ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කළ අතර එම බහලුම් තුළ කිසිදු නීති විරෝධි දෙයක් අන්තර්ගතව නොතිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (8) පැවසීය.
එම බහලුම් පිළිබඳව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී අද (8) පැයවැති විශේෂ මාධ්‍ය හමුවේදී සීවලී අරුක්ගොඩ මහතා එසේ පැවසීය.
එම බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙන විත් නැති බවට තමන් විශ්වාස කරන බවත් එම ආනයනය කළ බහාලුම්වල කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ප්ලාස්ටික්, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය, මෝටර් රථ අමතර කොටස්, සත්ව ආහාර, මැෂින් වර්ග, පලිබෝදනාශක, සිමෙන්ති, යකඩ පයිප් වර්ග, පොහොර, සිමෙන්ති, දැව වගේ දේවල් අඩංගුව තිබුණු බවත් ඒ මහතා කීය.
ඉන්දියාව සහ චීනය යන රටවලින් එම බහලුම් වැඩි සංඛ්‍යාවක් ගෙන්වා තිබූ අතර ඊට අමතරව ඉන්දුනිසියාව, හොංකොංග්, සිංගප්පූරුව, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් ආනයනය කළ බහාලුම් ඒ අතර තිබූ බවත් එම බහලුම් නිදහස් කිරීමේදී රේගුව අනුගමනය කළ ක්‍රමවේදය කිසිඳු දෝෂයක් නොමැති යැයි විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.
එම බහාලුම්වල ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි තිබූ අතර එම භාණ්ඩ නිදහස් කිරීමේ ආනයන සටහන්වල සියලුම ලියකියවිලි පරීක්ෂා කර බහලුම් නිදහස් කළ බව කී අරුක්ගොඩ මහතා එම බහලුම්වල ආයුධ, රත්තරන්, මත්ද්‍රව්‍ය තිබෙන්නට ඇතැයි චෝදනා එල්ල වූ බව ද ඒ මහතා සඳහන් කළේය.
රේගුව තෝරාගැනීමට මෙම ක්‍රමවේද අනුගමනය කළ නිසා එම බහලුම්වල ඔය කියන කිසිම දෙයක් නොතිබුණෙු විශ්වාසයෙන් කියහැකි බව කී ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධව දැඩි කතා බහක් ඇති වී තිබීම නිසාම ශ්‍රී ලංකා රේගුව මේ සඳහා පශ්චාත් නිශ්කාශන විගණනයක් කිරීමට තීරණය කළ බවත්ය.
ඒ සඳහා පශ්චාත් නිගමන අංශයෙන් මේ වන විටත් විගණනයක් කරමින් සිටින අතර ඒ වගේම මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත්කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් ද සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයට ලක්කර තිබෙන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සියලුම නිලධාරීන් එම කමිටුවට ගොස් විස්තර දී තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් තොරතුරු දී තිබෙන නිසා ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
එම බහාලුම් නිදහස් කරගැනීමේ ක්‍රියාවලියේදී වෙනත් කිසිම පාර්ශ්වයකින් අණක් හෝ බලපෑමක් නොවුණේ බොහොම ස්ථීරවම කිවහැකි යැයි ෆැවසූ ඒ මහතා සඳහන් කළේ 2025 ජනවාරි මස 18 වැනිදා නිදහස් කළ බහාලුම් පිළිබඳව චොද්නා කරන අතර එදින නිදහස් කළ බහාලුම් අතර ආනයනයකරුවන් 180 දෙනෙක් සහ රේගු සටහන් අංක 234 ක් ආනයනකරුවන්ගෙන් ලැබුණු බවත්ය.
බහලුම් 371 කින් බහලුම් 309 ක් පමණක් නිදහස් කර අතර ඉන් 62 ක්ම රේගු දත්ත පද්ධතිය හරහා නිරායාසයෙන්ම නද්හස් වූ ඒවා බවත් ඒ අනුව කමිටුව හරහා බහලුම් 309 ක් පමණක් නිදහස් කර ඇති බවත් අරුක්ගොඩ මහතා කීය.
එම බහලුම්වල ආනයනකරුවන්ට අදාළ සියලු විස්තර රේගුව සතුව ඇති අතර ඔවුන්ගේ නම්, ලිපිනය, සමාගමක් නම් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කවුද, මේවා නිශ්කාශනය කළේ කවුද කියන සියලු විස්තර රේගුව සතුව තිබෙන බවත් තවද බහාලුම් අංක ආදී සියලු විස්තර අවශ්‍ය පාර්ශවයන්ට යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.
කුමන බහලුම් ද පරීක්ෂා කළ යුත්තේ මොනවාද පරීක්ෂා නොකළ යුත්තේ යැයි අපි අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් හරහා තෝරාගන්නා බවත් බහලුම්වලින් සියයට 60 ක ප්‍රමාණයක් පරීක්ෂා නොකර නිදහස් කරන බවත් ඒ මහතා පැවසීය.
