පෙබරවාරි 4 වැනිදා වීරකැටියේ පැවැත්වීමට නියමිතව තිබු නිදහස් දින උත්සවය කොළඹ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී චාම් ලෙස බවත් වන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
වියදම් අඩු කර ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.
පෙබරවාරි 4 වැනිදා වීරකැටියේ පැවැත්වීමට නියමිතව තිබු නිදහස් දින උත්සවය කොළඹ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී චාම් ලෙස බවත් වන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
වියදම් අඩු කර ගැනීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් ඇති දේවල්වලට සල්ලි යෙදෙව්වොත් දුප්පත් මිනිස්සු ගැනත් අවධානය යොමු කරන්න පුළුවන් (දිල්)
අනේ ඔව්, අපේ සල්ලි නාස්තිකළ අය අපි පරාජය කළේ නැවත එම වැරැද්දම කරන්න නොවේ.ඔබතුමාට බොහොම ස්තුතියි (නි)
සුබ පුවතක්! ඉදිරියටත් ඔය වගේම සිදුවේවා! උත්සව කියන්නේ තාවකාලික පැය කිහිපයක වැඩක්නේ. ජයවේවා! (නි)
වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලය නිදහස් උත්සවය වෙනුවෙන් වෙනස්කරලයි තියෙන්නෙ. කරුණාකරලා ඒ ගැනත් බලන්න (නි)
අවුරුද්දකට නිදහස් දින කීයක් තියෙනවද? (අ)
හම්බන්තොට සංවර්ධනය උනා වගේ පොලොන්නරුවත් සංවර්ධනය කලයුතුයි. ඒවා යනකොට අරගෙන යන්න බැහැ. එ්ක නිසා දැන් පොලොන්නරුව සංවර්ධනය කරමු. මේවා රටක වෙන්න ඕන දේවල්. කන බනේම තමයි අපේ කට්ටියගේ ඔළුවල තියෙන්නේ. (නදී)
ඉතාමත්ම හොද දෙයක්. පුහු ආටෝප කිසිම අවස්ථාවකට වැඩක් නැහැ. මෙවැනි ඉතාමත්ම හොද දෑ හිතකාමී තීරණ ගන්න නව ජනාදිපති තුමා ඇතුළු සියලුම නිලදාරීන් හට තෙරුවන් සරණයි (නදී)
සුජිත්, නැව් එන්නෙ නැති වරායවල් හැදීම සංවර්දනයක් කියලා ඔයා හිතනවා නම් ඔයාගෙ ඔලුවේ අමාරුවක්. (නදී)
විස්තර නම් ගොඩයි. ඒත් මොනවා කරන්නද? (නි)
හොඳ ආදර්ශයක්. ඉතා හොඳයි (නදී)
ඉතා හොඳයි (නි)
ඇමතිතුමන්ගේ තීරණය ඉතාමත් යහපත්ය. (නි)
දැන් නැවතත් සියල්ල කොළඹට පමණද? අනේ අපි දකුණේ! (නි)
යුද සැණකෙළි නම් පෙන්වන්න එපා. මොකද මෙවන් දේවල් දකින අපේ යුරෝපයේ හැදෙන අපේ ළමයි අපෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු නැති නිසා. (නි)
දැන් ජනයා පළමුව තේරුම් ගන්නේ මේ කළ වෙනස්කමයි. 47 සිටම නිදහස් දිනය තිබුණේ කොළඹ නේද? (නි)
හේවගේ, නැව් එන්නේ නැහැ කියන්නේ කොහොමද? ප්‍රතිඅපනයනයන් විශාල වශයෙන් වෙනවා. අනික එකපාරටම ඒවා නැව් වලින් පිරෙන්නේ නැහැ.සැළකියයුතු කාලයක් යයි.ඒක නිසා ඇස් අමාරුවට ඔබතුමා බෙහෙත් ටිකක් ගන්න. (නි)
දිගටම මෙහෙම කළොත් අපිත් කැමතියි (නි)
රටක සංවර්ධනය කියල කියන්නේ ආර්ථික සංවර්ධනය විතරක් නෙවෙයි. මානව සම්පත් සංවර්ධනය සමාජයීය සංවර්ධනය ආදී වශයෙන් විවිධ පැතිකඩවල් තිබෙනවා. . සමහරුනට කන බනේම තමයි කියල දොස් කිව්වට, රටක ජනතාවගේ මුලික අවශ්‍යතාවක් වන පෝෂණය කියන එක උසස් මට්ටමක පැවතීමත් සංවර්ධනයේ එක ලක්ෂණයක්. සමහරු රටක සංවර්ධනය මැනීමේ මුලික නිර්නායකවත් මොනවද කියල හරියට දන්නේ නැතිව සංවර්ධනය අර්ථ දක්වන්න යනවා. (නදී)
වැඩි වියදමක් නැතුව ලස්සන පුංචි උත්සවයක් තිබ්බා නම් හරිනේ.(හේ)
නිදහස සැමරිය යුත්තේ සිඅලු මිනිසුන් අනාගත පරපුර වෙනුවෙන් තමන්ගේ අද දින කැප කරන්නට සිතු දිනකය (නදී)
බොරු සෝබන හොදටම ඇති (නදී)
අපිට බොරු සංදර්ශන එපා. ඒ සල්ලි වලින් දුප්පත් දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබාදෙන්න. චාම් උත්සවයක් පැවැත්වීම ඉතා හොඳයි. (නි)