2012 ජනවාරි 01 සිට මේ දක්වා නිදන් හෑරීම් ද ඇතුළුව පුරා වස්තු විනාශ කිරීමේ සිදුවීම් 241ක් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 608 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙකෝටි පනස්හත් ලක්ෂ විසිපන්දහසක් දඩ ගසා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පුරාවස්තු විනාශ කිරීම් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ උතුරුමැද පළාතෙන් බව ද, පුරාවස්තු 309ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද, ඒ අතර බුදුපිළිම 12ක් සහ දේව පිළිම 03ක් ඇති බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරයි. පුරාවස්තු විනාශයන් පිළිබඳ වැටලීම් දිගින් දිගටම සිදුකරන බවත්, නිදන් හෑරීම් හෝ පුරාවස්තු විනාශයන් ගැන තොරතුරු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ ප්‍රාදේශීය පොලිස් පුරාවිද්‍යා ආරක්ෂණ ඒකක වෙත හෝ දැනුම් දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි. දුරකතන අංක - ප්‍රධාන ඒකකය පුරාවිද්‍යා දේපාර්තමේන්තුව, කොළඹ දුරකතන අංකථ- 011-7222333 ක්ෂනික-011-2694727 ෆැක්ස්ථ-011-2694727 ප්‍රාදේශීය ඒකක මහනුවර 081-2234251 ත්‍රිකුණාමළය 026-2224952 අම්පාර 063-5683000 කුරුණෑගල 037-2230206 අනුරාධපුරය 0252224680
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිදන් හාරා දෙකෝටි පනස් ලක්ෂයක් දඩ කති
ආනන්ද පිටබැද්දර Friday, 21 September 2012 10:45 AM
මිනිසුන් වෙලා ඉපදීලා සංසාරේ ඔබලා යන්නේ නරකාදියේ යන පාරේ (ස)
රොහාන් Thursday, 20 September 2012 09:36 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අක්කරෙයිපත්තු වලත් ඩෝසර් කරනවා නේද? (නි)
අමිල කටුනායක Thursday, 20 September 2012 09:43 PM
හොරු හිටියේ මෙච්චර ද?
සුනිල් Friday, 21 September 2012 04:55 PM
ඕවා ගත්තහම මොකද වෙන්නේ නිකන් තියෙන එකේ.(නදී)
සේනානායක Thursday, 20 September 2012 11:05 PM
හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ක්‍රමය හොදයි. (නි)
චන්ද්‍රසිරි Friday, 21 September 2012 12:13 PM
ලොක්කන්ට හොඳනම් ඇයි පොඩ්ඩන්ට නරක....(ස)
වරුණ Friday, 21 September 2012 07:27 AM
වටින කියන නිධාන ටික හාරගෙන හරි, ඉතුරු ටික රැකගන්නවත් නීතියක් ගේන එක හොදයි. (නි)
ජයන්ත Friday, 21 September 2012 01:14 PM
අදාල ක්‍රියාමාර්ග ගත යුතුයි. (නි)
වරුණ Friday, 21 September 2012 09:21 AM
දඩුවම හොඳටම මදි..(ස)
ගයා Friday, 21 September 2012 09:17 AM
මරු හම්බකර ගැනීම නේ..(ස)
සරත් Friday, 21 September 2012 10:15 AM
පොඩි අය ඕවා කරන්නේ නෑනේ....(ස)