මන්නාරම මහේස්ත‍්‍රාත්ගේ නඩු තීන්දුවක් වෙනස් කිරීම සඳහා දුරකථනයෙන් තර්ජනය කර එසේ නොකළ නිසා මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගල් මුල් වලින් පහර දීමට ජනතාව සංවිධානය කළැයි කර්මාන්ත අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව නීතිඥවරු හත් දෙනෙක් (අද) 25 අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළහ. එම පෙත්සම මඟින් ඔවුන් ඉල්ලා සිටින්නේ අමාත්‍යවරයා උසාවියට අපහාස කිරීමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි. ජනාධිපති නීතිඥවරුන් වන ශ්‍රීනාත් පෙරේරා, ජෙෆ්රි අලගරත්නම් හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන සුනිල් කුරේ, ලාල් විජේනායක, චන්ද්‍රපාල කුමාරගේ, ඊ.සී.ෆෙල්ඩානෝ, නලනි කේ. වනතුංග යන නීතිවේදීහු එම පෙත්සම ගොනු කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ජය වේවා!
වරදට එරෙහිව නැගී සිටිනු (දී)
සැප්තැම්බර් පස්වනදාට කලින් මෙයාට ඇවිදින්න බැරි රෝගයක් සැදී ඉස්පිරිතාලයකට ඇතුලත් වෙනවා සිකුරුයි (දී)
වැරදි කාරයා කරලා එල්ලුම් ගස් යවන්න (දී)
රටක නීති අමතිලට ඕන විදිහට වෙනස් කරන්න බැහැ. රටක නීති කඩන්න හදන්න එන්න එපා. ඇමති නෙවෙයි, කව්රු උනත් කමක් නැහැ (දී)
දැන් ඕක ටිකක් යනකන් ඉදල නීතිපති මැදට පැනල වැඩේ වනසුවොත් මොකද කරන්නේ ? මොකද එහෙම අවස්ථා රැසක් පහුගිය කාලයේ සිද්ධ උනා නේ (දී)
පීඩාවට පත්වූ ධීවරයන හා ගම්වැසියන් ගැන බැලීමට කිසිකෙනෙක් නැත ජාතිවාදීව හා ආගම්වාදීව තවතවත් පාගාදැමීමක් ද විය හැකිය අසාධාරණයක් සිදුවූයේ කොහේද යන්නත් පරීක්ෂා කිරීමෙන් සාධාරණයක් ඉටකරන්නේනම් වඩා අගනේය 1990 සිට පීඩාවට පත් දුගී ජනතාව තවදුරටත් විනාශකිරීමට කරන ප්‍රයත්නයක් ද වියහැකිය අවශ්‍යවන්නේ පැලැස්තර නොව දිර්ඝකාලීන විසදුමකි(වි)
නැ, නැ, හතක් මදි ඉන්න ඔක්කොම නඩු දාන්න ඕනේ. (දී)
අන්න හරි බේරෙන්න දෙන්නම එපා. සාධාරණය ඉටු කරන්න. (දී)
අදාල පුද්ගලයින්ට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක නොවෙනවා නම් නඩු මගට බැස්සයි කියලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
නඩු දැම්මට වැඩක් නෑ..ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්...(ස)
ඔබතුමන්ලා කරපු දේ හරි.සෑම පුරවැසියෙකුම නීතියට ගරු කළ යුතුයි. (නි)
මෙතන ඉන්න එක්කෙනෙක් අපේ ඉඩම් නඩුවකට පෙනී සිටියා. අනේ, අපේ නඩුව පරාද වුණා. (නි)
බුදු අම්මෝ, මොකක්ද මේ වෙන්න යන්නේ? (නි)
අඩුගාණෙ හත් දෙනෙකුට හරි නැගී සිටින්න ශක්තියක් තිබුණා එහෙනම්........ (නි)
පිටකොන්දක් නැති නීතිවේදීන් සිටින යුගයක ඔබතුමන්ලා ගැන අපට ආඩම්බරයි. (නි)
උපරිම දඩුවම් ලබා දිය යුතුයි. (නි)
නඩු දාන්නෙ කොහොමද, නීතියට යටත් නැති කොට? (නි)
මේ වගේ අයනේ රට පාලනය කරන්නේ...(ස)
කෝ නීතිය ???? (ස)
නීතිඥයන්ගේ වෘතීය සමිති නායකයා කොහෙද?(නු)
ඔබතුමන්ලා හත් දෙනාට අපේ උපහාරය...... (නි)
මුල මතකයි, අග මතකයි , මැද මතක නෑ.....2012 වසරේ හොඳම කතාව...(ස)
ඒත් වැඩක් වෙයිද? (නි)
කෝ එතකොට කෑගහපු අනෙක් කට්ටිය? (නි)
වැඩක් නැහැ. සංඝයා වහන්සේලා වගේ නීති මහත්වරුත් දැන් දෙකට බෙදිලා ඉන්නේ. (නි)
නියමයි මහත්වරුනි, නියමයි. (නි)
බලමු කවුද ජය ගන්නේ කියලා.. (නි)
බොහොම කාලෙකින් අපේ නීති මහත්වරුටික වැදගත් වැඩකට අතගහල ...බොහොම හොඳයි.....(ස)
තාම ලංකාවෙ කොදු නාරටිය පණ තියෙන මිනිස්සු ඉන්නවා එහෙනම්....... (නි)
මෙතුමාගේ ආසනය කොහේද? (නි)