2012 ජනවාරි 01 සිට මේ දක්වා නිදන් හෑරීම් ද ඇතුළුව පුරා වස්තු විනාශ කිරීමේ සිදුවීම් 241ක් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 608 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙකෝටි පනස්හත් ලක්ෂ විසිපන්දහසක් දඩ ගසා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පුරාවස්තු විනාශ කිරීම් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ උතුරුමැද පළාතෙන් බව ද, පුරාවස්තු 309ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද, ඒ අතර බුදුපිළිම 12ක් සහ දේව පිළිම 03ක් ඇති බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි. පුරාවස්තු විනාශයන් පිළිබඳ වැටලීම් දිගින් දිගටම සිදුකරන බවත්, නිදන් හෑරීම් හෝ පුරාවස්තු විනාශයන් ගැන තොරතුරු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ ප්‍රාදේශීය පොලිස් පුරාවිද්‍යා ආරක්ෂණ ඒකක වෙත හෝ දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි. දුරකතන අංක - ප්‍රධාන ඒකකය පුරාවිද්‍යා දේපාර්තමේන්තුව, කොළඹ දුරකතන අංකථ- 011-7222333 ක්ෂනික-011-2694727 ෆැක්ස්ථ-011-2694727 ප්‍රාදේශීය ඒකක මහනුවර 081-2234251 ත්‍රිකුණාමළය 026-2224952 අම්පාර 063-5683000 කුරුණෑගල 037-2230206 අනුරාධපුරය 0252224680
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අක්කරෙයිපත්තු වලත් ඩෝසර් කරනවා නේද? (නි)
හොරු හිටියේ මෙච්චර ද?
හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ක්‍රමය හොදයි. (නි)
වටින කියන නිධාන ටික හාරගෙන හරි, ඉතුරු ටික රැකගන්නවත් නීතියක් ගේන එක හොදයි. (නි)
දඩුවම හොඳටම මදි..(ස)
මරු හම්බකර ගැනීම නේ..(ස)
පොඩි අය ඕවා කරන්නේ නෑනේ....(ස)
මිනිසුන් වෙලා ඉපදීලා සංසාරේ ඔබලා යන්නේ නරකාදියේ යන පාරේ (ස)
ලොක්කන්ට හොඳනම් ඇයි පොඩ්ඩන්ට නරක....(ස)
අදාල ක්‍රියාමාර්ග ගත යුතුයි. (නි)
ඕවා ගත්තහම මොකද වෙන්නේ නිකන් තියෙන එකේ.(නදී)