දළඳා පෙරහරට සහභාගී වීම සඳහා නුවරට යන නඳුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා උපදෙස් දී ඇත.
මෙරට බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන දළදා පෙරහැරේ කරඬුව වඩමවන්නේ නඳුන්ගමුවේ රාජා ඇතාය. එම හස්තිරාජයා වනවිටත් නුවරට යෑම සඳහා ගමන් අරඹා ඇති අතර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ගමන් රථයක් හා හමුදා ආරක්ෂාවක් දීමට කටයුතු යොදා ඇත.
මේ පිළිබඳව ඇමැතිවරයා පොලිස්පතිවරයාට හා හමුදාපතිවරයාට පෞද්ගලිකව දැනුම් දී ඇති අතර ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා පශු වෛද්‍ය කණ්ඩායමක් මහනුවරට යවන ලෙස ද උපදෙස් දී ඇතැයි කියති.
COMMENTS
ඔබතුමාගේ ඉදිරිපත්වීම ඉතා අගේ කරමු. (නි)
අපේ ජාතික සම්පත් අපි රැක ගන්න ඹ්නි. (ර)
මේ නිකන් නම දාගන්න කියන කතා (බ)
ස්තුතියි සැමට (බ)
ඉතාම හොඳ ආරංචියක්. (බ)
එරංග, ඔයාගේ මොළය පොඩ්ඩක් පරික්ෂා කරගන්න (නි)
අපේ ජාතික සම්පතක් (අ)
ස්තුතියි සැමට (අ)
ප්‍රමාද වී හෝ මේ යහපත් ක්‍රියාවට උරදුන් සැමට තූති..! ශ්‍රී දළදා කරඬුව වැඩමවීමේ පිනෙන් හස්තිරාජයට මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට වාසනාව උදාවේවා..! (අ)
ඔච්චරම ඒ අහිංසක සතා ගැන දුකයි නම් ඒ සතුටට නුවරට යන්න වාහනයක් දෙන්න පුළුවන් නේ ? (බ)
ඉතාම හොද දෙයක් පාරේ වාහන ගොඩක් නිසා අලියට ආරක්ෂාව ඕනේ (අ)
එරංග ඔයා නැදුන්ගමුවේ ඇතා ගැන කවදාවත් අහල නැත්ද. ඔය ඇතා කවමදාකවත් වාහනයක ගෙනියන්නේ නැහැ. රට වටේම ඕනෑම පෙරහෙරකට යන්නේ පයින්. ඒ සතා කැමති නැහැ වාහන වල යන්න. පෙරහෙර කරන අයට වහනයක් දෙන්න අපහසු නැහැ. ආරක්ෂාව දෙන්නේ අපේ ජාතික සම්පතක් ඔය ඇතා. (අ)
තව ටික කලක් යනකොට තව මොන මොන සතුන්ටත් පොලිස් ආරක්ෂාව ලැබේවිද දන්නේ නැහැ! (නි)