ලංකාවට නොපැමිණ මාස කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් භාණ්ඩ තොගයක් ඉරානයේ සිට කොළඹ වරායට එවීමටත්, එම භාණ්ඩ වෙනත් පුද්ගලයකු වෙත පැවරීමටත් ඇටර්නි බලපත‍්‍රයක් සහතික කර දෙන ලෙස කළ ඉල්ලීම ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ප‍්‍රතික්ෂේප කළ බව විදේශ අමාත්‍යාංශය කියයි.
හිටපු තානාපතිවරයා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට ගොස් මෙම ඉල්ලීම කර ඇති බවත්, එවැන්නක් සහතික කළ නොහැකි බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා උදයංග වීරතුංගට දැනුම් දී ඇති බවත් විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහීෂනි කොළොන්නේ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළාය.
ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම අවස්ථාවේදී උදයංග වීරතුංග මහතා සතුව තිබූ රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රය ඉල්ලූ නමුත් එය නොදෙන බවට වීරතුංග ප‍්‍රකාශ කර තිබෙන බව ද විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව කියා සිටියාය. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එම ගුවන් ගමන් බලපත‍්‍රය අවලංගු කළ බවත් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් ඒ රටවලට දැනුම් දී තිබෙන බවත් අමාත්‍යාංශ ප‍්‍රකාශිකාව කියා සිටියාය.
යුක්රේන කැරලිකරුවනට අවි විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කිරීමට සොයද්දී ඔහු ඉරානයට ගොස් ඇතැයි කියති. ඔහු සමග රුසියාවේ සිටි සහායකයකුගේ හදිසි මරණය ගැනද පොලිසිය සැකකරයි. ඔහුගේ සිරුර ගිය මාසයේදී ගොඩගත් පොලිසිය එහි කොටස් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට යැවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට පත්වීම් දුන්නු අයගෙන් ප්‍රශ්න කල යුතුයි. (ර)
ඉරානයේ සිට එවන භාණ්ඩ තොගය කුමක් විය හැකිද? පාවෙන අවිද? මේ මගෝඩි අල්ලන්ට කල්ප ගානක් යයි. (බ)
කට උත්තර දෙන්න කතාකළාම මගේ මව සහෝදරයා දේශපාලනයට ගාවගන්න එපා කියන අය ගැන කියන්න ඕනමයි. අපි තරයේ විශ්වාස කරනවා වගේම පැහැදිලි සාක්ෂි තිබෙනවා අර හදීසියේ මියගිය පුද්ගලයා මෙම අයථා ගනුදෙනු වල ප්‍රතිපලයක් කියා ....කරුණාකර බලන්න මොවුන් බලය තියාගෙන රටේ කර තිබෙන අපරාධ ගොන්න ..මේ දුෂණ වලට සම්බන්ද මහා එකාගේ ඉඳලා පොඩිඑකා දක්වාම ජම්පරයයි නොම්මරයයි අයිති වනතුරු ලොව කොහේ සිට හෝ සටන් කරමි (බ)
මේ අය තනතුරු වලට පත් කරපු මිනිස්සු අයෙමත් බලයට එන්න කෑ මොර දෙනවා. ඇයි මේ? වාසුට ,ගම්මන්පිලට, විමල්ට මේ යතාර්ථය තේරුම් ගන්න අවශ්‍ය නැහැ. බලයේ රැදෙන්නයි ඕනේ (ම)
චානක, අපිත් ඔබ සමඟයි. (නි)