පරීක්ෂා නොකර බහාලුමක් නිදහස් කරනවා කියන එක රේගුවට අලුත් දෙයක් නොවන අතර එය එදත් අදත් ඉදිරියටත් සිද්ධ වන අතර අවදානම මත තීරණ ගන්නා බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තිබුනේ මොනවාද? කවුද ආනයනය කළේ? කොපමණ බදු අයකළාද කියලා කියමුකෝ බලන්න...
එහෙනම් රතු ලේබල් ගැහුවේ අහවල් එකකටද? ලියකියැවිලි වල එකක් දාලා කන්ටේනර් ඇතුලේ වෙනත් දේවල් ගේන බව නොදන්න ඔයා බබෙක්ද හලෝ? ඕවා උසාවියේදී වමාරන්න වෙයි.
ඇයි ප්‍රකාශය මෙතරම් ප්‍රමාදද?
මේක මහජනතාව රවටලා රජයේ ඇමැතිව සුදු හුණු ගාන්න හදන තවත් බොරුවක්. කවුරු බලයට ආවත් මේ ආණ්ඩු මාෆියාව දේශපාලනඥයින්ට ප්‍රසිද්ධියේ කුණු රෙදි සෝදන්න ලෑස්තියි. කන්ටේනර් 323ක් පරීක්ෂා නොකර නිදහස් කරන්නේ කොහොමද කියලා නිසි සිහිකල්පනාවෙන් ඕනෑම කෙනෙකුට තේරෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්, සෞදි අරාබියෙන් එවන ලද ආහාර, භාණ්ඩ, පාවිච්චි කළ නිවාස අයිතම ඇති ඕනෑම බහාලුමක් ගෘහ සේවිකාවක් වැනි අහිංසක වැටුප් ලබන්නන් විසින් හොඳින් පරීක්ෂා කරනු ලැබේ. එහිදී, ඔවුන් ඔවුන්ගේ නියාමනය, ක්‍රියා පටිපාටි, ක්‍රියාවලින්ට ඇලී සිටිති. ඔබ කාව රැවටීමට උත්සාහ කරනවාද? අපි ඔබේ කුණු කතා පරිභෝජනය කිරීමට NPP වහලුන් නොවේ.
ඔබෙ ප්‍රකාශය කියන්නේ අවි ආයුධ නොතිබූ බව ඔබ විශ්වාස කරනා බවයි. ඔබ තවුරු කරන්නේ නැහැ...
ආ බොල... ඔබ විශ්වාස කරන එක අපිට වැඩක් නෑ.. හරියට කියන්න චෙක් කළාද නැද්ද කියලා...
මෙච්චර දවසක් පරක්කු වුනේ බිමල් ඇමැති කියන්න ඕනෑ ටික ගලපාගන්න කල් ඉල්ලුවාද?
එහෙමනම් ඇයි නිලධාරීන් රෙඩ් ලේබල් ගැහුවේ. පරීක්ෂා නොකර කොහොමද කියන්නේ නීති විරෝධී මොකුත් නැහැ කියලා.
අසේල, ඔබලාට අවශ්‍ය වෙන විදියට කතා වෙනස් කරන්න මේ රාජ්‍ය නිලධාරින් ඔහෙලාගේ අර වයිපර් එක වැඩ නොකරන අයගේ වහල්ලුද? මෙතුමා පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවශ්‍ය ප්‍රශ්න සේරම ඇහුවා, සේරම කිව්ව ඒකපිළිගන්න බැරි නම් ඔළුවෙන් හිට ගත්තත් කියන්න වෙන්නේ ඒකමයි. අවශ්‍ය අයට නිසි තොරතුරු දීලා, ඔබලාට අවශ්‍ය මෙතැන වංචාවක් වෙලා කියලා කාගෙන් හරි කියවා ගන්න... ඒකට අර පරම හතුරු අර්ජුනා වුණත් කමක් නැහැ...
සජබෙ අයට එල්ලෙන්න වැලක් හොයනකොට ඒකේ ආතල් කඩන්න එපා මහත්තයෝ...!
මහත්මයා අතීතෙට ගිහින් එම කන්ටේනර් ඇතුළට දාලා පෙන්නුවත් මේ විපක්ෂයේ අය ඕක පිළිගන්නේ නැහැ. අර මෙයාලාගේම භාෂාවෙන් කියන කොටි ඒජන්ත වන අර්ජුනා කියන එක තමයි පිළිගන්නේ...
අනේ අර්ජුනා ඔබ දෙවියෙකි..., ගිලෙන අපට එල්ලෙන්න පොටක් දුන්නාට පින්සිදු වේවා..!