ලංකාවේ තිබෙනවා නේද එක්තරා නීතියක් සැකකරු හොයාගන්න බැරිනම් ඔහුව සොයාදෙනතුරු ඔහුගේ ළඟම සම්බන්ධ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න ක්‍රමයක්...එසේ නම් ඉන්නවා නේද ඒකට ඕනෑතරම් පුද්ගලයන් ? (නි)
ජම්පරයටයි නොම්මරයටයි කැමති චානක ලොස් ඇන්ජලිස්ට ඒ අවස්ථාව ඉන්න තැනකදීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. (නි)
මේ හොරුන්ව පත්කළ අය කසාය බීපු ගොළුවෝ වගේ ඔහේ නොදන්නා ගානට ඉන්නවා. මේ තමා විලි ලැජ්ජා නැති වැඩ. (නි)
චෝදනා නම් දැන් සාක්ෂි ඇතුවම ඔප්පුවෙලා තියෙනවා. (නි)
මෙවැනි හොරු රකින අය ඊළඟ මැතිවරණයේදී ගෙදර යවලා හොද බුද්ධිමත් තරුණ පිරිසක් මොන පක්ෂෙන් හරි කමක් නැහැ පත්කරගන්න. තානාපති කාර්යාලට ආවා නම් මොහුව ඉරාන පොලිසියට බාරදෙන්න තිබුනා නේද? (නි)
කවදත් එඩිතරව ඉදිරියට එන ලොස් ඇන්ජලිස් චානකට අපගෙන් මල් මිටක්! (නි)
දැන් අපේ කට්ටිය කියයි "තවත් කෙනෙක්ගෙන් පළිගන්නවා. කෝ මේකට කලින් අරක කරන්න ඕනෑ" කියලා. (නි)
මේ පරීක්ෂණය අවසානයේ ඇත්ත හෙළිවේවි (නි)
මෙතරම් විශාල වරදක් කරලත්,බය නැතුව වෙනත් තානාපති කාර්යලයකට ගිහිල්ලා තියෙන්නේ කිසිම බයක් සැකක් නැතුවනේ. හිතාගෙන ඇති ජනවාරි 8 වෙනිදාට කලින් තිබුන පාලනයයි තවම තියෙන්නේ කියලා. (නි)
හිටපු තානාපතිවරයෙක් කියන්නේ මොනතරම් උසස්, නීතිය ගැන රටතොට ගැන දන්නා කෙනකේ වියයුතුද? තානාපතිවරු ලෙස ඉන්න කාලේ කොහොම වැඩ කළාද කියලා හිතාගන්න පුළුවන් මේවා දැක්කහම. මේ වගේ අය පත්කළ අයටයි පළමුව දඩුවම් දියයුත්තේ (නි)
අනේ! මෙන්න අපේ රටේ සිටි නල්ලමලේ තානාපතිලා. (නි)
ලොකු ලොකු තැන් වල සහ රාජ්‍ය ආයතන වල ලොකු පුටුවල ඉඳලා තියෙන්නේ මෙන්න මේ වගේ අය තමයි පහුගිය කාලේ. අදටත් ඒ බහුතරය ඒ පුටු වලම යෙහෙන් වැජඹෙනවා. ඒකයි දුක. (නි)
මේවා මඩ වෙන්න බැරිද? (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)
විජිත්, මේ කට්ට්ය බය නැහැ. ඒ කාලේ කරපුවැ හැටියට මේවා මොනවද කියලා හිතෙනවා ඇති. ප්‍රසිද්ධියේ පසුගිය ආණ්ඩුවට කඩේ ගිය නිලධාරින් අදටත් එහෙමම තමයි. කට පොඩ්ඩක් වහගෙන එච්චරයි. රට කනවා අදටත්. (නි)
හිටපු තානාපති, හිටපු ජාත්‍යන්තර උපදේශකලා, හිටපු මහලොකු නිලධාරින් ඔක්කොම එකයි වගේ නේද? (නි)
සමන්ති , එතකොට හිටපු තානාපතිවරයෙක් හැංගිලා ඉන්න එකත් මඩක්ද? (නි)
අපි ජාත්‍යන්තරය එක්ක සම්බන්ධ වෙන්නේ විදේශ සේවය හරහා. එහි සිටි ඉහළම නිලදරුවන් මෙහෙම නම් අන් අය ගැන කවර කතාද? අපේ රටේ විදේශ කියන නමට ඈඳුනු ආයතන වල තව තව මරු මරු කට්ටිය ඉන්නවා. (නි)
කවුද මේ පුද්ගලයාව තානාපති කෙනෙක් විදියට පත්කළේ? (නි)
"ලංකාවට නොපැමිණ මාස කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති" මේකම මොනතරම් ලැජ්ජා වියයුතු තත්වයක්ද රටට? (නි)
ඇමරිකාවත් යුක්රේනයේ යුද්දයට අවි සපයා ඇත......(ස)