ඩෝබි මහත්තයෝ එහෙම නම් අහවල් දේකට ඒවා වසන් කරගෙන නීතියෙන් පිට නිදහස් කරගත්තේ... කවදා හරි දවසක් එනවා මේවාට වගවෙන්න.
විපරමා කිව්වොත් කියන්නේ හරක් කතාවක්... හෝදන්නත් ක්‍රමයක් තියෙනවා. වහලා...
නොදන්නා නිසා අහන්නේ.. එතකොට අවි ආයුධ සහ තහනම් භාණ්ඩ ගේනකොට ඒක සඳහන් කරලාද ගේන්නේ? ඉතින් ඔය විදිහටම අනිත් ඔක්කෝම කන්ටේනර් නිදහස් කරන්න පුළුවන්නේ. මොකද ඒවාගේ තියෙන ඒවත් අනිවාර්යයෙන් සඳහන් කරලනේ ගේන්නේ...
යාල්පානමේ මී ගවයකුගේ රැලේ වැටුණු වල්ගේ පාගගත්තු පට්ටි ගොන් රැලක්...
ඉතින් ඕක කිව්වේ නැත්තේ ඇයි? ඔය භාණ්ඩ නිදහස්කළ වකවානුවේම ඒ ගැන මිනිස්සු කතා කළා, පත්තරවල ගියා, ඒත් කවුරුවත් කිසිදෙයක් සඳහන් කළේ නැහැ මොකක්ද ගෙනාවේ කියලා. දැන් ටික දවසකට කලින් ගම්මන්පිල මන්ත්‍රීතුමා ඇහුවාම ඒ ගැන කිසිඳු ලේඛනයක් නැහැ කියලා රේගුවෙන් දැනුම් දුන්නා කියලාත් කිව්වා. ඉතින් එහෙම නාඩගමක් නටලා දැන් කියනවා සිමෙන්ති, යකඩ පයිප්ප ගෙනාවා කියලා. අපි ඕක විශ්වාස කරන්න තරම් හාවෝ නොවෙයි මහත්තයෝ...!
පෙට්ටි අරින්නේ නැතිව ඇතුලේ තිබුනේ මොනවාද නොතිබුනේ මොනවාද කියන්නේ කොහොමද? කොලේ හරියටම හරිද? SCAN නැද්ද?
පව් බන් උඹල වගේ ගිරව්
එම බහාලුම් විවෘත කර බලන්නේ නැතුව නිදහස්කරන්න පුළුවන් කමක් තිබුණා නම්, ඔය තරම් විශ්වාසෙන් ඒවගේ තහනම් ද්‍රව්‍ය තිබුණේ නැහැ කියන්නත් පුළුවන් නම් , අහවල් කෙංගෙඩියකටද වරාය ඇතුළේ ඒවා තියාගෙන තදබදයක් හදලා පිට රටින් එන අනෙක් නැව් හරවලා යැව්වේ ?
හරියට ජනතාවට කියන්න අවුට්ද? නොටවුට්ද? කියලා... ඇඟිල්ල උස්සනවා. ආපහු පහතට දානවා... ඔයත් ඉන්දියාවේ අම්පයර් ලා වගේ...
ඩුබායි ගිහින් දුක් විඳලා අහිංසක මිනිස්සු තමුන්ගේ නෑයින්ට, පවුලේ අයට එවන නූඩ්ල්ස් පැකට් එක පවා කූරු ගාලා හොයන රේගුවේ මිනිස්සු කන්ටේනර් 323 ක් කිසිම පරීක්ෂාවක් නොකර පිට කරලා දැන් ඒක සාධාරණීය කරන්නත් හදන හැටි බලන්න. මේ මිනිස්සුන්ට මේ වගේ දූෂිත වැඩ කරලාම ලැජ්ජාව, බය ගිහිල්ලා...
ඇත්තමද ඔයා කියන්නේ? වගකීමෙන් කියන බොරුවක් නේද? තඹුත්තේගම බොනිකර තරුව වගේමයි.
කොහොමද ඔහොම විශ්වාසයෙන් බොරු කියන්නේ. විධායක බලතල සහිත දූෂිතයින් අල්ලන්න ආව ජනාධිපතිටත් කොකා පෙන්නපු බන්ධනාගාර නිලධාරීන් ඉන්න රටක, කෝලේ තියෙන දේවල්ම ගෙනාව කියන්නේ කොහොමද? යුද්ධ කාලේ කොටින්ගේ බඩූ ආවේ නැහැ කියන කතාවත් බොරු.
මොවුන්ගේ පැටිකිරිය අපි හොඳට දන්නවා. අයි මෙච්චර කල් ගත්තේ ඕක කියන්න මෙයත් හොඳ කුට්ටියක් අරගෙන වගේ. රේගුව කියන්නේ පගා ගුහාවක්...